slc
logo
Home   |    News
සැප්තැම්බර් 8, 2023
යොවුන් තරගයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට

sinhala editor

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දූපත් අවුරුදු 19න් පහළ යොවුන් සිව් දින ක්‍රිකට් තරගය අද (08) ජය පැරැදුමකින් තොරව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විණ. තම 18 වැනි ජන්ම දිනය යෙදී තිබූ අද දිනයේදී ප්‍රතිවාදී පිලේ කඩුලු 6 ක් දවාලීමට සමත්වූ විහස් තෙව්මික වැඩි ගෞරව ශ්‍රී ලංකා යොවුන් පිලට අත්කර දීමට සමත්වූවේය. විහස්ගේ පන්දු යැවීම මත ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ප්‍රථම ඉනිමේ ලකුණු 123කින් ඉදිරියෙන් සිටීමට අවස්ථාව උදා විණි.

2005 වසරේ සැප්තැම්බර් 08 වැනිදා උපත ලද විහස් තෙව්මික අද (08) 18 වන වියට පා තැබූ අතර ඔහු එය සැමරුවේ දකුණතින් පිට දඟපන්දු යවමින් පන්දුවාර 24.5 කදී ලකුණු 78 ක් අතුළත තම කඩුලු 6 දවා ගත්තේය.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සිය පළමු ඉනිමේ දී කඩුලු අටකට රැස් කළ ලකුණු 432ට පිළිතුරු ලෙසින්, විහස් තෙව්මික සහ විශ්ව ළහිරුගේ (61/3යි) දක්ෂ පන්දු යැවීම හමුවේ කොදෙව් යෞවනයෝ මුල් ඉනිමේ දී රැස් කළේ ලකුණු 309කි. තරගය අද අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හතරකට ලකුණු 122ක් ලබා සිටීමට සමත් විය.

ලංකා යොවුන් කණ්ඩායමේ දෙවැනි ඉනිම වෙනුවෙන් රවිෂාන් නෙත්සර ලකුණු 50ක් රැස් කළේ පන්දු 52ක දී හතරේ අටක් සමඟය. ෂන්මුගනාදන් පන්දු 46ක දී හතරේ දෙකක් සමඟ නොදැවී ලකුණු 26ක් ලබා සිටියේය.  මේ සිව් දින යොවුන් තරගයට වරින් වර වර්ෂාවෙන් බාධා ඇතිවුවත් අද (08) අවසාන දිනයේ සාමාන්‍ය පරිදි තරගය පවත්වාගෙන යාමට අවස්ථාව උදාවීම විශේෂ සිදුවීමකි.

තෙවන දින (07) තරගය නිම වන විට කඩුලු තුනකට ලකුණු 119ක් රැස් කර සිටි කොදෙව් යොවුන් කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා ලකුණු 309ක් රැස් කිරීමට අවස්ථාව උදා වූයේ සිව් වන කඩුල්ලට ජෝර්ඩ්න් ජොන්සන් (ලකුණු 149) සහ ස්ටීවන් වේඩ්න්බර්ග් (41) එක්ව එක් කළ ලකුණු 110ක සබඳතාවයෙනි.

මෙහිදී ජෝර්ඩ්න් ජොන්සන් පන්දු 207ක දී හතරේ 11ක් හයේ දෙකක් සමඟ ලකුණු 149ක් ද ස්ටීවන් වේඩ්න්බර්ග් පන්දු 164ක දී හතරේ දෙකක් සහ හයේ පහරක් සමඟ ලකුණු 41ක් ද ලබා කැපී පෙනුණි. නේදන් එඩ්වර්ඩ් ද ලකුණු රැස් කිරීමේ දී කැපී පෙනුණේ පන්දු 83කට මුහුණ දී හතරේ හතරක් සමඟය.

ලංකා කණ්ඩායමේ දිනුර කළුපහන ප්‍රථම ඉනිමේ දී ශතකයක් ද දෙවන ඉනිමේ දී නොදැවී ලකුණු 22ක් ද කොදෙව් කණ්ඩායමේ ජෝර්ඩ්න් ජොන්සන් ලකුණු 149ක් ද රැස් කරමින් පිතිකරුවන් අතර මේ තරගයේ දී දක්ෂතා අතර සිටීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 105ක දී කඩුලු 8කට ලකුණු 432යි – (දිනුර කළුපහන 150, පුළිඳු පෙරේරා 71, සිනෙත් ජයවර්ධන 34, රවිෂාන් නෙත්සර 31, රුසඳ ගමගේ 07, ෂරුජන් ෂන්මුගනාදන් 17, විශ්ව රාජපක්ෂ 09, මල්ෂා තරුපති 65, විහස් තෙව්මික 35, විශ්ව ළහිරු 00, ටරික් එඩ්වඩ් 99/3, නේතන් සීලි 100/2, ඉසායි තෝරන් 58/2)

බටහිර ඉන්දීය කොදෙව් දූපත් අවුරුදු 19න් පහළ කණ්ඩායම පළමු ඉනිම 309 (පන්දුවාර 89.5යි) – (ජෝර්ඩ්න් ජොන්සන් 149, ස්ටීවන් වේඩ්න්බර්ග් 41, නේදන් එඩ්වර්ඩ් 36, ඒඩ්‍රියන් වියර් 15, ස්ටීවන් පැස්කල් 11, විහස් තෙව්මික 78/6, විශ්ව ළහිරු 61/3)

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම දෙවන ඉනිම කඩුලු 4ට 122 (පන්දුවාර 25යි) – රවිෂාන් නෙත්සර 50, ෂරුජන් ෂන්මුගනාදන් නොදැවී 26, පළිඳු පෙරේරා 13, දිනුර කළුපහන නොදැවී 22, රෙඩ්න් එඩ්වඩ්ස් 18/1, නේදන් සලී 26/1)

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee