Chamila Karawita reporting from Pallekele
ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පිතිකරුවන් යුගලක් රැස් කරන ලද ඉහළම ලකුණු සම්බන්ධතාවේ වාර්තාවද සමඟින් කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම එක්ව පන්දු 64 කදී රැස් කරන ලද ලකුණු 120 ක සම්බන්ධතාව ප්‍රධාන කොට ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ කලම්බු ස්ට්‍රයිකර්ස් පිලට එරෙහි තරගයෙන් ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල අවුරා කණ්ඩායම අද (05 දා) සමත්විය.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී ලකුණු 193 ක ඉලක්කයක් හඹා ගිය කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසනදී කඩුලු 4 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 182 ක් පමණි.
ජයග්‍රහණය සදහා අවසන් පන්දුවාර 2 දී කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ලකුණු 31 ක් රැස් කරගත යුතු වුවත්, 19 වැනි පන්දුවාරය යැවූ හේඩ්න් කර් එම පන්දුවාරය ලකුණු 04 කට සීමා කරමින් වැඩි වාසි දඹුල්ල පිලට ලබා දුන්නේය. කෙසේ වෙතත් ප්‍රමෝද් මදුෂාන් විසින් යවන ලද අවසන් පන්දුවාරයේදී හයේ පහර 2 ක් සහ හතරේ පහර ක් සමඟින් ලකුණු 20 ක් උදුරා ගැනීමට චාමික කරුණාරත්න සමත්වුවත් එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.
බාබර් අසාම්, නුවනිඳු ප්‍රනාන්දු සහ පැතුම් නිස්සංක වේගයෙන් පන්දුවට පහර දෙමින් ජයග්‍රහණය සදහා අවශ්‍ය වේගය රදවා ගැනීමට සමත්වූයෙන් 12 වැනි පන්දුවාරය අවසන් වන විටත් කඩුලු 2 කට ලකුණු 108 ක් ලබා ගැනීමට කලම්බු කණ්ඩායමට හැකියාව ලැබිණ.එහෙත් 13 වැනි පන්දුවාරයේ සිට 15 වැනි පන්දුවාරය දක්වා පන්දුවාර 3 දී ලකුණු 15 ක් පමණක් ලබාදීමට දඹුලු පන්දු යවන්නෝ සමත්වීමත් සමඟ ලකුණු සහ පන්දු අතර පරතරය විශාල විය.
කෙසේ වෙතත් 16 වැනි පන්දුවාරයේදී ලකුණු 15 ක් රැස් කළ නුවනිඳු ප්‍රනාන්දු සහ ධනංජය ලක්ෂාන් යළිත් තරගයට අවතීර්ණ වූහ. නූර් අහමඩ්ට එරෙහිව එල්ල කරන ලද දැවැන්ත හයේ පහරත් සමග නුවනිඳු තම අර්ධ ශතකය මුහුණ දුන් 33 වැනි පන්දුවේදී සපුරා ගත්තේය.තරගයේ ජය දඹුල්ල සතු වන විටත් තම ඉනිම ආරක්ෂා කරගත් නුවනිදු පන්දු 39 කදී ලකුණු 56 ක් ද චාමික කරුණාරත්න පන්දු 7 කදී ලකුණු 20 ක්ද ලබා සිටියහ.
නිරෝෂන් දික්වැල්ල (16) ඉක්මනින් දැවි ගියද බාබර් අසාම්ට එක් වුණු පැතුම් නිස්සංක දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 62 ක් එක් කළහ. නූර් අහමඩ්ගේ පන්දුවක් හමුවේ අසාම් ලකුණු 41 කට ද පැතුම් හේඩ්න් කර් ගේ පන්දුවක් හමුවේදී ලකුණු 22 කට දැවී ගියේය. පන්දු යැවීමේදී හෙඩ්න් කර් පන්දුවාර 4 දී ලකුණු 27 කට එක් කඩුල්ලක් දවා ගත්තේය.
කලම්බු නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6 කට ලකුණු 192 ක් රැස් කළේය. මෙම ලකුණු සංඛ්‍යාව මෙවර තරග වාරයේදී කණ්ඩායමක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සටහන් විය.
අර්ධ ශතක සම්බන්ධතාවක් ලෙසින් සටහන් වුණු මෙම සම්බන්ධතාවේදී කුසල් පන්දු 46 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 87 ක් රැස් කළේය. කුසල් අද දිනයේ එල්ල කරන ලද හයේ පහර 8 ද මෙතෙක් තරග ඉතිහාසයේ ඉනිමක එල්ල වුණු වැඩිම හයේ පහර සංඛ්‍යාව සම කරන්නක් ද වූවේය. මීට පෙර තරගයකදී හයේ පහර 8 ක් එල්ල කිරීමට සමත්ව සිටින එකම පිතිකරුවා වී ඇත්තේ ඉකුත් වසරේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ ටොම් කොලර්-කැඩ්මෝර් වන අතර ඔහු කලම්බු ස්ටාර්ස්ට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී එම දක්ෂතාව දක්වා තිබේ.
අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 12 කට දැවී යෑමත් සමග කුසල් ට එක් වුණු සධීර පළමු තාක්ෂණික විවේකය වූ 9 වැනි පන්දුවාරය අවසන් වන විට දඹුල්ල ලකුණු පුවරුව ලකුණු 58 ක් දක්වා ඉහළ දැමූහ. කෙසේ වෙතත් අනතූරුව ප්‍රවේගකාරී පිතිහරඹයක නියැළි සධීර සහ කුසල් මොහොමඩ් නවාස් ක්‍රියාත්මක කරන ලද 10 වැනි පන්දුවාරයේදී ලකුණු 20 ක් උදුරා ගත්තේ කුසල් මෙන්ඩිස් එල්ල කරන ලද හයේ පහර 3 ත් සමඟිනි. ඉන් පසු දැඩිම ප්‍රහාරයකට ලක් වූයේ චාමික කරුනාරත් වන අතර ඔහු විසින් ක්‍රියාත්මක කර ලද තෙවැනි පන්දුවාරයේදී කුසල් සහ සධීර එක්ව ලකුණු 23 ක් රැස් කර ගත්තේ දෙදෙනාම හයේ පහර බැගින් එල්ල කරමිනි.
කුසල් මෙන්ඩිස් අද ලබා ගත් ලකුණු 87 ඔහුගේ විස්සයි-20 තරග දිවියේ මෙතෙක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සටහන් විය. අද දිනයේදී ඔහුට පහසුවෙන්ම ශතකය කරා යෑමට හැකියාව තිබුණද ලකුණු ලබා ගැනීමේ නොඉවසිල්ලට ම කුසල්ට හරස් විය. නසීම් ෂාගේ පන්දුවකට ලෝන් ඔෆ් කළාපයට ඉහළින් එල්ල කරන ලද පහර වැරදී යෑම නිසා එය මිඩ් ඔෆ් පන්දු රැකි බාබර් අසාම්ගේ දෙඅත් අතර සිරවීම නිසා කුසල්ට එම වටිනා අවස්ථාව අද දිනයේදී අහිමි විය. කෙසේ වෙතෙත් අද ඉනිම සමඟින් මෙවර තරග වාරයේ වැඩිම ලකුණු ලද පිතිකරුවන් අතර කුසල් පෙරමුණ ගත්තේ තරග 4 කදී ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 31 ක් සමඟින් ලකුණු 124 ක් ලෙසිනි.
මොවුන් දෙදෙනාගේ පිති ප්‍රහාරය නිසා අවසන් පන්දුවාර 11 දී ලකුණු 134 ක් රැස් කර ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායමට හැකියාව ලැබිණ. කුසල්ට අනගි සහායක් ලබා දුන් සධීර සමරවික්‍රම හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමඟින් පන්දු 35 කදී ලකුණු 59 ක් රැස් කරගත්තේය.
ලකුණු 200 කට ආසන්න ලකුණු සංඛ්‍යාවක් රැස් කළද පන්දු යවන්නන් අතරින් මතීෂ පතිරණ සහ නසීම් ෂා කැපී පෙනිණ. මොවුන් දෙදෙනා විසින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 8 දී ප්‍රතිවාදීන් රැස් කරගෙන තිබුණේ ලකුණු 52 ක් පමණක් වන අතර දැවී ගිය කඩුලු 6 න් 5 ක්ම ඔවුන් දෙදෙනා අතර බෙදා ගත්තේ මතීෂ කඩුලු 3 ක් සහ නසීම් කඩුලු 2 ක් වශයෙනි. අද දවා ගත් කඩුලු 3 ත් සමඟ මතීෂ පන්දු වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ පෙරමුණ ගත්තේ තරග 3 කදි කඩුලු 4 ක් දවා ගනිමිනි.
තරගයේ වීරයා – කුසල් මෙන්ඩිස්
ලකුණු පුවරුව |
|||||||||
දඹුල්ල අවුරා | ලකුණු | පන්දු | 4 | 6 | |||||
අවිශ්ක ප්‍රනාන්දු | ඇ.ධනජය ලක්ෂාන් | ප.මතීෂ පතිර | 12 | 18 | 1 | 1 | |||
කුසල් මෙන්ඩිස් | ඇ.බාබර් අසාම් | ප.නසිම් ෂා | 87 | 46 | 4 | 8 | |||
සධීර සමරවික්‍රම | ප.චාමික කරුණාරත්න | 59 | 35 | 7 | 1 | ||||
කුසල් පෙරේරා | ප.මතීෂ පතිරණ | 2 | 3 | 0 | 0 | ||||
ධනංජය ද සිල්වා | නොදැවී | 15 | 7 | 2 | 0 | ||||
ඇලෙක්ස් රොස් | ප.නසීම් ෂා | 4 | 7 | 0 | 0 | ||||
හෙඩ්න් කර් | ප.මතීෂ පතිරණ | 0 | 2 | 0 | 0 | ||||
හසන් අලී | නොදැවී | 6 | 2 | 1 | 0 | ||||
අතිරේක | 7 | ||||||||
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 6 ට ලකුණු | 192 | ||||||||
කඩුලු වැටීම / 1-24 (අවිශ්ක 4.4), 2-144 (කුසල් මෙන්ඩිස් 15.2), 3-164 (සධීර 16.5), 4-168 (කුසල් පෙරේරා 17.1), 5-179 (රොස් 18.5), 6-186 (කර් 19.4) | |||||||||
පන්දු යැවීම | |||||||||
නසීම් ෂා 4-0-21-2 | චාමික කරුණාරත්න 4-0-55-1 | ||||||||
මෙහොමඩ් නවාස් 3-0-37-0 | මතීෂ පතිරණ 4-0-31-3 | ||||||||
ජෙෆ්රි වැ්ඩර්සි 4-0-33-0 | ධනංජය ලක්ෂාන් 1-0-14-0 | ||||||||
කලම්බු ස්ට්‍රයිකර්ස් | |||||||||
නිරෝෂන් දික්වැල්ල | ඇ.සධීර සමරවික්‍රම | ප.ධනංජය ද සිල්වා | 16 | 8 | 3 | 0 | |||
බාබර් අසාම් | කඩුල්ල මුවා කළා | ප.නූර් අහමඩ් | 41 | 24 | 7 | 0 | |||
පැතුම් නිස්සංක | ප.හේඩ්න් කර් | 22 | 28 | 1 | 1 | ||||
නුවනිඳු ප්‍රනාන්දු | නොදැවී | 56 | 39 | 4 | 4 | ||||
ධනංජය ලක්ෂාන් | ඇ.හේඩ්න් කර් | ප.නුර් අහමඩ් | 18 | 15 | 2 | 0 | |||
චාමික කරුණාරත්න | නොදැවී | 9 | |||||||
අතිරේක | 9 | ||||||||
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 4 ක් දැවී ලකුණු | 182 | ||||||||
කඩුලු වැටීම / 1-17 (දික්වැල්ල 1.3), 2-79 (බාබර් 8.5), 3-108 (නිස්සංක 12.2), 4-158 (ලක්ෂාන් 17.6) | |||||||||
පන්දු යැවීම | |||||||||
හේඩ්න් කර් 4-0-27-1 | ධනංජය ද සිල්වා 3-0-25-1 | ||||||||
ප්‍රමෝද් මදුශාන් 3-0-36-0 | ප්‍රවීින් ජයවික්‍රම 2-0-16-0 | ||||||||
හසන් අලී 4-0-38-0 | නූර් අහමඩ් 4-0-34-2 | ||||||||