slc
logo
Home   |    News
ජූලි 11, 2023
සුදුසුකම් ලැබීමේ හොඳම 11 දෙනා අතරට ශ්‍රී ලංකාවෙන් 3 ක්

sinhala editor

මෙම වසර අගදී ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා සිම්බාබ්වේහිදී පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයින් අතුරින් නම් කරන ලද හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

මෙම තරගාවලිය නියෝජනය කරන ලද කණ්ඩායම් වල ක්‍රීඩකයින් අතුරින් 11 දෙනෙකු නම් කර තිබෙන අතර එහිදී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක, පා දඟ පන්දු යවන වනිඳු හසරංග සහ පිට දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණ එම ක්‍රීඩකයෝ බවට පත්ව සිටිති.

මෙම තරග වාරයේදී ඉනිම ආරම්භ කළ පැතුම් නිස්සංක ශතක 2 ක් සමඟින් ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 69.5 ක් රඳවා තබා ගනිමින් මුලු ලකුණු 417 ක්ද වනිඳු හසරංග කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 12.9 ක් රඳවා තබා ගනිමින් කඩුලු 22 ක්ද මහීෂ් තීක්ෂණ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 12.23 ක් රඳවා ගනිමින් කඩුලු 21 ක් ද ලබා ගනිමින් එම ස්ථාන තහවුරු කර ගැනීමට සමත්ව සිටිති.

සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී නම් කරන ලද කණ්ඩායම

  1. පැතුම් නිස්සංක ලකුණු 417 යි
  2. වික්‍රම්ජිත් සිං (නෙදර්ලන්තය) – ලකුණු 326 යි කඩුලු 6 යි
  3. බ්‍රෙන්ඩන් මැක්මුලන් (ස්කොට්ලන්තය) – ලකුණු 364 යි කඩුලු 13 යි
  4. සෝන් විලියම්ස් (සිම්බාබ්වේ) – ලකුණු 600 යි කඩුලු 3 යි
  5. බස් ඩී ලීඩ් (නෙදර්ලන්තය) – ලකුණු 285 යි කඩුලු 15 යි
  6. සිකන්දර් රාසා (සිම්බාබ්වේ) – ලකුණු 325 යි)
  7. ස්කොට් එඩ්වර්ඩ්ස් (නෙදර්ලන්තය) – ලකුණු 314 යි
  8. වනිඳු හසරංග – කඩුලු 22 යි
  9. මහීෂ් තීක්ෂණ – කඩුලු 21 යි
  10. ක්‍රිස් සෝල් (ස්කොට්ල්නතය) – කඩුලු 11 යි
  11. රිචඩ් න්ගරාවා (සිම්බාබ්වේ) – කඩුලු 14 යි

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee