slc
logo
Home   |    News
අගෝස්තු 20, 2023
සිව්වැන්නේ සමාප්තිය විචිත්‍රවත් ලෙසින්

sinhala editor

දින 22 ක් මුළුල්ලේ කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියර අද (20 දා) දඹුල්ල අවුරා සහ බී-ලව් කැන්ඩි අතර තරගයෙන් නිමාවට පත් වනු ඇත. ක්‍රීඩාංගණ 2 කදී පැවැති මෙවර තරගාවලියේ අවසන් මහ තරගයට පෙර විචිත්‍රවත් සමාප්ති උත්සවයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධි විධාන යොදා තිබෙන අතර එය ප.ව. 6.00 ට ආරම්භ වීමට නියමිතය.

සංගීතය, නර්තනය මෙන්ම වර්ණවත් ගිණිකෙළි වලින් සමන්විතව පැවැත්වෙන මෙම විචිත්‍රවත් උත්සවයේදී තරගය නැරඹීමට පැමිණෙන ක්‍රීඩා ලෝලීන්ට උපරිම ප්‍රීතිය සහ උද්‍යෝගය රැගෙන ඒම අරමුණු කොට ගෙන පවත්වනු ලබයි.

ජාතික ගිය ගායනයෙන් පසු ආරම්භ වන මෙම උත්සවය ජනප්‍රිය ගායක ගායිකාවන් වන උමාරියා සිංහවංශ, කාංචනා අනුරාධි, සුපුන් පෙරේරා සහ යොහානිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර චන්දන වික්‍රමසිංහ නැටුම් කණ්ඩායම අද සමාප්තියේදී නර්තයෙන් දායකත්වය දක්වනු ඇත.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගරු සභාපති ශම්මි සිල්වා මහතා, උප සභාපතිවරුන් වන රවීන් වික්‍රමරත්න සහ ආචාර්ය ජයන්ත ධර්මදාස මෙන්ම තරගාවලි අධ්‍යක්ෂක සමන්ත දොඩන්වෙල යන මහත්වරු මෙන්ම අවසන් මහ තරගය ක්‍රීඩා කරනු ලබන කණ්ඩායම් වල ක්‍රීඩකයෝද සහභාගිවෙති.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest