slc
logo
Home   |    News
ජූලි 28, 2023
LPL සිව්වැන්නට එන ජැෆ්නා පිලේ ‘බර අවි’

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම කණ්ඩායම කවුරුන්ද යන්න කිවහොත් ජැෆ්නා කිංග්ස් එහි අංක 1 ට එනු ඇත. මන්ද යත් මෙතෙක් පැවැති තරගාවලි 3 දීම ඔවුන් ශූරතා කුසලාන ජයග්‍රහණය කිරීමට සමත්ව සිටින බැවිනි. තිළිණ කණ්ඩම්බි ප්‍රධාන පුහුණුකාරීත්වය දරනු ලබන ජැෆ්නා කිංග්ස් පිල මෙවර තරගාවලියට පිවිසෙන්නේ ද තිසර පෙරේරාගේ නායකත්වය යටතේය.

නිරන්තරයෙන්ම අවධානයට ලක්වන කණ්ඩායමක් බවට පත්ව සිටින ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙවර තරගාවලියේදී ජාත්‍යන්තර පිටියේ දක්ෂතම ක්‍රීඩකයින් තෝරා ගෙන සිටියි. ඒ අතරට දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඩේවිඩ් මිලර් ඉදිරියෙන්ම පසුවන්නේය.

එල්.පී.එල්. ඉතිහාසයේ ක්‍රීඩකයින් තේරීම වෙනුවෙන් පැවැති පළමු වෙන්දේසියේදී වැඩිම මුදලක් ක්‍රීඩකයින් මිලදීි ගැනීම වෙනුවෙන් වියදම් කළ කණ්ඩායම ලෙසින්ද ජැෆ්නා කණ්ඩායම ඉදිරියෙන් සිටියි. එමෙන්ම ක්‍රීඩකයකු මිලදී ගැනීමේදී වැඩිම මුදල වියදම් කළ කණ්ඩායම වන්නේද ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වේ. ඔවුන් වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංකගේ සේවය ලබා ගැනීම වෙනුවෙන් වැය කරන ලද මුදල ඩොලර් 92,000 කි. එය ශ්‍රී ලංකා මුදලින් නම් රුපියල් කෝටි 3 ඉක්මවන අගයක් ලෙසින් සටහන් වේ.

නිමාවට පත් වුණු දේශීය තරග මාලාවන්වලදී මෙන්ම දකුණු අපිකානු ‘ඒ්’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී පන්දු යවන්නකු ලෙස මදුශංක ‌වඩා වැඩි විශ්වාසනීයත්වයක් දිනා ගැනීමට සමත්ව ඇති ක්‍රීඩකයෙකි. ඔහුට අමතරව ජැෆ්නා කණ්ඩායම සතුව ලොව ෆ්‍රැන්චයිස් ලීග් වල වැඩිම විශ්වාසයක් දිනා ගැනීමට සත්ව සිටින පන්දු යවන්නා වන මහීෂ් තීක්ෂණද ඇතුළත්ව සිටියි. ඒ හැරුණු කොට චරිත් අසලංක, දුනිත් වෙල්ලාලගේ, නිශාන් මදුෂ්ක සහ අසිත ප්‍රනාන්දුද ජැෆ්නා කණ්ඩායමට සවිය දෙන ක්‍රීඩකයෝ බවට පත්ව සිටිති. කලකට පසු අසේල ගුණරත්නගේ සේවයද ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙවර තරගාවලියේදී ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවන්නේය.

මිලර්, ජැෆ්නා කණ්ඩායම සමග එකතු වන්නේ ක්‍රීඩක වෙන්දේසියට පෙරමය. ඒ සෘජුවම ජැෆ්නා කිංග්ස් පිල සමඟ අත්සන් තබමිනි. විස්සයි-20 තරග පිටියේ නම් දැරූවකු බවට පත්ව සිටින මිලර් ජැෆ්නා කිංග්ස් සමඟ එල්.පී.එල්. තරගාවලියට එක්කාසු වන්නේ පලමු වතාව වේ.

34 වැනි වියේ පසුවන මිලර් එක්දින ජාත්‍යන්තර තරග 155 කට සහ විස්සයි-20 තරග 114 ක් වෙනුවෙන් දකුණු අප්‍රිකානු පිල නියෝජනය කර තිබේ. එක්දින තරග අංශයේ ලකුණු 3888 ක් සහ විස්සයි-20 තරග වලදී ලකුණු 2216 ක් ලබා සිටින වමත් පිතිකරුවා වසර 8 ක කාලයක් තිස්සේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කිරීමට තරම් දක්ෂතාවයෙන් ‌හෙබි ක්‍රීඩකයකු වන්නේය.

මිලර්ට අමතරව, ඇෆ්ගනිස්තානු ක්‍රීඩක රාමනුල්ලා ගුර්බාස්, පාකිස්තානයේ ෂොයෙබ් මලික්, දකුණු අප්‍රිකාවේ හාර්ඩස් විල්ජෝන් සහ පාකිස්තානයේ සමාන් ඛාන් ජැෆ්නා කණ්ඩායමට මෙවර තරගාවලියේදී එකතුව සිටින ජාත්‍යන්තර තරු වෙති.

මෙම ක්‍රීඩකයින් පස් දෙනා අතරින් රාමනුල්ලා ගුර්බාස් කණ්ඩායමට එක් වන්නේ සෘජුවම අත්සන් තබමිනි. 21 වැනි වියේ පසුවන දකුණත් ආරම්භක පිතිකරුවා කඩුලු රැකීමේ කාර්යයයේ ද නිරත වන්නේය.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් තරග 21 කට ක්‍රීඩා කර ඇති ගුරබ්ස් ශතක 4 ක් සහ අර්ධ ශතක 2 ක සමඟින් ලකුණු 779 ක් ලබා සිටින අතර විස්සයි-20 තරග 43 කදී අර්ධ ශතක 5 ක් සමඟින් ලකුණ 1043 ක් ලබා සිටියි. කැරිබියන් ප්‍රිමියර් ලීග්, ඉන්දියන් ප්‍රිමියර් ලීග් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් සහ පාකිස්තානු සුපර් ලීග් යන ෆ්‍රැන්චයිස් ලීග නියෝජනය කළ ඇති ගුර්බාස් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග එක්වීමට ප්‍රථම අභිනව එල්.පී.එල්. තරාගවලියේදී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කළේය.

ජැෆ්නා කණ්ඩායමේ මහ මොළකරු ලෙස සැලකෙන්නේ ෂොයෙබ් මලික් වේ. 41 වැනි වියේ පසුවන මලික් මෙවර එල්.පීි.එල්. තරගාවලිය නියෝජයන කරනු ලබන වයස් ගත මෙන්ම අත්දැකීම් බහුලම ක්‍රීඩකයා යැයි සඳහන් කළහොත් නිවැරදිය. පාකිස්තානු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදී තිබුණද මලික් නිමාවට පත් වුණු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි ත්‍රිත්වයම ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය කළේය.

ඒ නිසාම ඔහු මෙවර තරග වාරයට කීඩා කිරීම සදහා සුදුසුකම් ලබන  ලද්දේ ඇමරිකානු ඩොලර් 50,000 ක මුදලකටය. මේ වනවිට එල්.පී.එල්. තරග 30 කට ක්‍රීඩා කර ඇති දකුණත් පිතිකරුවා ඉනිම 26 කදී ලකුණු 514 ක් රැස් කරගෙන සිටින්නේය.

ප්‍රධාන පුහුණුකරු තිළිණ කණ්ඩම්බිගේ විශ්වාසය දිනාගත් අනෙක් ක්‍රීිඩකයින් දෙදෙනා වන්නේ දකුණු අප්‍රිකානු ජාතික හර්ඩස් විල්ජෝන් සහ පාකිස්තානයේ වේග පන්දු යවන සමාන් ඛාන් වෙති. 34 වැනි වියේ පසුවන විල්ජෝන් සහ 21 හැවිරිදි සමන් දකුණතින් වේග පන්දු යවති.

විල්ජෝන් මෙවර ජැෆ්නා කණ්ඩායමට තේරී පත්වන්නේ ඇමරිකානු ඩොලර් 30,000 ක මුදලකටය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයකට පමණක් සහභාගිව ඇති විල්ජෝන් ‌ෆ්‍රැන්චයිස් ක්‍රිකට් පිටියේ නම් දැරූ ක්‍රීඩකයෙකි. සමාන් කිංග්ස් කණ්ඩායම සමග එක් වනනේ ඇමරිකානු ඩොලර් 20,000 ක මුදලකටය. හෙමෙ ‌නිමාවට පත් වුණු තරගාවලියේදී තරග 5 කට ක්‍රීඩා කරමින් කඩුලු 4 ක් බිඳ හෙළීමට සමත්ව සිටින්නේය.

ජැෆ්නා කිංග්ස් නියෝජනය කරනු ලබන 6 වැනි විදෙස් ක්‍රීඩකයා වන්නේ 33 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතිකයකු වන ක්‍රිස් ලින් වේ. ආරම්භක පිතිකරුවකූ ලෙසීන් කටයුතු කළ ලින් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගෙන සිටින නමුත්, ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීග වලට තවමත් සිය දායකත්වය සපයන්නේය. ලින් මෙවර තරගාවලියේදී යාපනය කණ්ඩායම විසින් තෝරා ගනු ලබන්නේ ඇමරිකානු ඩොලර් 50,000 ක මුදලක් වැය කිරීමෙන් අනතුරුවය.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම

දේශීය ක්‍රීඩකයින් – තිසර පෙරේරා (නායක), මහීෂ් තීක්ෂණ, චරිත අසලංකා, දුනිත් වෙල්ලාලෙගේ, විජයකාන්ත් වියස්කාන්ත්, තීෂන් විතූෂන්, පැතුම් කුමාර, අසංක මනෝජ්, නිශාන් මදුෂ්ක, අසිත ප්‍රනාන්දු, නුවන් තුෂාර, ඩිල්ෂාන් මදුශක අශාන් රන්දික අසේල් ගුණරත්න රත්නරාජි තනුරදන්

විදෙස් ක්‍රීඩකයින් – ඩේවිඩ් මිලර්, රාමනුල්ලා ගුර්බාස්, ෂොයෙබ් මලික්, හර්ඩ්ස් විල්ජෝන්, සමන් ඛාන්, කිස් ලින්.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee