slc
logo
Home   |    News
ජූලි 19, 2023
පාකිස්තානු ‘ඒ’ පිල ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ අවසන් පූර්ව ප්‍රතිවාදීන් වෙයි

sinhala editor

ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නැගීඑන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලිය යටතේ වැඩිම ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් තරගය බවට පත් වුණු ඉන්දියානු ‘ඒ’ කණ්ඩායමත් පාකිස්තානු ‘ඒ’ කණ්ඩායමත් අතර මූලික වටයේ තරගයේදී කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය ‘ඒ’ කණ්ඩායම අද (19 දා) රාත්‍රියේ සමත්විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 48 කදී ලකුණු 205 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ. එම ඉලක්කය හඹා යෑමේදී කිසිදු අපහසුවකින් තොරව කඩුලු 8 ක ජයක් ඉන්දීය ‘ඒ’ කණ්ඩායම ඉදිරියෙන් සනිටුහන් වන විට ලකුණු පුවරුවේ පන්දු 80 ක් එහෙම්මම ඉතිරිව තිබිණ.

ශහාන්වාස් දහානිගේ පන්දුවකට සායි සුදර්ශන් එල්ල කරන ලද හයේ ප හරත් සමඟ තරග‌යේ ජයග්‍රහණය පමණක් නොව සුදර්ශන්ගේ ශතකයද සම්පූර්ණ විය. පන්දු 110 කදී වාර්තා වුණු ලකුණු 104 ක සදර්ශන්ගෙ ඉනිම හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 කින් සමන්විත විය.

ඉලක්කය හඹා යෑමේදී පළමු කඩුල්ලට එක් වුනු සායි සුදර්ශන් සහ අභිෂේක් ෂර්මා ලකුණු 58 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. දෙවැනි කඩුල්ල වෙනුවෙන් නිකින් ජෝස් සමඟ එක් වුණු සුදර්ශන් තවත් ලකුණු 99 ක් එක් කළේ තරගයේ කිසිම වාසියක් ප්‍රතිවාදී පන්දු යවනනන්ට ලබා නොදෙමිනි. ජෝස් පන්දු 64 කදී ලකුණු 53 ක් ලබා ගත්තේ හතරේ පහර 7 ක් ද සිය ඉනිමට ඇතුළත කරමිනි.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ පාකිස්තානු කණ්ඩායමට එය වැරදි තීරණයක් බව ඒත්තු ගැනීමට ගත වූයේ තරගයේ සිව්වැනි පන්දුවාරය පමණි. පළමු කඩුලු 2 ම මුලු ලකුණු සංඛ්‍යාව 09 ක්ව තිබියදී දවා ගැනීමට රජ්වර්ධන් හැංග්‍රගකර් සමත්වූවේය.

පාකිස්තානු පිතිකරුවන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් රජ්වර්ධන් පන්දුවාර 8 කදී නිලකුණු පන්දුවාරයක් ද සමඟ කඩුලු 5 ක් දවා ගත්තේය. ඊට අමතරව මානව් සුතාර් ලකුණූ 36 කට කඩුලු 3 ක් දවා ගනිමින් පාකිස්තානුවන්ව අසීරුවට පත් කළේය.

මෙම ජයග්‍රහණයත් සමඟ ඉන්දීය ‘ඒ’ කණ්ඩායම අර්ධ අවසන් වටයේ තරගයට ලබන 21 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාගණයේදී බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම සමග තරග වදිද්දී ‘ඒ’ කාණ්ඩයෙන් පෙරමුණට පැමිණි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත් පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම සමඟ පී. සරා ක්‍රීඩාංගණයේදී සිය අර්ධ අවසන් තරගයට ක්‍රීඩා කරනු ඇත. මෙම අවසන් පූර්ව තරග දෙකෙන් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය දිවා රාත්‍රී තරගයක් ලෙසින් ක්‍රියාත්මක වේ.

‌රටවල් 8 කගේ සහභාගිත්වයෙන් පැවැති මෙම නැගීඑන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ලබන 23 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙනු ඇත.

  • පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 48 කදී සියලු දෙනා දැවී ලකුණු 205 යි – (සිහීබ්සදා ෆර්හාන් 35, , හසීබුල්ලා ඛාන් 27, කසීම් අක්‍රම් 48, මුබාසිරී ඛාන් 28, මෙහරාන් මුම්ටාස් 25*, රාජ්වර්ධන් හැංගර්ගකර් 42/5, මානව් සුතර් 36/3)
  • ඉන්දියානු ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 36.4 කදී කඩුලු 2 ක් දැවී ලකුණ 210 යි – (සායි සුදර්ශන් 104*, අභිෂේක් ශර්මා 20, නිකින් ජෝස් 53, යුෂ් දුල් 21*)

 

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරක ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා අතින් තරගයේ වීරයා සම්මානය සායි සුදර්ශන් ලබා ගත් අවස්ථාව.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee