slc
logo
Home   |    News
අගෝස්තු 11, 2023
ගාල්ලට සිව්වැනි පරාජය උරුමකර දෙමින් දඹුල්ල යළි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

sinhala editor

By Chamila Karawita

පන්දු යවන්නන්ගේ ඉලක්ක ගත පන්දු යැවීමත් පිතිකරුවන් අතර ශක්තිමත් සබඳතා වාර්තා කිරීමට සමත්වීමත් ප්‍රදාන කොට ගෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (11 දා) රාත්‍රියේදි කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ගෝල් ටයිටෑන්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට දඹුල්ල අවුරා ක්‍රීඩකයෝ සමත්වූහ. පිට පිටම ලැබූ තෙවැනි ජයග්‍රහණය ලෙසින් සනිටුහන් වුණු මෙම ජයග්‍රණයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද දඹුලු කණ්ඩායම සමත්වී සිටියි.

ලකුණු 134 ක ජයග්‍රාහී ඉලක්කය හඹා යෑමේදී ඒ සඳහා කඩුලු 3 ක් පරිත්‍යාග කළ දඹුලු පිතිකරුවෝ 178 පන්දුවාරයේ සිව්වැනි පන්දුවේදී ජයග්‍රහණය සපුරා ගත්හ. අවිශ්කගේ පිත්තෙන් දඹුලු පිලේ ජයග්‍රහණය සනිටුහන් වද්දී පන්දු 14 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ.

දඹුලු පිල වෙනුවෙන් සාර්ථක ආරම්භයක් එක් කළ කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුනු 47 ක් එක් කළේ පන්දුවාරයකට ලකුණු 6 ක වේගයක් රඳවා ගනිමිනි. ටබ්‍රසේ ශම්සි වෙනුවට කණ්ඩායමට පැමිණ සිටින ළහිරු කුමාර, කුසල් මෙන්ඩිස් දවා ගනිමින් එම සම්බන්ධතාව බිඳ දමද්දී අවිශ්කට එක් වුණු සධීර දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 25 කදී ලකුණු 36 ක් වැය කරමින් දඹුලු කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයට රැගෙන ආහ. ළහිරු කුමාරගේ දෙවැනි ගොදුර වෙමින් සධීර සමරවික්‍රම ලකුණු 25 කට දැවී ගියද තරගය අවසන් වන තෙක්ම තම අන්තය ආරක්ෂා කර ගත් අවිශ්ක ප්‍රනාන්දු පන්දු 49 කදී ලකුණු 70 ක් ලබා සිටියේ තම ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 3 කින් ද සරසාගමිනි.

ගෝල් කණ්ඩායමේ ඉනිම ලකුනු 133 කදී නවතාලීමෙහි පූර්ණ ගෞරවය දඹුල්ල කණ්ඩායමේ  පන්දු යවන්නන්ට හිමිවිය යුතුය. මෙහිදී ගෝල් කණ්ඩායමේ පිතිකරුවන් පන්දුවට පහර දෙන අවස්ථාවේදී තණතීරුවේ දායකත්වයද එතරම් සුභදායක නොවීම ගෝල් පිලට පාඩුවක් ගෙන දෙන්නක් විය.

අද තරගයේදී ගෝල් කණ්ඩායම සිය ප්‍රභලතම ක්‍රීඩකයින් තිදෙනකු ක්‍රීඩා නොකරවූ අතර ඒ අතර භානුක රාජපක්ෂ, ලසිත් කෲස්පුල්ලේ සහ ටබ්‍රේස් ශම්සි වෙනුවට චැඩ් බෝව්ස්, සොහාන් ඩි ලිවේරා සහ ළහිරු කුමාරව ක්‍රීඩා කරවනු ලැබීය. ඒ අතරින් භානුක සහ ලසිත් කෲස්පුල්ලේ වෙනුවට යෙදවූ චැඩ් බෝව්ස් සහ සොහාන් ඩි ලිවේරාටද පිතිකරුවන් ලෙස එතරම් දායකත්යක් සිය කණ්ඩායමට ලබාදීමට නොහැකි විය.

ආරම්භක පන්දු වාරය යැවූ බිනුර ප්‍රනාන්දුද ප්‍රතිවාදී ආරම්භක පිතිකරුවන්ට දැඩි පීඩනයක් ගෙන එන ආකාරයෙන් පන්දු යැවූ අතර ඔහු පළමු පන්දුවාරය ලකුනු 05 කටද ඔහුගේ දෙවැනි පන්දුවාරය තනි ලකුණකටද සීමා කිරීමට සමත්වූහ. කෙසේ වෙතත් පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 ඇතුළතදී ගෝල් පිතිකරුවන්ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 36 ක් පමණක් වන අතර එහිදී ඔවුන් සතු ආරම්භක පිතිකරුවන් දෙපළ වූ සීෆර්ට් (15) සහ ෂෙවෝන් ඩැනියල් (07) දෙදෙනාම ක්‍රීඩා ගාරයට යැවීමට බිනුර සහ ධනංජය ද සිල්වා සමත්වූහ.

ඉදිරි පෙළ පිතිකරුවන් 6 දෙනාගෙන් කිසිවකුටත් විශාල ඉනිම කරා යෑමට ප්‍රතිවාදී පිලේ පන්දු යවන්නන් අවස්ථාව ලබා නොදීම නිසා පීඩනය යළිත් නායක දසුන් ශානක වෙතට යොමු විය. කණ්ඩායමේ සිව්වැනි පිතිකරුවා ලෙසින් ශකීබ් අල් හසන්ගේ (13) දැවී යෑමෙන් පසු පිටියට පිවිසි දසුන් පන්දු 26 කදී ලකුණු 36 ක් ලබා ගත්තේ හතරේ පහර 5 ක් ද තම ඉනිමට ඇතුළත් කරමිනි.

අද තරගයේදී වැඩි වගකීමක් ගෙන කණ්ඩායමට ක්‍රීඩා කරවූ අශාන් ප්‍රියන්ජන් නූර් අහමඩ්ගේ පන්දුවකට ස්ටම්ප් කිරීමකට හසුවීමට ගියත් කඩුලු රැකි කුසල් මෙන්ඩිස්ට පන්දුව නිසියාකාරව ග්‍රහණය කරගැනීමට නොහැකිවීම නිසා ඔහුට තවදුරටත් පිටියේ රැදී සිටීමට අවස්ථාව උදාවිය. එහෙත් අවාසනාවක මහත වූයේ ඔහු තවත් පන්දු 2 කින්  පසු ඒ ආකාරයෙන්ම ස්ටම්ප් කිරීමකට හසුව දැවී යෑමයි. එහි තිබූ එකම වෙනස වූයේ පළමුව පන්දු යැවූ නුර් අහමඩ් වෙනුවට ඊළඟ පන්දු වාරය යැවූ දුෂාන් හේමන්තගේ ගොදුරක් බවට ප්‍රියන්ජන් (09) පත්වීම පමණි.

පිතිකරුවන් වේගයෙන් පන්දුවට පහර දෙන අවසන් පන්දුවාර 4 න් 2 ක් යැවීමේ වගකීම කරට ගත් බිනුර එම පන්දුවාර දෙකේදීද ප්‍රතිවාදී පිතිකරුවන්ට ලබා දී තිබුණේ ලකුණු 4 ක් පමණි. ඒ අනුව ඉනිම නිමා වන විට බිනුගේ  පන්දු යැවීම සටහන් වූයේ ප්දුවාර 4 කදී ලකුණු 14 කට එක් කඩුල්ලක් වශයෙනි. බිනුරට පසු ඉනිමේ කැපි පෙනෙනම පන්දු යවන්නා වූ දුෂාන් හේමන්ත තම පන්දුවාර 4 දී ලකුණු 31 ක් පමණක් ලබා දී කඩුලු 2 ක් බිඳ හෙළීය.

තරග‌යේ වීරයා – අවිශ්ක ප්‍රනාන්දු

ලකුණු පුවරුව
ගෝල් ටයිටෑන්ස් ලකුණු පන්දු 4 6
ටිම් සීෆර්ට් ප.බිනුර ප්‍රනාන්දු 15 12 0 1
ෂෙවෝන් ඩැනියල් ඇ.දුෂාන් හේමන්ත ප.ධනංජය ද සිල්වා 7 9 1 0
චැඩ් බෝව්ස් ප.දුෂාන් හේමන්ත 22 18 3 0
ශකිබ් අල් හසන් ප.නූර් අහමඩ් 13 13 1 0
අශාන් ප්‍රියන්ජන් ස්ට.කුසල් මෙන්ඩිස් ප.දුෂාන් හේමන්ත 9 14 0 0
සොහාන් ඩි ලිවේරා ප.හේඩ්න් කර් 12 11 1 0
දසුන් ශානක ඇ.සධීර සමරවික්‍රම ප.හසන් අලි 36 26 5 0
ළහිරු සමරකෝන් දුවද්දී දැවී ගියා සධීර/මෙන්ඩිස් 6 10 0 0
රිචර්ඩ් න්ගරාවා නොදැවී 3 2 0 0
කසුන් රජිත දුවද්දී දැවී ගියා ධනංජය/මෙන්ඩිස් 1 5 0 0
අතිරේක 9
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 133
කඩුලු වැටීම / 1-23 (සීෆර්ට් 3.1), 2-25 (ඩැනියල් 4.3), 3-51 (බෝව්ස් 7.5), 4-69 (අල් හසන් 10.2), 5-72 (ප්‍රියන්ජන් 11.2), 6-96 (ලිවේරා 14.3), 7-125 (ශානක 18.3), 8-130 (සමරකෝන් 19.1), 9-133 (රජිත 19.6)
පන්දු යැවීම
බිනුර ප්‍රනාන්දු 4-0-14-1 හසන් අලී 4-0-27-1
ධනංජය ද සිල්වා 2-0-14-1 හේඩ්න් කර් 3-0-24-1
දුෂාන් හේමන්ත 4-0-31-2 නූර් අහමඩ් 3-0-19-1
දඹුල්ල අවුරා
අවිශ්ක ප්‍රනාන්දු නොදැවී 70 49 3 3
කුසල් මෙන්ඩිස් ඇ.සොහාන් ඩි ලිවේරා ප.ළහිරු කුමාර 18 24 1 0
සධීර සමරවික්‍රම ප.ළහිරු කුමාර 25 18 4 0
කුසල් පෙරේරා කඩුල්ල මුවා කළා ප.ශකීබ් අල් හසන් 5 8 0 0
ධනංජය ද සිල්වා නොදැවී 6 7 1 0
අතිරේක 10
එකතුව පන්දුවාර 17.4 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 134
කඩුලු වැටීම / 1-47 (කුසල් 7.5), 2-83 (සධීර 11.6), 3-105 (කුසල් පෙරේරා 15.3)
පන්දු යැවීම
කසුන් රජිත 3-0-12-0 ළහිරු කුමාර 4-0-31-2
රිචර්ඩ් න්ගරාවා 2.4-0-33-0 ශකීබ් අල් හසන් 4-0-20-1
ළහිරු සමරකෝන් 1-0-08-0 දසුන් ශානක 1-0-12-0
අශාන් ප්‍රියන්ජන් 2-0-16-0

 

 

Active filters

Recent Posts

  • බංග්ලාදේශ කාන්තා ‘ඒ‘ පිලට පහසු ජයක්
    ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායමට එරෙහිව කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (12 දා) පැවැති විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ ඒ ක්‍රීඩිකාවෝ සමත්වූහ. ජයග්‍රහණය සඳහා ලකුණු […]
  • කොළඹ – ජැෆ්නා ජය ලබද්දී ෂමාස්ගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ අද පැවැති තරග දෙකකදි කොළඹ පිල ලකුණු 127කින් හා ජැෆ්නා පිල ලකුණු 70කින් ජය තහවුරු කර ගත්හ. […]
  • තුන්කොන් තරගාවලියට යන බාළිකා පිලේ නායිකාව මනුදි
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියාවට යෑම නියමිත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමේ නායිකාව ලෙස මොරටුව වේල්සු කුමරි විදුහලේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට දකුණු අප්‍රිකාවේදී ඓතිහාසික ජයක්
    වේග පන්දු යවන අසිත විජේසුන්දරගේ අති විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව කිම්බර්ලිහි පැවැති පළමු නිල නොවන සිව්දින කිකට් තරගයෙන් කඩුලු @ ක ජයක් වාර්තා කිරීමට […]
  • පැතුම්ගේ පිතිහරඹය විශිෂ්ඨයි – සනත් ජයසූරිය
    ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පන්දුවට පහර දුන් ආකාරය තමා ඉහළින්ම අගය කරන බවත් ඔහු පහරවල් එල්ල කරන විලාශය නැරැඹීම ද මහත් සතුටක් ගෙන දෙන්නක් බවත් ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee