slc
logo
Home   |    News
ජූලි 15, 2023
පාකිස්තානයට කඩුලු 4 ක ජයක්

sinhala editor

ආසියානු නැඟී එන ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් යුතුව ආසියානු ක්‍රිකට් සම්මේලනය මේ දිනවල ශ්‍රී ලංකාවේ සංවිධානය කරන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (14) කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති පාකිස්තාන – නේපාලය ක්‍රිකට් තරගයෙන් පාකිස්තානයට කඩුලු හතරක ජයක් අත්විණි.

මේ තරගයේදී මුලින් පන්දුවට පහර දුන් නේපාලය පන්දුවාර 15.4ක් වන විට ලකුණු 72කට කඩුලු 8ක් දැවී තරගය දිවා ආහාරයට පෙර නිම වන ලකුණු පහළ කර තිබුණත් නේපාලයේ නවවන සහ දසවන (අවසාන) කඩුලු දෙකට පිළිවෙළින් ලකුණු 58ක් සහ 49ක් රැස් කිරීමෙන් තරගය සවස 3.30 දක්වාම දීර්ඝ විණි.

මේ සබඳතා දෙක මත නේපාලයට ලකුණු 179ක් වැනි ඉහළ සංඛ්‍යාවක් කරා යෑමට පමණක් නොව ප්‍රබල පාකිස්තානයට තියුණු තරගයක් ලබාදීමට ද ඔවුනට අවස්ථාව උදා විණි.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් නේපාල  කණ්ඩායම පන්දුවාර 37කදී සියලු පිතිකරුවන් දැවී රැස් කළ ලකුණු 179 හඹායෑමේදී පාකිස්තානය ද පන්දුවාර 32.5ක් ගතවන විට ලකුණු 181ක් රැස් කරද්දී ඔවුනගේ ද කඩුලු හයක්ම දැවී තිබිණි.

නේපාලය මුලින් පන්දුවට පහර දෙද්දී පාකිස්තාන ආරම්භක වේග පන්දු යවන්නන් දෙදෙනා ෂානාවාස් ධානි (38/5) සහ මුහුම්මඩ් වසම් (51/4) එවන ලද වේග පන්දු හමුවේ නේපාල කඩුලු අටක්ම මුළු ලකුණු 72කදී දැවී ගියේ පන්දුවාර 15.4ක් පමණක් යවා තිබියදී ය. මේ අවස්ථාවේදී අංක නවය පිතිකරු සොම්පල් කාමි තම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් පන්දු 101කට මුහුණ දී හතරේ පහර නවයක් සහ හයේ පහර දෙකක් සමඟ ලකුණු 75ක් ද අංකය දහය පිතිකරු ප්‍රතිශ් ජී සී පන්දු 24ක දී හතරේ පහරක් හයේ දෙකක් සමඟ ලකුණු 26ක් ද රැස් කරමින් තරගයේ ස්වරූපය වෙනස් කිරීමට සමත් විණි.

නේපාල කණ්ඩායමේ නවවන කඩුල්ලට සොම්පල් කාමි සහ අංක දහය පිතිකරු ප්‍රතිස් ජී සී ලකුණු 58ක සබඳතාවයක් ද දසවන කඩුල්ලට සොම්පල් සහ ලලිට් නාරායන් ලකුණු 49ක සබඳතාවයක් ද තබා ගනිමින් කණ්ඩායම අසීරු තත්ත්වයෙන් ගොඩ ගත්හ. පාකිස්තානය වෙනුවෙන් ප්‍රබල පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 38කට කඩුලු පහක් දවාලු ෂානාවාස් ධානි තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරිණි.

පාකිස්තානය පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ අංක හතර පිතිකරු මුහුම්මඩ් ටායාබ් පන්දු 67කදී හතරේ පහක් සමඟ ලකුණු 51ක් රැස්කර වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. මීට අමතරව ඕමාර් බින් යසාෆ් ලකුණු 36ක් ද තම්රාන් ගුල් ලකුණු 31ක් ද රැස් කළහ.

පාකිස්තාන ඉනිමේ හොඳම සබඳතාව වූයේ තෙවන කඩුල්ලට ඔමාර් බින් සහ මුහම්මඩ් ටායා එක් කළ ලකුණු 64 වේ.

නේපාලය පන්දුවාර 37කදී සියලු පිතිකරුවන් දැවී 179යි (සොම්පල් කාමි 75, ප්‍රතිශ් ජී සී 26, ආජුන් සාවුඩ් 17, කුසල් මල්ලා 17, ගුල්සාන් කුමාර් 13, මුහම්මඩ් වසම් 51/4, ෂානාවාස් ධානි 38/5).

පාකිස්තානය කඩුලු 6ට 181යි (පන්දුවාර 31.5) – (මුහුම්මඩ් ටායාබ් 51, ඕමාර් බින් 36, කම්රාන් ගුලාම් 31, ලලිට් නාරායන් 50/3, පවන්සා රාෆි 15/2)

 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee