slc
logo
Home   |    News
ජූලි 17, 2023
අසත්‍ය චෝදනා ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

sinhala editor

ආසියානු ක්‍රිකට් සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ පවත්වන ලබන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ක්‍රීඩකයකු රාත්‍රී ඇඳිරි නීතිය උල්ලංඝනය වන සේ කටයුතු කර ඇති බවට හිරු රූපවාහිනි නාළිකාව විසින් පළ කරන ලද පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ද්වේශ සහගත ලෙස ගොතන ලද ප්‍රවෘත්තියක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් සදහන් කර සිටියි.
ඉකුත් ජූලි 16 වැනිදා හිරු ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුරදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ක්‍රීඩකයකු සාදයකට සහභාගිවෙමින් ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටින හෝටලය වෙත පැමිණීම වෙනුවෙන් පනවා ඇති ඇඳිරි නීති කාලය උල්ලංඝනය වන ලෙසට කටයුතු කරන ලද්දේ යැයි හිරු රූපවාහිනී නාළිකාව විසින් ප්‍රචාරය කරන ලද අතර ඊට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උක්ත කරුණු පැහැදිළි කිරීම සිදුකර තිබේ.
මිතුරකු විසින් කරන ලද ආරාධනයකට අනුව අදාළ ක්‍රීඩකයා ජූලි මස 15 වැනිදා උපන්දින සාදයකට සහභාගිව තිබේ. එම සාදයට සහභාගිවීමට පෙර එම ක්‍රීඩකයා විසින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ කලමනාකරුගෙන් අනුමැතිය ලබා ගැනීමට පියවර ගෙන තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් කරුණු අනාවරණය කර සිටියි. එමෙන්ම සාදයට සහභාගිවීමෙන් අනතුරුව එම ක්‍රීඩකයා ඇඳිරි නීති කාලයට පෙර නවාතැන් ගෙන සිටින හෝටලයට පැමිණ තිබෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් කරුණු සඳහන් කර සිටියි.
කණ්ඩායම් කලමනාකාරීත්වය විසින් නියම කරන ලද ඇඳිරි නීති කාල වේලාව පිළිබඳව කිසි දැනුමක් නොමැතිව, ඒ පිළිඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් හෝ කරුණු තහවුරු කර ගැනී‌මකින් තොරව පළ කරන ලද මෙම අසත්‍ය ප්‍රවෘත්තිය නිවැරදි කොට පළ කරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හිරු රූපවාහිනී නාළිකාවට උනන්දු කරවා සිටියි.
වැදගත් ජාත්‍යන්තර තරගාවලියක් පැවැත්වෙන අතරතුරදී නියමිත නිවැරදි කිරීමක් හරහා කණ්ඩායමේ මෙන්ම එම ක්‍රීඩකයින්ගේ කීර්ති නාමය සුරැකෙන අතරම එය ඔවුන් තව දුරටත් ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කරවීමට උපකාරී වනු ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශ්වාසය වී තිබේ.

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest