slc
logo
Home   |    News
සැප්තැම්බර් 7, 2023
පාකිස්තානය ප්‍රසාද ලකුණු සටහනේ පෙරට

sinhala editor

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 දෙනාගේ තරග වටය ආරම්භ කරමින් ලාහෝර්හිදී බංග්ලාදේශ පිලට එරෙහිව පැවැති තරගයේදී පාකිස්තානු පිල කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට සමත්විය. එම ජයග්‍රණයත් සමඟම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද පාකිස්තානු පිල සමත්ව සිටියි.

පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 193 කට නවතාලූ පාකිස්තානු කණ්ඩායම එය හඹා යෑමේදී පන්දු 63 ක් සහ කඩුලු 7 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගත්තේය.

පාකිස්තානු ජය්‍රහණය වෙනුවෙන් ඉමාම් උල් හක් ලකුණු 78 ක් සහ මොහොමඩ් රිස්වාන් ලකුණු 63 ක් වශයෙන් අර්ධ ශතක ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට බංග්ලාදේශ පිල තීරණය කළද පළමු පන්දුවාර 10 අවසන් වීමට මත්තෙන්ම ලකුණු 47 ක් ඇතුළත කඩුලු 4 ක් දවා ගැනීමට පාකිස්තානු පන්දු යවන්නෝ සමත්වූහ. එහෙත් පස්වැනි කඩුල්ලට එක් වුණු ශකීබ් අල් හසන් (53) සහ මුෂ්ෆිකර් රහීම් (64) බංග්ලාදේශ පිල ඉදිරියට රැගෙන ගියහ. ඒහෙත් ශකීබ්ගේ දැවී යෑමත් සමඟ ඉනිමේ අවසන් පිතිකරුවන් හය දෙනාම ලකුණු 46 ක් ඇතුළත දැවී යෑම කැපී පෙනිණ.

බංග්ලාදේශය පන්දුවාර 38.4 කදී ලකුණු 193 යි – (මොහොමඩ් නයීම් 20, ලිටන් දාස් 116, ශකීබ් අල් හසන් 53, මුෂ්ෆිකර් රහීම් 64, ශම්මි හොසේන් 16, අෆීෆ් හොසේන් 12, නසීම් ෂා 34/3, හාරිස් රවුෆ් 19/4)

පාකිස්තානය පන්දුවාර 39.3 කදී කඩුලු 3 ට ලකුණු 194 යි – (ෆකර් සමාන් 20, ඉමාම් උල් හක් 78, බාබර් අසාම් 17, මොහොමඩ් රිසාවාන් 63, අඝා සල්මාන් 12*)

Active filters

Recent Posts

  • පාකිස්තාන යොවුන් පිල තරගාවලියේ පෙරමුණ ගනියි
    ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කළ සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රීඩා සමාජ තරගාවලිය මෙවර සිව්දින තරගාවලියක් වෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම ක්‍රීඩා සමාජ සිවුදින ක්‍රිකට් තරගාවලිය 2026/27 තරග වාරයේදී පළමු වරට සිවුදින තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතය. ඒ අනුව, නොවැම්බර් 19 වැනිදා සිට […]
  • ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 15 ක් ඇතුළත බිඳ වැටෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය එක්වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම අද (18) රාත්‍රියේදී සමත් විය. රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී […]
  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]

Pin It on Pinterest

USD United States (US) dollar