slc
logo
Home   |    News
අගෝස්තු 15, 2023
තරග වෙනස් කළ හැකි දක්ෂ ක්‍රීඩකයන් අප සතුයි – ධනංජය

sinhala editor

ඕනෑම තරගයක ස්වරූපය ඉක්මනින්ම වෙනස් කළ හැකි ක්‍රීඩකයන් රැසක්ම දඹුල්ල අවුරා කණ්ඩායම නියෝජනය කිරීම අප කණ්ඩායමට විශේෂ වාසියක් වී ඇතැයි දඹුල්ල අවුරා – බී ලව් කැන්ඩි තරගයේ වීරයා ලෙස තේරුණු දඹුල්ල කණ්ඩායමට නායකත්වය දුන් ධනංජය ද සිල්වා ප්‍රකාශ කරයි.

අපගේ කණ්ඩායමේ අතිරේක ක්‍රීඩක ලැයිස්තුවේ දක්ෂතම ක්‍රීඩකයන් රැසක්ම සිටින හෙයින් ඔවුනට උපරිමයෙන් අවස්ථාව ලබාදීමට අප නිතර උත්සාහ ගන්නා බව පවසන ධනංජය ද සිල්වා එම කරුණ හිසරදයක් වුවත් එය වැදගත් වන්නේ හොඳම ක්‍රීඩක පිරිසක් කණ්ඩායමට තෝරා ගැනීමට අවස්ථාව ලැබීම මත යැයි ද පවසයි.  අවසාන තරගයට ක්‍රීඩකයන් නම් කිරීමේදී මෙය ප්‍රබල ලෙස බලපානු ඇතැයි ද ඔහු කියයි.

නායක කුසල් මෙන්ඩිස්, බිනුර ප්‍රනාන්දු, හසන් අලි ඇතුළු ක්‍රීඩකයන් පස් දෙනෙකුටම විවේක ලබාදී අතිරේක ක්‍රීඩකයන් කිහිපදෙනකුම එක්කර ගැනීම පිළිබඳව අදහස් දැක් වූ දඹුල්ල අවුරා නායකයා මෙයින් ඔප්පු වන්නේ අතිරේක ක්‍රීඩකයන් තුළ පවතින විශිෂ්ට දක්ෂතාවයන් බවත් දඹුල්ල සංචිතයට මෙවැනි ප්‍රබල ක්‍රීඩකයන් පිරිසක් එක් වූයේ ක්‍රීඩක වෙන්දේසියේදී හොඳම ක්‍රීඩකයන් තෝරා බේරා ගැනීම මතයැයි  ද කියයි.

දඹුල්ල අවුරා සහ බී ලව් කැන්ඩි තරගයේ කැන්ඩි කණ්ඩායම මුලින් පන්දුවට පහර දෙද්දී ආරම්භක පන්දු යවන්නකු ලෙස තමා පන්දු යැවීමට පැමිණියේ මීට පෙර තරගයේදී ද කැන්ඩි කණ්ඩායමේ ආරම්භක වමත් පිතිකරු ෆකාර් සමාන් තමාගේ පන්දුවකට දැවී යාම මත යැයි කී ධනංජය මෙවර ද එය සාර්ථක වූවා යැයි ද කීය. එපමණක් නොව මා පවා විශ්වාස නොකළ අයුරින් ඉනිම ආරම්භයේ පන්දුවාර දෙකක් යවද්දී ලකුණු හයකට කඩුලු හතරක් දවාලීමට තමාට අවස්ථාව ලැබුණු බව ද ඔහු පැවසීය.

අවසාන පන්දු වාරය මෙතරම් කඩුලු ලබා සිටි ඔහු යැව්වේ නැත්තේ ඇයි දැයි විමසූ විට දඹුල්ල අවුරා නායකයා පැවසුවේ එම පන්දුවාරය දීර්ඝ හතරේ සීමාව පෙදෙසින් යැවීමට තිබූ අතර ප්‍රමෝද් මධුශාන්ට පිතිකරුගේ පාදය දෙසට හොඳින් යෝකර් පන්දු යැවිය හැකි හෙයින් තමාට ලබා ගැනීමට තිබූ කඩුලු පහ ගැන නොසිතා ප්‍රමෝද්ට අවසාන ඕවරය භාර දුන් බවය.

කුසල් ජනිත් පෙරේරාගේ ඊළඟ තරග සහභාගිත්වය සහ ප්‍රධාන පුහුණුකරුවන්ගේ දායකත්වය පිළිබඳව විමසූ විට දඹුල්ල අවුරා නායකයා ප්‍රකාශ කළේ “කුසල් ජනිත් ඊළඟ තරගයට සහභාගිවීම පිළිබඳව තීරණය කළ යුත්තේ තේරීමේ කමිටුව මඟිනුයි. ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මීට කලින් ද ‘ඒ‘ කණ්ඩායම සමඟ එතෙර සංචාරයන්ට සහභාගිවීමෙන් අප අතර හොඳ අවබෝධයක් තිබෙනවා. පුහුණුකරු සනත් ජයසූරිය තරග රාශියකට සහභාගි වී ඇති අත්දැකීම් රාශියක් ඇති අයෙක්. ඔහු අපට දැනටත් ඉතා වැදගත් උපදෙස් වරින්වර ලබා දෙනවා” යි ධනංජය පැවැසීය.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee