slc
logo
Home   |    News
ජූලි 15, 2023
බංග්ලාදේශ ‘ඒ’ පිලට පහසු ජයක්

sinhala editor

නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය ලෙසින් කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති ඕමාන ‘ඒ’ පිලට එරෙහි තරගයේදී කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම අද (15 දා) පස්වරුවේ සමත්විය.

වේග  පන්දු යවන ජන්සිම් හසන් සකීබ්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පළමුව පන්දුවට පහර දුන් ඕමාන කණ්ඩායමට පන්දුවාර 46 ක් අවසනදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 126 ක් පමණි. ඔ්මාන කණ්ඩායම වෙනුවෙන් ශබෝ පල් (25), ෂොයෙබ් ඛාන් (23), අයාන් ඛාන් (26) සහ කාශ්‍යප් ප්‍රජාපතී (22) පමණක් ලකුණු 20 සීමාව ඉක්මවා යවද්දී ඔවුන් ඒ සදහා වැඩි පන්දු සංක්‍යාවකට මුහුණ දී තිබිම විශේෂත්වයක් විය.

මොවුන් සිව්දෙනා එක්ව ලකුණු 96 ක් එක් කළද ඒ සදහා ඔවුහු පන්දු 200 ක් වැය කර තිබීම කැපී පෙනිණ. පස්වැනි  පන්දුවාරයෙ සිටම රිපොන් මොන්ඩොල් කඩුලු දඩයම ඇරැඹූ නමුත් ටන්සිම් හසන් සකීබ් ඉනිමේ කැපී පෙනෙම පන්දු යවන්නා බවට පත්වූවේය. පන්දුවාර 9 කදී ලකුණු 18 කට කඩුලු 4 ක් දවා ගත් ටන්සිම් මෙම තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

ලකුනු 127 ක පහසු ඉලක්කයක් හඹා යෑම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ටන්සිඩ් හසන් සහ මොහොමඩ් නයීම් එක් පළමු කඩුල්ල සදහා ලකුණු 100 ක ශක්තිමත් පදනමක් එක් කළහ. පන්දු 76 කදී වාර්තා වුණු එම සම්බන්ධතාවයේදී හසන් හයේ  පහර 2 ක් සහ හතරේ පහර 11 ක් සමඟින් පන්දු 49 කදී ලකුණු 68 ක්ද නයීම් පන්දු 42 කදී ලකණු 47 ක්ද රැස් කළහ. හතරේ පහර 7 ක් ඇතුළත් වුණු නයම්ගේ ඉනිම තරගය නිමා වන තෙක්ම නොබිඳිව පැවැතිණ.  ඕමාන  පිල වෙනුවෙන් පන්දු යැවීමේදී අකීබ් ඉල්යාස් පමණක් ලකුණු 17 කට කඩුලු 2 ක් බිඳ හෙලුවේය.

මාන ‘ඒ’ පන්දුවාර 46 කදී කඩුලු සියලු දෙනා දැවී ලකුණු 126 යි – (ශබෝ පල් 25, ෂොයෙබ් ඛාන් 23, අයාන් ඛාන් 26, කාශ්‍යප් ප්‍රජාපතී 22, ටන්සිම් හසන් සකීබ් 18/4, රකිබුල් හසන් 32/2, රිපොන් මොන්ඩොල් 18/1, මෙහෙදි හසන් 29/1, මහමුදුල් හසන් ජෝයි 21/2)

බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 16.3 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 130 යි – (ටන්සිඩ් හසන් 68, මොහොමඩ් නයීම් 47*, සකීර් හසන් 11, අකීම් ඉල්යාස් 17/2)

Md Tanzim Hasan Sakib of Bangladesh A receives Player of the Match award during the presentation of the ACC Men’s Emerging Teams Asia Cup 2023 cricket match between Bangladesh A and Oman A at the Singhalese Sports Club, Colombo, Sri Lanka on July 15, 2023.
Photo by: Deepak Malik / Creimas / Asian Cricket Council

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest