slc
logo
Home   |    News
ජූලි 18, 2023
බංග්ලාදේශ ‘ඒ’ පිල ඇෆ්ගනිස්තානු ‘ඒ පිල ගෙදර යවයි

sinhala editor

බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර වනාතමුල්ල පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ අද (18) පැවැති ආසියානු කුසලාන එමර්ජින් කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ ‘ඒ ‘ කොටසේ තරගයෙන් බංග්ලාදේශය ලකුණු 21කින් ඇෆ්ගනිස්තානය පරාජය කරනු ලැබීය.

මුලින් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7කට රැස් කළ ලකුණු 307ට පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තානය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළේ ලකුණු 287කි. තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ ලකුණු 100ක් රැස් කළ බංග්ලාදේශ කණ්ඩායමේ මහ්මඩුල් හසන් ජෝයි ය.

ඇෆ්ගනිස්තානය ලකුණු 309ක් ලබා ජය ගැනීමේ අපේක්ෂාවෙන් පිටියට පිවිසි පසු ඔවුනට පන්දුවාරයකට අවශ්‍ය සාමාන්‍ය ලකුණු ප්‍රමාණය ඉක්මවීමට ඉනිම පුරාම අවස්ථාව උදා නොවීය.

ලකුණු හඹා ගිය ඇෆ්ගනිස්තානය වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවා වූයේ ආරම්භක පිතිකරු රියාස් හසන් පමණි. ඔහු ලකුණු 78ක් බද්දී බාමිර් ෂා නොදැවී ලකුණු 53ක් ද , නුර් අලි සද්‍රාන් ලකුණු 44ක් ද  නායක ෂාහිඩුල්ලා කමල් ලකුණු 44ක් ද ලකුණු රැස් කරමින් දක්ෂතා අතරට පිවිසියහ.

ඔවුනගේ හොඳම සබඳතාවයන් වූයේ දෙවන කඩුල්ලට රියාස් හසන් සහ නුර් අලි එක් කළ ලකුණු 90 සහ සිව්වන කඩුල්ලට සායිඩුල්ලා කමල් සහ බාහිර් ෂා එක් කළ ලකුණු 70 සබඳතාවය වේ.

බංග්ලාදේශය කාසියේ වාසිය දිනා තීරණය කළේ මුලින්ම පන්දුවට පහරදීමටය. බංග්ලාදේශය පන්දුවාර 5.5ක් වන විට ටන්සිඩ් හසන් (09) මොහමඩ් නයිම් (18) සහ නායක සයිෆ් හසන් (04) මුළු ලකුණු 34ක් වන විට කඩුලු තුනක්ම දැවී පත්ව සිටියේ අසීරු තත්ත්වයකටය.

මේ තත්ත්වයෙන් ගොඩ ඒමට ඔවුනට හැකි වූයේ සිව්වන සහ පස්වන කඩුලු අතර සබඳතාවයන් දෙකය. සිව්වන කඩුල්ලට අංක තුන පිතිකරු ෂකීර් හසන් ( 62) සහ අංක පහ පිතිකරු මහ්මඩුල් හසන් (100) පන්දු 129කදී ලකුණු 117ක් රැස් කරමින් ද පස්වන කඩුල්ලට මහ්මඩුල් හසන් සහ සෞම්‍ය සාකර් (48) පන්දු 82කදී ලකුණු 79ක සබඳතාවයක් ද තබා ගනිමින් තම කණ්ඩායම ප්‍රබල අයුරින් තරගයට අවතීර්ණ කර ගැනීමට මුල් වූහ.

මෙහිදී ප්‍රධාන භූමිකාව ක්‍රියාත්මක කළ මහ්මඩුල් පන්දුවාර 46.2ක් වනතුරු කඩුල්ල ආරක්ෂා කර ගනිමින් හත්වන පිතිකරු ලෙස දැවී යන තෙක්ම සාර්ථක සබඳතා තුනක්ම ගොඩ නැඟීමට මුල්ව ක්‍රියා කළේය. මොහු කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා ලෙස ලකුණු 100ක් රැස් කළේ පන්දු 114කදී හතරේ පහර 12ක් සහ හයේ පහර තුනක් සමඟය.

ෂකිර් හසන්දු 72කදී හතරේ හයක් හයේ දෙකක් සමඟ ලකුණු 62ක් ද සෞම්‍ය සාකර් පන්දු 42කදී හයේ තුනක් හතරේ තුනක් සමඟ ලකුණු 48ක් ද රැස් කරමින් එම සබඳතා දෙකට තම දායකත්වය ලබා දුන්හ.

බංග්ලාදේශ ඉනිම අග භාගයේදී මෙහෙඩි හසන් වේගවත් ප්‍රහාර කිහිපයක් එල්ල කරමින් නොදැවී ලකුණු 36ක් ලැබුවේ පන්දු 19කදී හයේ පහරක් සහ හතරේ පහර හයක් සමඟිනි. ඇෆ්ගනිස්තානයේ සාර්ථකම පන්දු යවන්නා වූ මොහමඩ් සලිම් ලකුණු 65කට කඩුලු හතරක් දවාලුවේය.

බංග්ලාදේශය කඩුලු 7ට 308 (පන්දුවාර 50යි) – (මහ්මඩුල් හසන් 100, සකී හසන් 62, සෞම්‍ය සාකර් 48, මෙහෙඩි හසන් නොදැවී 36, මොහමඩ් සලීම් 65/4, සියා උර් රෙහ්මන් 41/1).

ඇෆ්ගනිස්තානය පන්දුවාර 50දී කඩුලු 8ට 287යි  ( රියාස් හසන් 78, ෂහිඩුල්ලා කමල් 44, බාමිර් ෂා නොදැවී 53, නුර් අලි සඩ්රන් 44, ෂකිබ් හසන් 67/3, සෞම්‍ය සාකර් 61/2යි).

 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar