slc
logo
Home   |    News
ජූලි 21, 2023
බංග්ලාදේශය පැරදවූ ඉන්දීය ක්‍රීඩකයෝ පාකිස්තානයට එරෙහි අවසන් සටනට සුදුසුකම් ලබති

sinhala editor

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කොට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් යුතුව පවත්වනු ලබන නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ලකුනු 51 ක ජයක් වාර්තා කළ ඉන්දීය ‘ඒ’ කණ්ඩායම ලබන 23 වැනිදා පාකිස්තානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද (21 දා) රාත්‍රියේ සමත්විය.

බංග්ලාදේශ නායකයාගේ ආරාධනයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 49.1 කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 211 කි. මෙහෙදි හසන්, ටැන්සිම් හසන් සහ රකිබුල් හසන් කඩූලු 2 බැගින් දවා ගනිමින් ඉන්දීය පිතිකරුවන් අසීරුවේ දමද්දී නායකත්වයේ ඉනිමක් දියත් කළ යෂ් දුල් වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 66 ක් රැස් කරගත්තේය.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හඹා යෑමට පැමිණි බංග්ලාදේශ පිතිකරුවන් අතරින් ආරම්භක පිතිකරු ටන්සිඩ් හසන් සහ මොහොමඩ් නයීම් සාර්ථක ආරම්භයක් ලබා ගත් බැවින් 18 වැනි පන්දුවාය වන විට බංග්ලාදේශ පිල කඩුලු 2 කට ලකුණු 94 ක තරම් ප්‍රභල ස්ථානයක පසුවිය. එහෙත් ඉන්දීය ඉනිමේ වැඩිම කඩුලු ලාභියා වූ නිහාන්ට් සිදූ විසින් හසන්ගේ කඩුල්ල දවා ගැනීමත් සමඟ බංග්ලාදේශ ඉනිමේ කඩා වැටීම ඇරඹිණ.

මැද පෙළින් පැමිණි සයිෆ් හසන් (22) සහ හසන් ජෝයි (20) ලකුණු රැස් කිරීම නිසා 25 වැනි පන්දුවාරය වන විට බංග්ාලාදේශ පිල ලකුනු 123 ක් දක්වා ඉදිරියට පැමිණියේය. එහෙත් සයිෆ් හසන් දැවී යෑමත් සමඟ බංග්ලාදේශ ඉනිම නිමාවීමට ගත් වූයේ පන්දු 58 ක් පමණි.

කැපී පෙනෙනම පන්දු යවන්නා වූයේ නිහාන්ත් සිදූ වන අතර ඔහු ලකුණු 20 කට කඩුලු 5 ක් බිඳ හෙළුවේය. ඔහුට අමතරව මානව් සුතාර් කඩුලු 3 ක් බිඳ හෙළද්දී දෝදියා සහ ෂර්මා එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

පන්දුවට පහර දීමට අසීරු තනතීරුවේදී ලකුණු 60 ක් ලබා ගනිමින් අවසන් පිතිකරුවා ලෙසින් දැවී ගිය යෂ් දුල් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේය.

නැගීඑන කණ්ඩායම් අතර ආසිසියානු කුසලාන අවසන් මහ තරගයේ එදිරිවාදීන් බවට පත්ව සිටින ඉන්දීය ‘ඒ’ කණ්ඩායමත් පාකිස්තානු ‘ඒ’ කණ්ඩායමත් මූලික වටය යටතේ මුණ ගැසුණු අතර එහිදී පාකිස්තානය පරදා ජය වාර්තා කිරීමට යෂ් දුල්ගේ නායකත්වයෙන් යුතු ඉන්දීය ඒ ක්‍රීඩක‌යෝ සමත්වූහ.

ක්‍රිකට් පිටියේ ප්‍රබලම එදිරිවාදීන් ලෙස සැලකෙන ඉන්දියාව සහ පාකිස්තානු ඒ කණ්ඩායම් අතර අවසන් මහ තරගය ලබන 23 වැනි ඉරිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයෙක් ලෙසින් පැවැත්වේ. එම තරගය ප.ව. 2.00 ට ආරම්භ වීමට නියමිතය.

ඉන්දියානු ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 49.1 කදී සියලු දෙනා දැවී ලකුණු 211 යි – (යෂ් දුල් 66, සායි සුදර්ශන් 21, අභිෂේක් ෂර්මා 34, රියාන් පරාග් 12, මානව් සුතාර් 21, ආර්. හැගර්ගෙකාර් 15, මෙහෙදි හසන් 39/2, හසන් සකීබ් 58/2, රකිබුල් හසන් 36/2)

බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 34.2 කදී සියලු දෙනා දැවී ලකුණු 160 යි – (මොහොමඩ් නයීම් 38, ටන්සිඩ් හසන් 51, සායි‌ෆ් හසන් 22, හසන් ජෝයි 20, මෙහෙදි හසන් 12, නිහාන්ට් සිදූ 20/5, මානව් සුතාර් 32/3)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee