slc
logo
Home   |    News
ජූලි 17, 2023
අසත්‍ය චෝදනා ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

sinhala editor

ආසියානු ක්‍රිකට් සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ පවත්වන ලබන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ක්‍රීඩකයකු රාත්‍රී ඇඳිරි නීතිය උල්ලංඝනය වන සේ කටයුතු කර ඇති බවට හිරු රූපවාහිනි නාළිකාව විසින් පළ කරන ලද පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ද්වේශ සහගත ලෙස ගොතන ලද ප්‍රවෘත්තියක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් සදහන් කර සිටියි.
ඉකුත් ජූලි 16 වැනිදා හිරු ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුරදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ක්‍රීඩකයකු සාදයකට සහභාගිවෙමින් ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටින හෝටලය වෙත පැමිණීම වෙනුවෙන් පනවා ඇති ඇඳිරි නීති කාලය උල්ලංඝනය වන ලෙසට කටයුතු කරන ලද්දේ යැයි හිරු රූපවාහිනී නාළිකාව විසින් ප්‍රචාරය කරන ලද අතර ඊට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උක්ත කරුණු පැහැදිළි කිරීම සිදුකර තිබේ.
මිතුරකු විසින් කරන ලද ආරාධනයකට අනුව අදාළ ක්‍රීඩකයා ජූලි මස 15 වැනිදා උපන්දින සාදයකට සහභාගිව තිබේ. එම සාදයට සහභාගිවීමට පෙර එම ක්‍රීඩකයා විසින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ කලමනාකරුගෙන් අනුමැතිය ලබා ගැනීමට පියවර ගෙන තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් කරුණු අනාවරණය කර සිටියි. එමෙන්ම සාදයට සහභාගිවීමෙන් අනතුරුව එම ක්‍රීඩකයා ඇඳිරි නීති කාලයට පෙර නවාතැන් ගෙන සිටින හෝටලයට පැමිණ තිබෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් කරුණු සඳහන් කර සිටියි.
කණ්ඩායම් කලමනාකාරීත්වය විසින් නියම කරන ලද ඇඳිරි නීති කාල වේලාව පිළිබඳව කිසි දැනුමක් නොමැතිව, ඒ පිළිඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් හෝ කරුණු තහවුරු කර ගැනී‌මකින් තොරව පළ කරන ලද මෙම අසත්‍ය ප්‍රවෘත්තිය නිවැරදි කොට පළ කරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හිරු රූපවාහිනී නාළිකාවට උනන්දු කරවා සිටියි.
වැදගත් ජාත්‍යන්තර තරගාවලියක් පැවැත්වෙන අතරතුරදී නියමිත නිවැරදි කිරීමක් හරහා කණ්ඩායමේ මෙන්ම එම ක්‍රීඩකයින්ගේ කීර්ති නාමය සුරැකෙන අතරම එය ඔවුන් තව දුරටත් ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කරවීමට උපකාරී වනු ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශ්වාසය වී තිබේ.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee