slc
logo
Home   |    News
අගෝස්තු 12, 2023
“අවිශ්ක එක්ක පන්දුවට පහර දෙන්න පහසුයි” – සධීර

sinhala editor

දඹුල්ල අවුරා කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සමඟ තරගයක පීඩනයක් පවතින අවස්ථාවකදී පවා මනා අවබෝධයකින් යුතුව පන්දුවට පහරදීම පහසු බව අවුරා කණ්ඩායමේ අංක තුන පිතිකරු සහ කඩුලු රකින්නකු වන සධීර සමරවික්‍රම ප්‍රකාශ කරයි.

“අවිශ්කත් මාත් පන්දුවට පහරදෙන අවස්ථාවන්හිදී අප පන්දුවට පහරදෙන්නේ දෙදෙනාගේම දක්ෂතා දෙදෙනාම පුද්ගලිකවම හොඳින් අවබෝධ කරගෙනයි. පහරක් එල්ල කළ යුතු පන්දුව තෝරා ගැනීමත් හතරේ පහරක් එල්ල කළ යුත්තේ කුමන පන්දුවකට දැයි යන්න අප හොඳින් අවබෝධ කරගෙන සිටීම අපට සබඳතා ගොඩ නැඟීමට පහසුයි”

“මම පන්දුවට පහරදීමට යන විට අපගේ ලකුණු රැස් කිරීමේ වේගය පැවැතුණේ මඳක් අඩු ප්‍රමාණයකයි. මා අවිශ්කට කීවා ලකුණු රැස් කිරීමේ වේගය වැඩි කිරීමට මා උත්සාහ ගන්නම් ඔබ සුපුරුදු පිතිකරණයේ යෙදෙන්න කියා. එම අවස්ථාවේ මා හට එල්ල කළ හැකි වූ හතරේ පහර කිහිපය මත අපට පහසුවෙන් අවශ්‍ය දළ වේගය කරා යාමට හැකි වීම ගැන මා සතුටු වනවා” යැයි සධීර සමරවික්‍රම පවසයි.

සධීර සහ අවිශ්ක අවුරා දෙවන කඩුල්ලට පන්දු 25කදී ලකුණු 36ක සබඳතාවයක් ගොඩනැඟූ අතර එහිදී සධීර ලකුණු 25ක් රැස් කළේ පන්දු 18කට මුහුණදී හතරේ පහර හතරක් ද සමඟය.

අවුරා –  ටයිටන්ස් තරගය පැවැති තණතිල්ලේ මුලින් පන්දුවට පහරදීම අසීරු කරුණක් වූ බව පවසන සධීර සමරවික්‍රම දෙවනුවට පන්දුවට පහරදුන් තම කණ්ඩායමට ද ඉනිමේ මුල් කොටසේ ලකුණු රැස් කිරීම මඳක් අපහසු වූ බව ද කීවේය.

“අපගේ අපේක්ෂාව මූලික වටය නිම වන විට ප්‍රථම හෝ දෙවන ස්ථානයට පැමිණ අවසාන තරගයේදී දස්කම් දැක්වීමටයි. මේ තරගයට පවා අප බ්‍රහස්පතින්දා (10)  රාත්‍රී විදුලි ආලෝකය මධ්‍යයේ පුහුණු වූවා. අපගේ පුහුණුකරුවන් සනත් සහ අවිශ්ක ගුණවර්ධන අපට නිදහසේ පීඩනයකින් තොරව කටයුතු කිරීමට අවස්ථාව සළසා දී තිබීම සතුටක්”.

“කඩුලු රකින්නකු ලෙස ජාතික කණ්ඩායමේ ස්ථානයක් ගැනීම මඳක් අපහසු කරුණක්. මා කඩුලු රකින්නකු හෝ සාමාන්‍ය පන්දු රකින්නකු ලෙස පිටියේ පන්දු රකින්නේ දැඩි උද්‍යෝගයකින් සහ උනන්දුවකින්. සෑම අවස්ථාවකම මට අවශ්‍ය වන්නේ පන්දුව මා වෙත පැමිණ එය රැක ගැනීමටයි. ටයිටන්ස් සමඟ තරගයේදීත් ඔවුනගේ නායක දසුන් ශානක දවාලීමට මා උඩ පන්දුවක් රැක ගත්තේ දැඩි විමසිල්ලෙන් සිටි නිසයි.“

අප ක්‍රීඩා කරන විට අවධානය යොමු කරන තවත් වැදගත් කරුණක් වන්නේ තරග ප්‍රතිඵලය ගැන එතරම් තැකීමක් නොකර ක්‍රීඩකයනට තමන්ට පැවරී ඇති කාර්යය හරි හැටි ඉටු කිරීම යැයි පවසන සධීර සමරවික්‍රම එවිට තරගය නිම වන විට සාර්ථක ප්‍රතිඵල අපේක්ෂා කළ හැකි බව ද කියයි.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest