slc
logo
Home   |    News
අගෝස්තු 17, 2023
කුසල් ලා දඹුල්ල අවුරා අවසන් සටනට රැගෙන යති

sinhala editor

By Chamila Karawita

කුසල් ලා යුගලය වූ කුසල් මෙන්ඩිස් ලකුණු 49 ක් සහ කුසල් පෙරේරා ලකුණු 53 ක් වශයෙන් ලකුණු රැස් කිරීමට සමත්වීම නිසා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටය යටතේ පැවැති පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී ගෝල් ටයිටෑන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කළ දඹුල්ල අවුරා කණ්ඩායම අපහසුවකින් තොරවම අවසන් මහ තරගයට අද (17 දා) සුදුසුකම් ලබා ගත්තේය. දඹුල්ල අවුරා කණ්ඩායමක් ලංකා ප්‍රිමියර් ලීග් අවසන් මහ තරගයකට සුදුසුකම් ලද පළමු අවස්ථාව ලෙසින්ද මෙම තරගාවලිය ඉතිහාසයට ඒක් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී ලකුණු 147 ක ඉලක්කයක් හඹා ගිය දඹුල්ල අවුරා පිතිකරුවෝ පන්දු 2 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගත්හ. අද දිනයේ පරාජයට පත් වුවද ගෝල් ටයිටෑන්ස් කණ්ඩායමට අවසන් මහ තරග අවස්ථාවට සුදසූකම් ලබා ගැනීම සඳහා තවත් අවස්ථාවක් පවතිනු ඇත. එහෙත් ඔවුනට අද රාත්‍රියේ පැවැත්වෙන බී – ලව් කැන්ඩි කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර තරගයේ ජයග්‍රාහකයින් සමඟ ලබන සෙනසුරාදා පැවැත්වෙන දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගය ජය ගැනීමෙනි.

මෙම තරගාවලිය පුරාම ලකුණු අතර සිටි අවිශ්ක ප්‍රනාන්දු හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමඟින් පන්දු 14 කදී ලකුණු 24 ක් ලබා ගත් නමුත් ඔහු ලකුණු 33 දී දවා ගැනීමට ශක්බී අල් හසන් සමත්විය. ප්‍රහාරක ආරම්භක පිතිකරුවා දැවී ගියද ඒතරම් කලබලයකට පත් නොවුණු නායක කුසල් මෙන්ඩිස් ජයග්‍රහණයට ලකුණු 14 ක් අවශ්‍ය වන තෙක්ම කඩුල්ලේ රැඳී සිටියේය.

ටබ්‍රේස් ශම්සිගේ පන්දුවකට කඩූල්ල මුවා කීරීමේ වරදට හසුව කුසල් පිටියෙන් ඉවත් වන විටත් ඔහු සමඟ පන්දුවට පහර දෙමින් සිටි අනෙක් කුසල් වූ කුසල් පෙරේරා පන්දු 56 කින් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලලකුණු 69 ක් රැස් කිරීමට දායකත්වය ලබා දී තිබුණේය. දැවී යන විටත් ඉවසිලිවන්ත වූ ඉනිමක් දියත් කළ මෙන්ඩිස් හතරේ පහර 6 ක් ද සමඟින් පන්දු 45 කදී ලකුණු 49 ක් ලබා සිටියේය.

අද දිනයේදී සිය 33 වැනි උපන්දිනය සමරන කුසල් පෙරේරා ද ජයග්‍රහණයට ලකුණක් තිබියදී දසුන් ශානක පෙරළා උඩ පන්දුවක් රැක ගැනීම නිසා පිටියෙන් ඉවත් විය. කෙසේ වෙතත් ඒ් වන විටත් තම උපන්දිනය සැමරීම වෙනුවෙන් හේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමඟින් පන්දු 39 කදී ලකුණු 53 ක් ලබා ගැනීමට කුසල් පෙරේරා සමත්ව සිටියේය.

අවසන් පන්දුවාර 2 දී පිතිකරුවන් සිවු දෙනෙකුම දැවී යෑම නිසා ගෝල් කණ්ඩායමට පයහසුවෙන්ම ලකුණු 160 කට යෑමට තිබූ අවස්ථාව අවහිර විය. 18 වැනි පන්දුවාරය අවසන් වන විට ගෝල් ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 6 ට ලකුණු 139 ක් ලෙසිනි.

ප්‍රතිවාදී නායකයාගේ ආරාධනයෙන් පන්දුවට පහර දුන් ටයිටෑන්ස් කණ්ඩායම වෙනුවෙන් ලසිත් කෲස්පුල්ලේ පමණක් දක්ෂතා අතරට පැමිණියේය.  ඒ් හැරුණු කොට ගෝල් ඉනිමේ කිසිදු පිතිකරුවකට ලකුණු 20 සීමාව ඉක්මවා යෑමට දඹුලු පන්දු යවන්නෝ අවස්ථාව ලබා නොදුන්හ. ඒ් අතරින් කැපී පෙනුණු හේඩ්න් කර් ලකුණු 18 ක් ඇතුළත කඩුලු 3 ක් දවා ගනිමින් ගෝල් පිතිකරුවෝ අන්දමන්ද කළේය.

ගෝල් ඉනිම අපහසුතාවයට පත්වීමට ගත වූයේ දෙවැනි පන්දුව යැවීම සඳහා ගත කරන ලද කාලය පමණි. බිනුර ප්‍රනාන්දුගේ පන්දුවකට භානුක රාජපක්ෂ දැවී ගිය අතර ලිටන් දාස්ද ලකුණු 08 කට දැවී යෑම නිසා ගාල්ල ආරම්භය අසාර්ථක වූයේ. ඒහෙත් ශකීබ් අල් හසන්ට ඒක්වූ කෲස්පුල්ලේ ලකුණු 76 ක් දක්වා කණ්ඩායම රැගෙන යමින් ගෝල් පිල අසීරුතාවයෙන් යන්තමකට මුදවා ගැනීමට සමත්වූවේය. කෙසේ වෙතත් ලකුණු 19 ක් ලබා සිටි ශකීබ් දැවී යෑඹ නිසා දෙදෙනා අතර සම්බන්ධතාව පන්දු 38 කදී ලකුණු 51 කින් නිමාවට පත්විය.

සෙසු පිතිකරුවන්ගේ සහයෝගය නොලැබුණද තම නොසැළී තබා ගත් කෲස්පුල්ලේ දැවී යන විටත් පන්දු 61 කට මුහුණ දී ලකුණු 80 ක් දක්වා තම ඉනිම ඉහළ දමා ගත්තේය. ඒ් ඊට හතරේ පහර 7 ක්ද ඇතුළත් කරමිනි.

තරගයේ වීරයා – කුසල් මෙන්ඩිස්

ලකුණු පුවරුව

ගෝල් ටයිටෑන්ස් 4 6
භානුක රාජපක්ෂ ඇ.හේඩ්න් කර් ප.බිනුර ප්‍රනාන්දු 0 2 0 0
ලසිත් කෲස්පුල්ලේ දුවද්දී දැවී ගියා කුසල් මෙන්ඩිස් 80 61 7 0
ලිටන් දාස් ඇ.ඇලෙක්ස් රොස් ප.හේඩ්න් කර් 8 7 1 0
ශකීබ් අල් හසන් ඇ.හේඩ්න් කර් ප.ධනංජය ද සිල්වා 19 17 3 0
දසුන් ශානක ඇ.හේඩ්න් කර් ප.නූර් අහමඩ් 12 8 0 1
නජිබුල්ලා සද්‍රාන් ඇ.දුෂාන් හේමන්ත ප.නූර් අහමඩ් 2 3 0 0
ළහිරු සමරකෝන්   ප.හේඩ්න් කර් 15 12 1 1
සීක්කුගේ ප්‍රසන්න දුවද්දී දැවී ගියා දුෂාන් හේමන්ත 8 5 1 0
ළහිරු කුමාර ඇ.ධනංජය ද සිල්වා ප.හේඩ්න් කර් 0 2 0 0
කසුන් රජිත නොදැවී   0 2 0 0
ටබ්‍රේස් ශම්සි කඩුල්ල මුවා කළා ප.හසන් අලී 0 1 0 0
අතිරේක 2  
ඒකතුව පන්දුවාර 20 කදී සියලු දෙනා දැවී ලකුණු 146
කඩුලු වැටීම / 1-00 (භානුක), 2-25 (ලිටන් 3.1), 3-76 (ශකීබ් 9.3), 4-93 (ශානක 12.1), 5-95 (සද්‍රාන් 12.4), 6-124 (සමරකෝන් 16.4), 7-141 (සීක්කුගේ 18.3), 8-141 (කුමාර 18.5), 9-146 (කෲස්පුල්ලේ 19.5)
පන්දු යැවීම
බිනුර ප1නාන්දු 4-0-33-1 හසන් අලී 3-0-28-1
හේඩ්න් කර් 3-0-18-3 ධනංජය ද සිල්වා 4-0-29-1
නූර් අහමඩ් 4-0-27-2 දුෂාන් හේමන්ත 2-0-11-0
දඹුල්ල අවුරා
අවිශ්ක පනාන්දු ස්ට.ලිටන් දාස් ප.ශකීබ් අල් හසන් 24 14 1 3
කුසල් මෙන්ඩිස් කඩුල්ල මුවා කළා ප.ටබ්‍රේස් ශම්සි 49 45 6 0
සධීර සමරවික්‍රම ඇ.සජිබුල්ලා සද්‍රාන් ප.සීක්කුගේ ප්‍රසන්න 13 15 1 0
කුසල් පෙරේරා ඇ.සහ ප.දසුන් ශානක 53 39 4 3
ධනංජය ද සිල්වා නොදැවී   2 2 0 0
ඇලෙක්ස් රොස් නොදැවී   1 3 0 0
අතිරේක 5  
ඒකතුව පන්දුවාර 19.4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 147
කඩුලු වැටීම / 1-33 (අවිශ්ක 3.4), 2-64 (සධීර 8.3), 3-133 (කුසල් මෙන්ඩිස් 17.5), 4-146 (කුසල් පෙරේරා 19.1)
පන්දු යැවීම
කසුන් රජිත 3-0-37-0 ළහිරු කුමාර 3-0-16-0
ශකීබ් අල් හසන් 4-0-22-1 සීක්කුගේ ප්‍රසන්න 4-0-22-1
ටබ්‍රේස් ශම්සි 4-0-37-1 ළහිරු සමරකෝන් 1-0-09-0
දසුන් ශානක 0.4-0-01-1  

 

 

Active filters

Recent Posts

  • වෙල්ලාලගේ පීඩනය හමුවේ දඹුල්ල ලකුණු 27ට කඩුලු 6යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]
  • ජය හඹා යන කොළඹ කඩුලු 9ක් අතැතිව ලකුණු 514ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන කැන්ඩි හා කොළඹ අතර තරගයේ ජයග්‍රහණය හඹා යන කොළඹ පිල තෙවැනි […]
  • දඹුල්ලට එරෙහි ගාල්ල පළමු ඉනිමේ ලකුණු 6ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී පළමුව පන්දුවට පහර දුන් සත්කාරක ගාල්ල […]
  • කැන්ඩි ලකුණු 460ට එරෙහි කොළඹ 106ට දැවීයයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන කැන්ඩි හා කොළඹ අතර තරගයේදී කැන්ඩි පිල පළමු ඉනිමේ ලබාගත් ලකුණු […]
  • මිශාර පිට පිට දෙවැනි ශතකය ලබද්දී ඕෂද වැඩිම ලකුණු ලාභියා වෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පළමු දිනය වූ අද (20 වැනිදා) කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට කමිල් මිශාර, ඕෂද ප්‍රනාන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee