slc
logo
Home   |    News
අගෝස්තු 24, 2023
පුහුණු තරගය මෙහෙයවීමේ වගකීම හිරාන් ජයසුන්දරට

sinhala editor

වයස අවුරුදු 19 න් පහළ බටහිර ඉන්දීය කොදෙව් පිලට ඒරෙහිව හෙට (25 දා) කොළඹ සී.සි.සී. ක්‍රීඩා පිටියේ පැවැත්වීමට නියමිත පෙරහුරු තරගය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් අවුරුදු 19 න් පහළ කණ්ඩායමක් ප්‍රකාශයට පත් කර තිබේ.

මරදාන ‌ශාන්ත ජෝෂප් විදුහල නියෝජනය කරනු ලබන දකුණත් පිතිකරු සහ කඩුලු රකින ක්‍රීඩක හිරාන් ජයසුන්දරගේ නායකත්වයෙන් යුතුව තරග වදින් ලබන ඒම කණ්ඩායම ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත වේ.

මෙම තරගාවලිය යටතේ බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම් අතර තරග 3 කින් සමන්විත නිල නොවන ඒක්දින තරග 3 ක්ද තරග 2 කින් සමන්විත සිවුදින ටෙස්ට් තරග 2 ක්ද පැවැත්වෙනු ඇත. මෙම තරග සියල්ලම රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අගෝස්තු මස 27 වැනිදා ආරම්භ වනු ඇත. පළමුව තරග 2 කින් සමන්විත ඒක්දින තරගාවලි පැවැත්වෙන අතර අනතුරුව පැවැත්වෙන සිව්දින තරග 2 න් පසු තරගාවලිය සැප්තැම්බර් මස 15 වැනිදා අවසන් වනු ඇත.

විශේන් හැළඹගේ, හිරුණ කපුරුබණ්ඩාර, විමත් දින්සර, සුපුන් වඩුගේ, හිරාන් ජයසුන්දර, ගයන වීරසිංහ, ප්‍රවීන් මනීෂ, ගීතික ද සිල්වා, දිනුර අබේවික්‍රමසිංහ, තරණ විමලධර්ම, දිනුක තෙන්නකෝන්, යූරි කොත්තිගොඩ, තිසර ඒ්කනායක, ජනිත් ප්‍රනාන්දු, මනුල කුලරත්න

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee