slc
logo
Home   |    News
සැප්තැම්බර් 7, 2023
යොවුන් පිලේ තෙවැනි දිනය පන්දුවාර 24 කට සීමා වෙයි

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් අවුරුදු 19 න් පහළ පිලට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිව්දින තරගයේ තෙවැනි දිනය වූ අද (07 වැනිදා) දිනය පන්දුවාර 24.4  කට පමණක් සීමා විය. දිවා භෝජනයට මිනිත්තු 30 කට පමණ පෙර තරගයට වර්ෂාවෙන් බාධා පැමිණ ක්‍රීඩාව නිමා කර දමන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බටහිර ඉන්දීය ‌කොදෙව් යොවුන් ක්‍රීඩකයෝ කඩුලු 3 කට ලකුණු 119 ක් ලබා සිටියහ.

පෙර දිනයේදී නියමිත පන්දුවාර සංඛ්‍යාව යැවීමට නොහැකිවීම නිසා අද දිනයේදී තරගය පෙ.ව. 9.45 ට ආරම්භ කෙරුණු අතර තරය ප.ව. 11.30 පමණ වන විට නවතා දැමෙන විටත් සංචාරකයින්ගේ කඩුලු 2 ක් ඩැහැ ගැනීමට විශ්ව ළහිරු සහ විහස් තෙව්මික සමත්වූහ.

ඒ් අතරතුර දෙවැනි පන්දුවාර 50 තරගයේදී ශතකයක් ලද ජෝර්ඩ්න් ජොන්සන් සිය අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට සමත්වීම සංචාරකයින්ගේ ඉනිමේ කැපී පෙනෙන එකම සිදුවීම විය. පන්දු 67 කට මුහුණ දුන් ජොන්සන් හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමඟින් ලකුණු 54 ක් ද ස්ටීව් වෙඩබර්න් පන්දු 54 කදී ලකුණු 28 ක් ලබා කඩුල්ලේ රැඳී සිටිති.

අද දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා වූයේ ජොෂුවා ඩෝර්න් (06) වන අතර ඔහු වමත් දඟ පන්දු යවන්නා වන විශ්ව ළහිරුගේ පන්දුවක් හමුවේ දැවී ගියේ විශ්ව රාජපක්ෂ උඩ පන්දුවක් රැක ගැනීම නිසාය. එතැනින් නොනැවතුණු විශ්ව නැවතත් ස්ටීවන් පැස්කල්වද කඩුල්ල මුවා කිරීමේ වරදහදට හසුකර ගත්තේය.

හෙට තරගයේ සිව්වැනි සහ අවසන් දිනය වේ.

ශ්‍රී ලංකා අවු. 19 න් පහළ කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 105 කදී කඩුලු 8 කට ලකුණු 432 යි – (දිනුර කලුපහන 150*, පුළිඳු පෙරේරා 71, සිනෙත් ජයවර්ධන 34, රවිෂාන් නෙත්සර 31, රුසඳ ගමගේ 07, සරුජන් ශන්මුගනාදන් 17, විශ්ව රාජපක්ෂ 09, මල්ෂ තරුපති 65, විහස් තෙව්මික 35, විශ්ව ළහිරු 00*, ටරික් ඒඩ්වර්ඩ් 99/3, නේතන් සීලි 100/2, ඉසායි තෝරන් 58/2)

බටහිර ඉන්දීය කොදෙව් ‌අවු. 19 න් පහළ පිල පන්දුවාර 31.5 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 119 යි – (ඒ්ඩ්‍රියන් වියර් 15, ස්ටීවන් පැස්කල් 11, ජොෂුවා ඩ්‍රෝන් 06, ජෝර්ඩ්න් ජොන්සන් 54*, ස්ටීවන් වෙඩරබර්න් 28*, විශ්ව ළහිරු 22/2, විහස් තෙව්මික 39/1)

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest