slc
logo
Home   |    News
ජූලි 23, 2023
‘පුංචි හදවත්’ බේරගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ‘Little Hearts’ සමඟ අත්වැල් බැඳ ගනියි

sinhala editor

සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලිය හරහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ‘ලිට්ල් හාර්ට්ස්’ ව්‍යාපෘතියේ මූල්‍ය අරමුදල තර කිරීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ඔස්සේ මෙම මස 30 වැනිදා කොළඹදී ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හරහා රිජ්වේ ළමා රෝහලේ ඉදිවන හදවත් රෝග ඇති දරුවන් ඉක්මනින් හඳුනා ගැනීම වෙනුවෙන් ඉදිවන Cardiac and Critical Care සංකීර්ණයට අවශ්‍ය අරමුදල් රැස් කිරීම සිදුකෙරෙනු ඇත.

මෙරට වාර්තා වන වැඩිම ළමා මරණ සංඛ්‍යාවකට හේතුවන හදවත් රෝග, ඉතා ඉක්මනින් හඳුනා ගනිමින් ඔවුනට අවශ්‍ය ප්‍රතීකාර ලබාදීමට මෙම සංකීර්ණය හරහා හැකියාව හිමිවනු ඇත.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය කාලයේදී ක්‍රිකට් ක්‍රීඩාවට පමණක්නොව, ඉන් ඔබ්බට ගොස් රටට අවශ්‍ය උපකාර ලබා දීමට හැකි මාර්ග පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. මෙය අපේ ජාතියේ අනාගතය වෙනුවෙන් දරන නවතම උත්සාහයක්” යැයි මෙම වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දක්වමින් ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකාව තුළ උපත ලබන දරුවන් 1000 දෙනෙකුගෙන් දරුවන් 10 දෙනෙකුම පළමු උපන්දිනයට පෙරම හෘදයාබාධ හේතුවෙන් මිය යන බව ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතිය සදහන් කර සිටියි.

මේ අතර මෙම වැඩසටහ පිළිබඳව අදහස් දක්වා සිටින ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කරන සමන්ත දොඩන්වෙල මහතා සදහන් කර සිටියේ, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හරහා මෙම කාර්යයට අරමුදල් රැස් කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බවයි.

“Little Hearts වැඩසටහනට විශාල අවධානයක් ලබා දෙමින් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි පවත්වන්න සැලසුම් කරගෙන සිටිනවා. ‘Bat and Bowl for Little Hearts’ සංකල්පය යටතේ අපි එම කාර්යයට අරමුදල් රැස් කරන්න සූදානම්” යැයි දොඩංවල මහතා සඳහන් කර සිටියි.

කල්තියාම ළමා රෝහලේ Cardiac and Critical Care සංකීර්ණය ඉදිකිරීම හරහා ශ්‍රී ලංකාවේ ළදරු මරණ සඳහා බලපාන ප්‍රධානතම හේතුවක් ඉවත් කිරීමට විශාල හැකියාවක් උදාවන බව සෞඛ්‍ය බලධාරීන්ගේ මතය වී තිබේ.

“මෙවැනි සංකීර්ණයක් රිජ්වේ ආර්යා ළමා රෝහලට ඉක්මනින් අවශ්‍ය වෙනවා. ඒක අපේ රටේ සෞඛ්‍ය පද්ධතියට ඉතා වැදගත් දෙයක්. මෙවැනි වැඩසටහනක් හරහා මේ වටිනා සංකීර්ණයක් ලබාදීමට ඉදිරියට පැමිණීම ගැන අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තුතිවන්ත වෙනවා” යැයි ළමා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජී. විජේසූරිය මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වැනි අදියර ජූලි මස 30 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන අතර එය අගෝස්තු 20 දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස සහ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත.

 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee