ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි කස්ටම්ස් පිල වෙතින් ජයග්‍රහණය උදෙසා ලබාදුන් ලකුණු 222ක ඉලක්කය හඹා යෑමේදී මීගමුව ක්‍රිකට් සමාජය කඩුලු 2ක් ලකුණු 11කට දැවී යෑමෙන් තරගය ඉතා විවෘත මුහුණුවරක් ගෙන ඇත.
කටුනායක වෙළද කලාප ක්‍රීඩාංගණයේ අද දෙවැනි දිනයට තරගය නිමාවූ අතර, හෙට දිනය සම්පූර්ණයෙන්ම ඉතිරිව ඇති හෙයින් මීගමුව ක්‍රිකට් පිල කඩුලු 8ක් අතැතිව තවත් ලකුණු 197ක් ජයග්‍රහණය වෙනුවෙන් ලබාගත යුතුය. මීගමුව ක්‍රිකට් සමාජය කාසියේ වාසිය දිනා මුලින් පන්දු රැකීමට තීරණය කොට කැන්ඩි කස්ටම්ස් පිලට පන්දුවට පහරදීමට ආරාධනා කළේය. අද දිනයේත් තරග කිහිපයකටම වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් දිනයේ නියමිත ඕවර් ගනන යැවීමට හැකියව නොළැඹී ගියේය.
කැන්ඩි කස්ටම්ස් පිල පළමු ඉනිම ලකුණු 117 (ඕවර් 34) – සහන් කෝසල 51, සමන් කඳනාරච්චි 34 ( චනුර ප්‍රනාන්දු 28/3, උපුල් ඉන්ද්‍රසිරි 34/2, නිෂාන් පීරිස් 24/3)
මීගමුව ක්‍රිකට් පිල පළමු ඉනිම ලකුණු 131 (ඕවර් 54.5)– දිල්ෂාන් මුණවීර 14, ජටින් සක්සේනා 16, හිමාෂ ලියනගේ 30, උමේෂ් ලක්ෂාන් 17, නිෂාන් පීරිස් 22, (ගයාන් සිරිසෝම 34/4, බුද්ධික සංජීව 38/4)
කැන්ඩි කස්ටම්ස් පිල දෙවැනි ඉනිම ලකුණු 221 (ඕවර් 57) – මලින්ද මධුරංග 44, සධීර ජයවර්ධන 45, ඉමේෂ් උදයංග 14, සහන් කෝසල 22, සමන් කඳනාරච්චි 34, මිතුන් ජයවික්‍රම 37, අනුරීට් සිං 24 ( චනුර ප්‍රනාන්දු 35/2, උපුල් ඉන්ද්‍රසිරි 67/4, නිෂාන් පීරිස් 63/3)
මීගමුව ක්‍රිකට් පිල දෙවැනි ඉනිම කඩුලු 2කට ලකුණු 11 (ඕවර් 3.2) – උපුල් ඉන්ද්‍රසිරි නොදැවී 6 ( ගයාන් සිරිසෝම 8/1, ඉමේෂ් උදයංග 2/1)
කුරුණෑගල පළමු ඉනිම 257 යි
කුරුණෑගල යූත් හා ඒස් කැපිටල් අතර වෙලගෙදර පිටියේ පැවැති තරගයේදී ඒස් කැපිටල් පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට කුරුණෑගල යූත් පිලට ආරාධනා කළේය.
කුරුණෑගල යූත් පිල පළමු ඉනිම ලකුණු 257 (ඕවර් 71.4) – ගයාන් මනීෂාන් 21, දිල්හාර පොල්ගම්පොල 21, දමිත් පෙරේරා 57, සනෝජ් දර්ශික 58, දේශාන් සෙනවිරත්න 21, චමෝද් බණ්ඩාර නොදැවී 31 ( නිම්සර අතරගල්ල 72/2, රොෂාන් ජයතිස්ස 51/3, වනුජ සහන් කුමාර 101/4)
ඒස් කැපිටල් පිල පළමු ඉනිම කඩුලු 6කට ලකුණු 123 (ඕවර් 39) – පවන්ත වීරසිංහ නොදැවී 58, රවිඳු රත්නායක 31 (අරවින්ද ප්‍රේමරත්න 11/2, චනුක දිල්ෂාන් 20/2)
හලාවත මේරියන්ස් කඩුලු 3 ට ලකුණු 212 යි
හලාවත මේරියන්ස් හා මුවර්ස් අතර මග්ගොන සරේ පිටියේදී ආරම්භ වූ තරගයේදී මුවර්ස් පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දු රැකීමට තීරණය කළේය.
හලාවත මේරියන්ස් පිල පළමු ඉනිම කඩුලු 3කට ලකුණු 212 (ඕවර්49) – විශ්ව චතුරංග 53, තරිඳු අමරසිංහ 53. කසුන් විදුර නොදැවී 82, නිනාද් කාදම් නොදැවී 13 ( මිලාන් රත්නායක 36/1, කිලංග උදේශන 35/1, ප්‍රවීන් ජයවික්‍රම 38/1)
බී.ආර්. සී. කඩුලු 7 ට ලකුණු 382 යි
ගාල්ල ක්‍රිකට් පිටියේදී ආරම්භ වූ ගාල්ල හා බී.ආර්.සී. අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් ගාල්ල ක්‍රීඩා සමාජය මුලින් පන්දුවට පහරදීමට බීආර්සී පිලට ආරාධනා කළේය.
බී.ආර්.සී. පිල පළමු ඉනිම කඩුලු 7කට ලකුණු 382 (ඕවර් 111) – දුලාජ් අශාන් 18, ලියෝ ප්‍රනාන්දු 39, අභිෂේක් රාමාන් 38, රිසිර වීරසූරිය 73, දුලාෂ් උදයංග 50, ලක්ෂාන් ගමගේ 77 නිමන්ද මධුසංඛ නොදැවී 58, දෙවිඳු තිලකරත්න නොදැවී 20 ( සහන් අදීෂ 96/3, උමේග චතුරංග 72/3)
ගුවන් හමුදාව ලකුණු 205 කට දැවී යයි
සෙබස්තියනයිට්ස් හා ගුවන් හමුදාව අතර මොරටුව ද සොයිසා පිටියේදී පැවැති තරගයේදී සෙබස්තියනයිට්ස් පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට ගුවන් හමුදා පිලට ආරාධණා කළේය.
ගුවන් හමුදා පිල පළමු ඉනිම ලකුණු 205 (ඕවර් 90) – උදයවංශ පරාක්‍රම 34, සහීල් ඩයස් 22, ගීත් කුමාර 22, මොවින් සුබසිංහ 12, ප්‍රවීන් ද සිල්වා 68, දුලාංජල මෙන්ඩිස් 16, ( ඉසිත දේව් විජේසුන්දර 40/2, තරිඳු රත්නායක 43/2, තුෂාර ප්‍රනාන්දු 44/4)
සෙබස්තියනයිට්ස් පිල පළමු ඉනිම කිසිවෙකු නොදැවී ලකුණු 16 (ඕවර් 12) – අභිෂේක් ලියනාරච්චි නොදැවී 5, අදීෂ නානායක්කාර නොදැවී 10
ටැමිල් යුනියන් කඩුලු 4 ට ලකුණු 171 යි
කොළඹ එන්සීසී පිටියේ පැවැති එන්සීසී හා ටැමිල් යූනියන් අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් එන්සීසී පිල මුලින් පන්දුවට පහරදීමට ටැමිල් යූනියන් පිලට ආරාධනා කළේය.
ටැමිල් යූනියන් පිල පළමු ඉනිම කඩුලු 4කට ලකුණු 171 (ඕවර් 42.1) – කමේෂ් නිර්මාල් 23, රොන් චන්ද්‍රගුප්ත 58, විජේකාන්ත් වියෙස්කාන්ත් 46, ලසිත් අඹේරත්න නොදැවී 20, ෂම්මු අශාන් නොදැවී 18
බ්ලූම්ෆීල්ඩ් 131 යි
බ්ලූම්ෆීල්ඩ් හා පොලිස් ක්‍රීඩා සමාජය අතර බ්ලූම්ෆීල්ඩ් පිටියේ පැවැති තරගයේදී බ්ලූම්ෆීල්ඩ් පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය.
බ්ලූම්ෆීල්ඩ් පිල පළමු ඉනිම ලකුණු 131 (ඕවර් 43.5) – සෙයිඩ් හස්නයින් 52, නිපුන් කරුණානායක 19, මනෙල්කර් ද සිල්වා 10, ජෙෆ්රි වැන්ඩර්සේ නොදැවී 24 ( මලින්ද පුෂ්පකුමාර 64/6, නලීන් ප්‍රියදර්ශන 46/3)
පොලිස් පිල පළමු ඉනිම කඩුලු 1කට ලකුණු 16 (ඕවර් 6) – හේෂාන් ප්‍රනාන්දු නොදැවී 3, මලින්ද පුෂ්පකුමාර නොදැවී 6 ( සහන් නානායක්කාර 6/1)