slc
logo
Home   |    News
අගෝස්තු 19, 2023
ආත්ම විශ්වාසය ජයග්‍රහණය කරා රැගෙන ගියා – වනිඳු හසරංග

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පිට පිටම වසර තුනක්ම දිනා සිටින ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟ සහභාගි වූ තරග තුනම අප පහසුවෙන්ම ජය ගත්තේ අපේ ක්‍රීඩකයන් තුළ පවතින දක්ෂතාවය සහ ආත්ම විශ්වාසය කෙරෙහි තැබූ බලාපොරොත්තු මතම යැයි බී ලව් කැන්ඩි කණ්ඩායමේ නායක වනිඳු හසරංග ප්‍රකාශ කළේය.

“ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම කෙතරම් ශක්තිමත් කණ්ඩායමක් ද කියලා ඔවුන් දෙස බැලු අයුරින්ම ඕනෑම අයකුට පෙනී යනවා. එම කණ්ඩායම නියෝජනය කළේ දක්ෂතම විදේශීය ක්‍රීඩකයන් සහ ප්‍රබලම දේශීය ක්‍රීඩකයන් පිරිසක් සම්බන්ධ කර ගැනීමෙනුයි. ඒත් අපට මේ තරගය ජය ගැනීමට හැකි වූයේ අප අප ගැනම තිබූ විශ්වාසය මත” යැයි තරගාවසානයේදී කැන්ඩි නායකයා සඳහන් කර සිටියේය.

වනිඳු හසරංග මේ තරගයේදී ලකුණු නවයකට කඩුලු හයක් දවා තරගාවලියේ දක්ෂතම පන්දු යැවීම වාර්තා කරමින් තරගයේ දක්ෂතම ක්‍රීඩක සම්මානය ද දිනා ගැනීමට සමත් විය.

මේ තරගය සඳහා පැවැති සැළසුම විස්තර කළ වනිඳු හසරංග පන්දුවට පහරදෙන විට තමා නිතර උත්සාහ ගන්නේ අංක හතර හෝ පහ පිතිකරුගේ ස්ථානයට පැමිණ ඉක්මනින් ලකුණු සංඛ්‍යාවක් රැස්කර කණ්ඩායම ස්ථාවර තත්ත්වයකට ගෙන ඒ්ම බවත් පවසන වනිඳු ඉන්පසුව පැමිණෙන පිතිකරුවන්ට ඒ් හරහා වේගයෙන් ලකුණු රැස් කිරීමට අවස්ථාව උදා වන බව ද සඳහන් කර සිටියේය.

“ඒ වගේම අපගේ පුහුණුකරු මගෙන් අපේක්ෂා කළා අත්‍යවශ්‍ය වේලාවේදී කඩුලු දෙකක් පමණ දවා සෙසු පන්දු යවන්නන්ට පහසුවෙන්ම කඩුලු දවාලීමට මාවත විවෘත කරදීම. මේ තරගයේ එම කාර්යයන් දෙකම ඉටුවීමෙන් අපට පහසු ජයග්‍රහණයක් කරායාමට අවස්ථාව උදා වුවා” යැයි වනිඳු හසරංග පවසයි.

අප මොන අවස්ථාවකදීවත් අපගේ ප්‍රතිවාදී කණ්ඩායමේ ශක්තිය කෙළෙස ද ක්‍රීඩා කරන්නේ මොනවගේ අය දැයි සොයන්නේ නෑ. අප අපගේ ශක්තිය සහ විශ්වාසය කෙරෙහි බලාපොරොත්තු තබා ක්‍රීඩා කිරීමෙන් ජය ලබනවා” යැයි ද ඔහු කියයි.

දැනට කැන්ඩි කණ්ඩායම නියෝජනය කර ක්‍රීඩකයන් කිහිපදෙනකුම පාකිස්තාන ජාතික කණ්ඩායමේ සේවය සඳහා කැන්ඩි කණ්ඩායමෙන් ඉවත්වයාම පිළිබඳව අදහස් දැක් වූ කැන්ඩි නායකයා ඔවුන් ඉවත් වූ අපට තරග ජයග්‍රහණය කළ හැකි දේශීය ක්‍රීඩකයන් රැසක්ම අතිරේක ක්‍රීඩක පුටුවේ (Bench ) සිටින බව පවසයි.

තම කණ්ඩායමේ වේගපන්දු යවන්නන් තිදෙනා දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප් සහ ඉසුරු උදාන මේ වන විට ආබාධ ලැයිස්තුවේ පසු වන අතර මෙයින් ඉසුරු උදානට ස්ථිර ලෙස ඉදිරි තරග අහිමි වන බවත් මොවුනගේ ඇබෑර්තු සෙසු දේශීය ක්‍රීඩකයන් සාර්ථකව පුරවනු ඇති බවත් පැවසීය.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee