slc
logo
Home   |    News
සැප්තැම්බර් 22, 2023
තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයට වැස්සෙන් බාධා

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයකටම වර්ෂාවෙන් බාධා ඇති විය. මේ හේතුවෙන් දිනයේ නියමිත ඕවර් ගනන යැවීමට හැකියව නොළැඹී ගියේය.

කටුනායක නිදහස් වෙළද කළාප ක්‍රීඩාංගණයේදී පැවැති මීගම්ව ක්‍රිකසෙමාජය හා සැන්ඩි කස්ටම්ස් අතර තරගයේ පමණක් ඕවර් 68ක් යැවීමේ අවස්ථාව හිමි විය. එම තරගයේදී මීගමුව ක්‍රිකට් සමාජය කාසියේ වාසිය දිනා මුලින් පන්දු රැකීමට තීරණය කළේය.

කැන්ඩි කස්ටම්ස් පිල පළමු ඉනිම ලකුණු 117 (ඕවර් 34) – සහන් කෝසල 51, සමන් කඳනාරච්චි 34 ( චනුර ප්‍රනාන්දු 28/3, උපුල් ඉන්ද්‍රසිරි 34/2, නිෂාන් පීරිස් 24/3)

මීගමුව ක්‍රිකට් පිල පළමු ඉනිම කඩුලු  5කට ලකුණු 85 (ඕවර් 34) – දිල්ෂාන් මුණවීර 14, ජටින් සක්සේනා 16,  හිමාෂ ලියනගේ නොදැවී 17, උමේෂ් ලක්ෂාන් නොදැවී 16 ( ගයාන් සිරිසෝම 24/2, බුද්ධික සංජීව 27/3)

කරුණෑගල යූත් කඩුලු 4 ට ලකුණු 136 යි

කුරුණෑගල යූත් හා ඒස් කැපිටල් අතර වෙලගෙදර පිටියේ පැවැති තරගයේදී ඒස් කැපිටල් පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට කුරුණෑගල යූත් පිලට ආරාධනා කළේය.

කුරුණෑගල යූත් පිල පළමු ඉනිම කඩුලු 4කට ලකුණු 136 (ඕවර් 35.1) – ගයාන් මනීෂාන් 21, දිල්හාර පොල්ගම්පොල 21, දමිත් පෙරේරා 57, සනෝජ් දර්ශික නොදැවී 17 ( වනුජ සහන් කුමාර 38/2)

හළාවත ප්‍රබල තත්ත්වයක

හලාවත මේරියන්ස් හා මුවර්ස් අතර මග්ගොන සරේ පිටියේදී ආරම්භ වූ තරගයේදී මුවර්ස් පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දු රැකීමට තීරණය කළේය.

හලාවත මේරියන්ස් පිල පළමු ඉනිම කඩුලු 3කට ලකුණු 210 (ඕවර්47.1) – විශ්ව චතුරංග 53, තරිඳු අමරසිංහ 53. කසුන් විදුර නොදැවී 82, නිනාද් කාදම් නොදැවී 13 ( මිලාන් රත්නායක 36/1, කිලංග උදේශන 35/1, ප්‍රවීන් ජයවික්‍රම 38/1)

බී.ආර්.සී. කඩුලු 3 ට ලකුණු 174 යි

ගාල්ල ක්‍රිකට් පිටියේදී ආරම්භ වූ ගාල්ල හා බී.ආර්.සී. අතර  තරගයේ කාසියේ වාසිය දිනාගත් ගාල්ල ක්‍රීඩා සමාජය මුලින් පන්දුවට පහරදීමට බීආර්සී පිලට ආරාධනා කළේය.

බී.ආර්.සී. පිල පළමු ඉනිම කඩුලු 3කට ලකුණු 174 (ඕවර් 55.2) – දුලාජ් අශාන් 18, ලියෝ ප්‍රනාන්දු 39, අභිෂේක් රාමාන් 38, රිසිර වීරසූරිය නොදැවී 30, දුලාෂ් උදයංග නොදැවී 48 ( සහන් අදීෂ 46/2)

ගුවන් හමුදාව අසීරුතාවක

සෙබස්තියනයිට්ස් හා ගුවන් හමුදාව අතර මොරටුව ද සොයිසා පිටියේදී පැවැති තරගයේදී සෙබස්තියනයිට්ස් පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට ගුවන් හමුදා පිලට ආරාධණා කළේය.

ගුවන් හමුදා පිල පළමු ඉනිම කඩුලු 4කට ලකුණු 92 (ඕවර් 35.2) – උදයවංශ පරාක්‍රම 34, සහීල් ඩයස් 22, ගීත් කුමාර නොදැවී 20 ( තුෂාර ප්‍රනාන්දු 12/2)

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee