slc
logo
Home   |    News
සැප්තැම්බර් 4, 2023
කුසල් මෙන්ඩිස්ට හොඳ අවස්ථාවක්

sinhala editor

ඇෆ්ගනිස්තානය හමුවේ බංග්ලාදේශ පිල ලද ලකුණු 89 ක ජයත් සමග ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුව උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. ශ්‍රී ලංකාව හමුවේ ලද කඩුලු 8 ක පරාජයත් සමඟ බංග්ලාදේශය කණ්ඩායමට සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයට පිවිසීමේ අවධානම් තත්ත්වයක් උද්ගත වුවත් ඇෆ්ගනිස්තානය හමුවේ ලද ජයත් සමඟ ඔවුන් අවධානම් කළාපයෙන් බැහැර වී සිටියි.

ඒ් අනුව හෙට (05 දා) ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගයේ තීරණය වඩාත්ම අවධානයට පාත්‍ර වී තිබෙන්නේ ඇෆ්ගනිස්තානු කණ්ඩායමට තරගාවලියේ ඉදිරියට යෑම සඳහා ඇති අවසාන අවස්ථාව බවට පත්ව තිබෙන බැවිනි. හෙට තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට බංග්ලාදේශය ද සුදුසුකම් ලබන අතර තරගය පරාජයට පත් වුවහොත් ඉදිරියට යනු ලබන කණ්ඩායම් කවුරුන්ද යන්න තීරණය කෙරෙනුයේ ශුද්ධ ලකුණු වේගයට අනුවය.  එහි ඉදිරියෙන් සිටින කණ්ඩායම් දෙක සුපිරි 4 දෙනාගේ වටයට පිවිසෙනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර බංග්ලාදේශය එහි දෙවැනි ස්ථානයේ පසු වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය අතර තරගයට සහභාගිවීමෙන් අනතුරුව ලාහෝර් බලා පිටත්ව ගොස් සිටියි.  ශ්‍රී ලංකාව අවසන් වතාවට ඇෆ්ගනිස්තානු පිල මුණ ගැසුණේ මීට මාස 2 කට පමණ පෙර හම්බන්තොටදී පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදීය. එම තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වුවද දෙවැනි සහ තෙවැනි තරග ජය ලබමින් තරගාවලියේ ජය අත්කර ගැනීමට සත්කාරකයින්ට සමත්විය.

දෙරට මේ දක්වා එක්දින තරග 10 කදී මුණ ගැසි තිබෙන අතර ඉන් තරග 6 කදී ශ්‍රී ලංකා පිල ජය වාර්තා කරද්දී ඇෆ්ගනිස්තානය තරග 3 කදී ජය වාර්තා කරගෙන සිටියි. ශ්‍රී ලංකා කණ්ඩායම සම්ප්‍රදායක් ලෙසින් ජයග්‍රාහී සංයුතිය නොවෙනස්ව තරග වදිනු ලබන බව සාමාන්‍ය තත්ත්වයක් බැවින් හෙට තරගයේදීද කණ්ඩායමේ වෙනස්කමක් සිදුවෙතැයි අපේක්ෂා කළ නොහැක.

ලාහෝර් තණතීරුව පිතිකරුවන්ගේ පාරාදීසයක් ලෙසින් සැලකෙයි. එය වඩාත්ම සාක්ෂාත් වූයේ ඊයේ පැවැති තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 300 සීමාව ඉක්මවා ලකුණු රැස් කිරීමට සමත්වීමයි. එබැවින් ලකුණු අතරට පැමිණීමට නොහැකිව සිටින කුසල් මෙන්ඩිස්ට හෙට තරගයේදී ලකුණු අතරට පිවිස යළිත් සුපුරුදු රිද්මයට අනුගත වීමට හොඳ අවස්ථාවක් නිර්මාණය වී තිබේ.

එමෙන්ම මෙම තරගාවලියේදී අසාර්ථක වුණු දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංකටද සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයට පෙර ලකුණු අතරට පැමිණීමටද හෙට තරගය වඩා වැදගත් වෙනු ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නවතම වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාව එහි 8 වැනි ස්ථානයේත් ඇෆ්ගනිස්තානය එහි 9 වැනි ස්ථානයේත් සිට ගනිමින් හෙට තරගයට අවතීර්ණ වෙති. මෑතකදී ටෙස්ට් වරම් දිනූ කණ්ඩායමක් වුවද ඇෆ්ගනිස්තානය සතු හොඳ පිතිකරුවන් රැසක් මෙන්ම දඟ පන්දු යවන්නන් තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකි. රශීඩ් ඛාන්, මුජීබ් උර් රෙහ්මාන්, සහ නූර් අහමඩ් ඔවුන් සතුව ඇති දඟ පන්දු යවන්නෝ වෙති. ඊට අමතරව හිටපු නායක ගුලාබ්දීන් නබීදට හොඳින් පිට දඟ පන්දු යැවිය හැකිය. එබැවින් ඔවුන් හමුවේ තම වගකීම කුමක්ද යන්න තේරුම් ගෙන ක්‍රීඩා නොක‌‌ළහොත් ඉන් ලැබෙන ප්‍රතිවිපාකය කුමක්ද යන්න ඔවුනට අමුතුවෙන් තේරුම් කර දිය යුතු නොවේ.

ශ්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), පැතුම් නිස්සංකදිමුත් කරුණාරත්නකුසල් පෙරේරාකුසල් මෙන්ඩිස්චරිත් අසලංකධනංජය ද සිල්වාසධීර සමරවික්‍රමමහීෂ් පතිරණදුනිත් වෙල්ලාලගේමතීෂ පතිරණකසුන් රාජිතදුශාන් හේමන්තබිනුර ප්‍රනාන්දුප්‍රමෝද් මධුශාන්. 

ඇෆ්ගනිස්තාන කණ්ඩායම – හෂ්මාතුල්ලා ශහිඩි (නායක), ඊබ්‍රහිම් සද්‍රාන්, ඉක්‍රම් අලිඛිල්
නජිබුල්ලා සද්‍රාන්, රාමනුල්ලා ගුර්බාස්, රියාස් හසන්, ගුලාබ්දීන් නයිබ්, කරීම් ජැනට්, මොහොමඩ් නබී, රාමට් ෂා, රශීඩ් ඛාන්, ශ‌ෆ්‍රාෆුඩීන් අශ්රෆ්, අබ්දූල් රහ්මාන්, ෆසල්හක් ෆරූකි, මොහොමඩ් සලීම්, මුජීබ් ‌උර් රෙහ්මාන්, නූර් අහමඩ්.

 

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest