slc
logo
Home   |    News
ජූනි 21, 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් ලද වාර්තාගත ලාභයට සාමාජිකයින්ගේ ඒකමතික අනුමැතිය

sinhala editor

2022 මූල්‍ය වසරේදී ලද බිලියන 6.3 ක වාර්තාගත ශුද්ධ ලාභයද සමඟ එම වර්ෂය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශනය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සාමාජිකයින් විසින් ඒකමතිකව අනුමත කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේදී උපයාගත් රුපියල් බිලියන 17.5 ක වාර්තා ගත ආදායමෙන් බිලියන 6.3 ක වාර්තාගත ශුද්ධ ලාභයක් උපයා ගැනීමට සමවිය. එය එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වර්ෂයක් තුළදී උපයා ගත් වැඩිම ශුද්ධ ලාභය ලෙසින්ද සටහන් වෙයි. මෙය 2022 වර්ෂයේ උපයා ගත් රුපියල් බිලියන 2.1 ක මුදල ශුද්ද ලාභයට වඩා 120 ක වැඩිවීමක් ලෙසින් සටහන් වේ.

ජුනි මස 17 වැනිද දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති අති විශේෂ මහ සභා රැස්වීමේදී මෙය සාමාජිකයින් විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා තිබෙන මෙම නවතම වර්ධනය ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට්, දේශීය ක්‍රිකට්, අනුග්‍රාහක කොන්ත්‍රාත්තු සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික සාමාජික ගෙවීම් ගාස්තු යන ආදායම් හතරකින් උපයාගෙන තිබේ.

2022 වසරේ දෙසැම්බර් මස 31 වැනි දිනෙන් අවසන් වුණු වසර සදහා ජාතික විගණන කාර්යලය විසින් ලබා දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන‌ේ කටයුතු සම්බන්ධයෙන් වැරදි සහගත කිසිවක් නොමැති බව සඳහන් වේ.

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest