slc
logo
Home   |    News
අගෝස්තු 14, 2023
ගෝල් පරදා ඊළඟ වටයට යෑම අපේ අරමුණයි – පැතුම් නිස්සංක

sinhala editor

බී – ලව් – කැන්ඩි කණ්ඩායම සමඟ අප අද (13) ක්‍රීඩා කළ ආකාරයට අඟහරුවාදා (15) ගෝල් ටයිටන්ස් සමඟත් ක්‍රීඩා කළහොත් අපට පහසුවෙන් අවසන් කණ්ඩායම් 4 වටයට යෑමට අවස්ථාව උදාවන බව තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු කළම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පවසයි.

බී – ලව් – කැන්ඩි සමඟ අද (13) පැවැති තරගයේදී අප මීට වඩා මඳක් හොඳින් ක්‍රීඩා කර ඉදිරියෙන් සිටියේ නම් අපට ලකුණු රැස් කිරීමේ දළ වේගයෙන් ජැෆ්නා කින්ග්ස්ට වඩා ඉදිරියෙන් සිටිමින් තරගාවලියේ මීට වඩා ඉහළ ස්ථානයට යාමට අවස්ථාව තිබූ බව කී පැතුම් නිස්සංක කෙසේ වුව ද ඊළඟ වටයට යාමට අප ගෝල් ටයිටන්ස් තරගය අඟහරුවාදා (15) ජය ගැනීම අනිවාර්යය විය යුතු බව ද කීවේය.

කැන්ඩි කණ්ඩායම සමඟ ඉරිදා (13) පැවැති තරගයේදී කළම්බු ස්ටාර්ස් ජයග්‍රහණය කරවීමේ අරමුණින්ම පිටියට පිවිසි තමාට අර්ධ ශතකයක් (51) ලබා ඊට දායකත්වය ලබාදීමට අවස්ථාව සැළසීම ගැන සතුටු වන බව කී පැතුම් නිස්සංක තෙවන කඩුල්ලට නිපුන් ධනංජය සමඟ හොඳ සම්බන්ධතාවයක් තබා ගැනීමෙන් කණ්ඩායම ස්ථාවර තත්ත්වයකට පත් කිරීමට ඔවුන් දෙදෙනාට අවස්ථාව උදා වූ බව ද පැවසීය.

පැතුම් නිස්සංක සහ නිපුන් ධනංජය තෙවන කඩුල්ලට ලකුණු 69ක සබඳතාවයක් තබාගත් අතර එහිදී පැතුම් නිස්සංක පන්දු 38කදී හතරේ හතරක් හයේ පහරක් සමඟ ලකුණු 51ක් ද නිපුන් ධනංජය පන්දු 29කදී හතරේ පහරක් හයේ පහර තුනක් සමඟ ලකුණු 40ක් ද රැස් කළහ.

නිපුන් සහ මා පන්දුවට පහර දෙද්දී ක්‍රීඩාංගණයේ වම් පෙදෙසේ හතරේ සීමාව ළඟ ඇති පැත්තෙන් අප දෙදෙනා වැඩිපුරම ලකුණු ලබා ගත්තා. නිපුන් මා හට දුන් සහයෝගය උපයෝගී කරගෙන තරගය අපට වාසිදායක ලෙසට හරවා ගැනීමට අපට අවස්ථාව උදා වූ බව ද නිස්සංක පවසයි.

අපට පෙර පැවැති ජැෆ්නා කින්ග්ස් සහ ගෝල් ටයිටන්ස් අතර තරගයේදී තණතිල්ල මඳක් මන්දගාමී ස්වරූපයක් ඉසිලුවත් අප සහභාගි  වූ දෙවන තරගය වන විට තණතිල්ල සාමාන්‍ය තත්ත්වයට හැරෙමින් පැවැති නිසා මා හට ස්වාභාවික පිතිහරඹයේ නියැළීමට අවස්ථාව සැළසුණු බව ද පැතුම් කීය.

දක්ෂම කණ්ඩායම් හතර මේ වන විට ඉදිරියට එමින් පවතින බව පවසන පැතුම් නිස්සංක අඟහරුවාදා (15) ගෝල් ටයිටන්ස් තරගය ජයගෙන සුදුසුකම් ලැබීමේ දෙවන වටයට යාමට සියලු ක්‍රීඩකයන් අපේක්ෂාවෙන් පසු වන බව ද කියයි.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest