slc
logo
Home   |    News
අගෝස්තු 3, 2023
ආසියානු කුසලාන දිනන්න LPL ලොකු පිටුවහළක් වුණා – මොහොමඩ් අසාරුදීන්

sinhala editor

විවිධ අභියෝග මැද වුවද, දේශීය ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තලයේ අත්දැකීම් ලැබෙන ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය වැනි ‘ෆ්‍රැන්චයිස්‘ තරගාවලියක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත විය යුතු බව හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මොහොමඩ් අසරුදීන් පවසයි.

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට සහයෝගය දැක්වීම උදෙසා හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයා දින කිහිපයකට ශ්‍රී ලංකාවට පැමිණි අතර, එහිදී ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ මාධ්‍ය කුටියට පැමිණ මාධ්‍යවේදීන් සමඟ සුහද කතාබහක යෙදීමට අමතක නොකළේය.

“ඇත්තටම සතුටුයි කාලෙකට පස්සේ ශ්‍රී ලංකාවට පැමිණීමට හැකිවීම ගැන. ශ්‍රී ලංකාව ඉතිහාසය පුරා අති විශිෂ්ඨ ක්‍රීඩකයින් රැසක් ජාත්‍යන්තර ක්‍රීඩාවට දායාද කොට තිබෙනවා. ඒ අතරේ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය සංවිධානයවී තිබෙනවා. මේ තරගවලින් රටක් ලෙස විශාල දෙයක් ලබාගත හැකියි. ක්‍රීඩාව, ආර්ථීකය මෙන්ම ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් වෙනවා. ක්‍රීඩකයෙක් විදිහට නොවෙයි ශ්‍රී ලංකාවේ ප්‍රබල රසිකයෙකු විදිහට මා සතුටට පත්වෙනවා“  හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මොහොමඩ් අසරුදීන් සඳහන් කළේය.

“එල්පීඑල් තරගාවලිය හතරවැනි වරටත් පැවැත්වීම සම්බන්ධයෙන් ක්‍රිකට්වලට ආදරය කරන සියලු දෙනා සතුටට පත්විය යුතුයි. මේ වගේ තරගාවලියක් සංවිධානය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. මේ වගේ තරගාවලි තුලින් දේශීය ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තලයේ අත්දැකීම් ඇති දක්ෂ ක්‍රීඩකයින් සමග ගැටී බොහෝ දේ ලබාගත හැකියි. පසුගිය එල්පීඑල් තරගවලින් පසුව ශ්‍රී ලංකා පිල ආසියානු කුසලානයේ ක්‍රීඩා කළ හැටි අපි දැක්කා. ඔවුන් විශාල දියුණුවක් ලබා තිබුණා. කොරෝනා අභියෝග මැද වුවත් එල්පීඑල් තරගාවලිය සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කිරීම ප්‍රසංශනීයයි“ මොහොමඩ් අසරුදීන් පැවැසීය.

මෙවර ආසියානු කුසලාන ඕවර් 50 තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් ඒ සදහා උනන්දුවූ සියලු දෙනාට සිය සතුට පළ කරන බව අසරුදීන් සඳහන් කළේය. “ආසියානු කුසලානයට සත්කාරකත්වය ලබාදීම සම්බන්ධයෙන් සතුටට පත්වනවා. ඒ සදහා නායකත්වය දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ඇතුලු නිලධාරීන්ට ස්තූති කළ යුතුයි. මේ ආසියානු ක්‍රිකට් තරගාවලිය ඉතාම උණුසුම් එකක් වෙනවා නොඅනුමාණයි. මොකද සියලු කණ්ඩායම් හොදම රිද්මයක සිටිනවා. ඒ නිසා තරගකාරීත්වය ඉහළයි. වත්මන් ආසියානු විස්සයි 20 ශූරයින්ගෙන් එල්ල විය හැකි අභියෝගය ප්‍රබලයි. නමුත් ඉන්දියාව කුසලානය දිනාගත යුතුයි“ අසරුදීන් මාධ්‍යවේදීන් සමග සිනහ සෙමින් පැවැසීය.

“කුමන තත්ත්වයේ ක්‍රිකට් තරග පැවැතුණත් එක්දින ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කළ යුතුයි. අනික ක්‍රිකට් ක්‍රීඩාවේ තරග ආකෘති නිරන්තරයෙන් වෙනස් කිරීම යහපත් නෑ. එහෙම වුණොත් මේ ක්‍රීඩාවේ කෙළවරක් දකින්න ලැබෙන්නේ නෑ. කෙටි ආකෘති පමණක් ගැලපෙන්නේ නෑ. එහෙම වුණොත් විස්සයි 20 නවතා දමා ඕවර් 10 තරගවලට යන්න වෙනවා. මුලින්ම ලෝක කුසලානයක් ක්‍රීඩා කළේ එක්දින තරග රටාවෙන්. ඒක වෙනස් කළ යුතු නෑ. අනික එක්දින තරග සීමා කිරීමත් හොද නෑ. අද ටෙස්ට් තරග වලට වඩා විස්සයි 20 ජනප්‍රියයි. කුමන තත්ත්වයේ වුණත් ටෙස්ට් ක්‍රිකට් රැකගත යුතුයි. විශිෂ්ඨ ක්‍රීඩකයෙකු බිහි වන්නේ ටෙස්ට් තරගවලිනුයි. අද එංගලන්ත – ඔස්ට්‍රේලියා ටෙස්ට් තරග නරඹන්න එන පිරිස විශාලයි. දින පහක ක්‍රීඩාවෙන් තණතිල්ල හා පන්දුවේ සිදුවන වෙනස්කම් හඳුනාගත හැකියි“ අසරුදීන් පැවැසීය.

“1996 ලෝක කුසලාන ක්‍රිකට් සමයේ ක්‍රිකට් ක්‍රීඩකයින් පමණක් නොවෙයි සාමාන්‍ය ජනතාවත් යම් බියක් පළ කළා ශ්‍රී ලංකාවට එන්න. අපට අවශ්‍ය වුණා ලෝකයාට කියන්න ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයක් නැහැ කියලා.  ක්‍රිකට්වලට පමණක් නොවෙයි ඒ හරහා රට පිළිබඳ පණිවිඩයක් දෙන්න අපට පුලුවන් වුණා. අප ඇවිත් ක්‍රිකට් ක්‍රීඩා කළා. එය විශිෂ්ඨ අත්දැකීමක්. ආර්. ප්‍රේමදාස පිටියේ ඉන්දීය පිලට විශාල අත්දැකීම් තියෙනවා. එදා ඉන්දියාවට එරෙහි තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 900ක් ලබා ගත්තා. අපි දවස් දෙකක් අධික රස්නයේ පන්දු රැකීමට වුණා. ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨ ක්‍රීඩකයින් සමග එදා ක්‍රීඩා කිරීම පිළිබඳ අද සතුටු වෙනවා“ මොහොමඩ් අසරුදීන් සඳහන් කළේය.

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest