slc
logo
Home   |    News
සැප්තැම්බර් 14, 2023
එක්දින ලෝක කුසලාන බලන්න මේ තැන් වලට යන්න

sinhala editor

ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සඳහා පිදෙන ලෝක කුසලාන මහජන ප්‍රදර්ශනය සඳහා මේ දින වල ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබේ. සැප්තැම්බර් මස 14 වැනිදා සිට ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කෙරෙන ලෝක කුසලානය ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ රටවල් 20 ක පමණ ගෙන යෑමෙන් පසුව වේ.

පළමුව මෙරට ප්‍රධාන ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ලෙසින් සැලකෙන ලෝක වෙළෙ මධ්‍යස්ථානයේදී පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා කාලය සීමාවේදී ප්‍රදර්ශනය කෙරෙන ලෝක කුසලානය ප.ව. 3.00 සිට රාත්‍රී 8.00 දක්වා One Galle Face Mall හිදී මහජනතාවට දැක බලා ගැනීම සඳහා තබා තිබේ.

සැප්තැම්බර් 15 වැනි දින ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ සහභාගිත්වයෙන් මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කිරීම සඳහා කටයුතු සැලසුම් කර තිබේ. ඉන් අනතුරුව ලෝක කුසලානය ඉන්දියාවට ගෙන යනු ඇත.  2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන ඔක්තෝම්බර් මස 05 වැනිදා සිට ඉන්දියාවේදී ආරම්භ වේ.

 

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest