slc
logo
Home   |    News
ජූලි 10, 2023
තරගයක් ඉතිරරිව තිබියදීම නවසීලන්ත ක්‍රීඩිකාවෝ විස්සයි-20 තරගාවලිය ජය ගනිති

sinhala editor

සංචාරක නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර කොළඹ පී. සරා ඔ්වල් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකා පිලට එරෙහිව කඩුලු 8 ක ජයක් අත්කර ගැනීමට නවසීලන්ත ක්‍රීඩිකාවෝ අද (10 දා) සමත්වූහ. ඒ අනුව තරග 3 කින් සමන්විත දෙරට අතර පන්දුවාර විස්සයි-20 තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජය වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

පළමු තරගයේ පරිදිම පිතිකාරිණියන් දැක්වූ දුර්වල පිතිහරඹය මෙම තරග පරාජයට හේතු විය. කාසියේ වාසිය අහිමිවීම නිසා සංචාරක කණ්ඩායමේ නායිකාවගේ ආරාධනයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 118 ක් පමණි. එය හඹා යෑමේදී දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59 ක සම්බන්ධතාවක් ගොඩ නැංවූ සසී බේට්ස් සහ ඇමේලියා කර් ජයග්‍රහනය සදහා ශක්තිමත් පදනමක් එක් කළහ. ඒ අනුව නවසීලන්ත ජයග්‍රහණය කඩුලු 8 ක ජයක් ලෙසින් වාර්තා වූයේ ලකුණු පුවරු‌වේ පන්දු 8 ක් ඉතිරිව තිබියදීය.

වැඩිම ලකුණු ලාභිණිය වූ සුසී බේට්ස් පන්දු 53 කදී ලකණු 52 ක් රැස් කළාය. ඇයට අමතරව නොදැවී කඩුල්ලේ රැදී සිටි කර් පන්දු 33 කදී ලකුණු 33 ක් ලබා ගත්තාය. අභියෝගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ රැඳවීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකිවීම නිසා පන්දු යවන්නියන්ටද තරගයේ වෙනසක් කිරීමට නොහැකි විය. පන්දු යැවීමේදී කවීෂා දිල්හාරි සහ ඉනෝකා රණවීර පමණක් කඩුල්ල බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේදීම නායිකා චමරි අතපත්තු දුවද්දී දැවී යෑම දැඩි පාඩුවක් විය. ඉක්මන් ලකුණක් කරා යෑමට චමරිට අවශ්‍ය වුවත්, අනෙක් අන්තයේ සිටි විශ්මි ගුණරත්න ඒ සදහා සූදානම් නොවීමේ අනිසි ප්‍රතිඵලය වූයේ නායිකාවට ලකුණු 02 ක් ලබා සිටියදී පිටියෙන් ඉවතට යෑමය. කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨම පිතිකාරිණිය වන චමරි අතපත්තුට කඩුල්ලේ රැදීමට නම් විශ්මිට අවශ්‍ය වූයේ සීමා ඉරෙන් ඉදිරියට පැමිණීමට පමණක් වුවත් ඒ අවස්ථාව චමරිට ලබා නොදීම ඇය කටයුතු කිරීම විමතිය දනවන සිදුවීමක් විය.

තම නායිකාවට එම අවස්ථාව ලබා නොදුන්නද විශ්මිටද ලකුනු අතරට පැමිීමට නොහැකි විය. ලියා ටහහුගේ පන්දුවක් කඩුල්ලේ වැදීම නිසා විශ්මි ලකුණු 07 කට දැවී ගියාය. පිතිකරණ අනුපිළිවෙළේ වෙනසක් සිදුකරමින් අංක 4 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි කවීසා දිල්හාරි ලකුණු නොලබාම දැවී යන විට ශ්‍රී ලංකා ඉනිම ලකුණු 14 කට කඩුලු 3 ක් වශයෙන් අසරණ විය. කෙසේ වෙතත් පුහුණු තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කරමින් කණ්ඩායමට පැමිණි හසිනි පෙරේරා පන්දු 36 කදී ලකණ 33 ක් ලබා ගනිමින් හර්ෂිතා සමඟ එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67 ක සම්බන්ධතාවක් පවත්වමින් හ්‍රී ලංකාව අසීරුතාවයෙන් මුදවා ගත්ය.

පන්දුවාර 4 කදී ලකුණ 21 කට කඩුලු 4 ක් දවා ගති ලියා ටහුහු තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානයෙන් පිදුම් ලැබුවාය.

ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 6 කට ලකුණු 118 යි – (හසිනි පෙරේරා 33, නිලක්ෂි ද සිල්වා 22, අනුස්කා සංජීවනී 18*, හර්ෂිතා සමරවික්‍රම 23, ලියා ටහුහු 21/4, ඊඩ්න් කාසන් 15/1)

නවසීලන්තය පන්දුවාර 18.4 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 119 යි – (සුසී බේට්ස් 52, ඇමේලියා කර් 33*, බර්නඩීන් බෙසුඩින්හවුට් 24, කවීෂා දිල්හාරි 22/1, ඉනෝකා රණවීර 28/1)

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest