slc
logo
Home   |    News
සැප්තැම්බර් 24, 2023
වර්ෂාවෙන් බාධා මැද ශතක තුනක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මීගමුව ක්‍රිකට් සමාජය ලකුණු 35කින් පරාජයට පත් කළ කැන්ඩි කස්ටම්ස් පිල මෙවර තරගාවලියේ සිය දෙවැනි පූර්ණ ජයග්‍රහණය වාර්තා කළේය. කැන්ඩි කස්ටම්ස් මෙයට පෙර පානදුර ක්‍රීඩා සමාජය ඉනිමක හා ලකුණු 58කින් පරාජය කිරීමට සමත් වූවේය.

මේ අතර මේ සතියේ නිමාවූ තරගවලදී ශතක තුනක් වාර්තාවීම කැපී පෙණුනි. මුවර්ස් පිලට එරෙහිව හලාවත මේරියන්ස් ක්‍රිකට් පිලේ කසුන් විදුර ලකුණු 116ක්, ගාලු ක්‍රීඩා සමාජයට එරෙහිව බීආර්සී පිලේ නිමන්ද සුබසිංහ නොදැවී ලකුණු 100ක් හා එන්සීසී පිලට එරෙහිව ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයේ ලසිත් අඹේරත්න නොදැවී ලකුණු 100ක් වාර්තා කළහ.

කැන්ඩි කස්ටම්ස් පිල ජයග්‍රහණය උදෙසා මීගමුව ක්‍රිකට් සමාජයට ලබාදුන් ලකුණු 222ක ඉලක්කය හඹා යෑමේදී ලකුණු 72කට මීගමුව පිලේ සියලු දෙනා දැවී ගියහ. කැන්ඩි කස්ටම්ස් පිලේ ගයාන් සිරිසෝම තරගය පුරා කඩුලු 8ක් බිද හෙලීමට සමත්වීමෙන් මීගමුව ක්‍රිකට් සමාජය බලවත් අසීරුතාවකට පත් විය. මීගමුව ක්‍රිකට් සමාජය කාසියේ වාසිය දිනා මුලින් පන්දු රැකීමට තීරණය කොට කැන්ඩි කස්ටම්ස් පිලට පන්දුවට පහරදීමට ආරාධනා කළේය.

කැන්ඩි කස්ටම්ස් පිල පළමු ඉනිම ලකුණු 117 (ඕවර් 34) – සහන් කෝසල 51, සමන් කඳනාරච්චි 34 ( චනුර ප්‍රනාන්දු 28/3, උපුල් ඉන්ද්‍රසිරි 34/2, නිෂාන් පීරිස් 24/3)
මීගමුව ක්‍රිකට් පිල පළමු ඉනිම ලකුණු 131 (ඕවර් 54.5) – දිල්ෂාන් මුණවීර 14, ජටින් සක්සේනා 16, හිමාෂ ලියනගේ 30, උමේෂ් ලක්ෂාන් 17, නිෂාන් පීරිස් 22, (ගයාන් සිරිසෝම 34/4, බුද්ධික සංජීව 38/4)
කැන්ඩි කස්ටම්ස් පිල දෙවැනි ඉනිම ලකුණු 221 (ඕවර් 57) – මලින්ද මධුරංග 44, සධීර ජයවර්ධන 45, ඉමේෂ් උදයංග 14, සහන් කෝසල 22, සමන් කඳනාරච්චි 34, මිතුන් ජයවික්‍රම 37, අනුරීට් සිං 24 ( චනුර ප්‍රනාන්දු 35/2, උපුල් ඉන්ද්‍රසිරි 67/4, නිෂාන් පීරිස් 63/3)
මීගමුව ක්‍රිකට් පිල දෙවැනි ඉනිම ලකුණු 172 (ඕවර් 59.5) – උපුල් ඉන්ද්‍රසිරි 15, ජටින් සක්සේනා 13, හිමාෂ ලියනගේ 68, මාධව වර්ණපුර 36, නිෂාන් පීරිස් 11 ( ගයාන් සිරිසෝම 75/4, ඉමේෂ් උදයංග 25/2, යොහාන් සුරේෂ් 20/2)

කුරුණෑගල යූත් – ඒස් කැපිටල් ජය පරාජ නෑ

කුරුණෑගල යූත් හා ඒස් කැපිටල් අතර වෙලගෙදර පිටියේ පැවැති තරගයේදී ඒස් කැපිටල් පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට කුරුණෑගල යූත් පිලට ආරාධනා කළේය.

කුරුණෑගල යූත් පිල පළමු ඉනිම ලකුණු 257 (ඕවර් 71.4) – ගයාන් මනීෂාන් 21, දිල්හාර පොල්ගම්පොල 21, දමිත් පෙරේරා 57, සනෝජ් දර්ශික 58‍, දේශාන් සෙනවිරත්න 21, චමෝද් බණ්ඩාර නොදැවී 31 (නිම්සර අතරගල්ල 72/2, රොෂාන් ජයතිස්ස 51/3, වනුජ සහන් කුමාර 101/4)
ඒස් කැපිටල් පිල පළමු ඉනිම ලකුණු 245 (ඕවර් 83.2) – පවන්ත වීරසිංහ 91, රවිඳු රත්නායක 31, නවිඳු ආමන්ත 10, හර්ෂ කුරේ 26, සකුන ලියනගේ 34, රොෂාන් ජයතිස්ස 25 (අරවින්ද ප්‍රේමරත්න 24/3, දිනුක මිලාන් 39/3, චනුක දිල්ෂාන් 59/3)
කුරුණෑගල යූත් පිල දෙවැනි ඉනිම කඩුලු 2කට ලකුණු 79 (ඕවර් 23) – දිල්හාර පොල්ගම්පොල 14, සමිට් ගෝහේල් නොදැවී 31, දමිත් පෙරේරා නොදැවී 22 ( නිම්සර අතරගල්ල 40/2)

මේරියන්ස් – මුවර්ස් විසදුමක් නෑ

ලාවත මේරියන්ස් හා මුවර්ස් අතර මග්ගොන සරේ පිටියේදී ආරම්භ වූ තරගයේදී මුවර්ස් පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දු රැකීමට තීරණය කළේය.

හලාවත මේරියන්ස් පිල පළමු ඉනිම ලකුණු 321 (ඕවර් 83.5) – විශ්ව චතුරංග 53, තරිඳු අමරසිංහ 53. කසුන් විදුර 116 , නිනාද් කාදම් 17, රවීන් යසස් 19, තීක්ෂිල ද සිල්වා 12, කවිඳු නිර්මාණ 36 (මිලාන් රත්නායක 73/2, කිලංග උදේශන 58/3, ප්‍රවීන් ජයවික්‍රම 76/4)
මුවර්ස් පිල පළමු ඉනිම කඩුලු 3කට ලකුණු 195 (ඕවර් 42.3) – ජනිෂ්ක පෙරේරා නොදැවී 96, පසිඳු සුරියබණ්ඩාර 74, කවිඳු කුලසේකර නෙැදැවී 10 (තිලක්ෂි ද සිල්වා 18/2)

ගාල්ල – බීආර්සී විසදුමකින් තොරයි

ගාල්ල ක්‍රිකට් පිටියේදී ආරම්භ වූ ගාල්ල හා බීආර්සී අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් ගාල්ල ක්‍රීඩා සමාජය මුලින් පන්දුවට පහරදීමට බීආර්සී පිලට ආරාධනා කළේය.

බීආර්සී පිල පළමු ඉනිම කඩුලු 8කට ලකුණු 460 (ඕවර් 124.2) – දුලාජ් අශාන් 18, ලියෝ ප්‍රනාන්දු 39, අභිෂේක් රාමාන් 38, රිසිර වීරසූරිය 73, දුලාෂ් උදයංග 50, ලක්ෂාන් ගමගේ 77 නිමන්ද සුබසිංහ නොදැවී 100, දුවිඳු තිලකරත්න 51 ( සහන් අදීෂ 101/3, උමේග චතුරංග 107/2)
ගාලු ක්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 4කට ලකුණු 324 (ඕවර් 83) – ඔෂධ ප්‍රනාන්දු 15, ඉරෝෂ් සමරසූරිය 63, බුද්ධික හසරංග 67, විශ්ව විජේරත්න 47, හර්ෂ විතාන නොදැවී 64, ශාලිත් ප්‍රනාන්දු නොදැවී 64 ( දුවිඳු තිලකරත්න 103/2)

සෙබස්තියනයිට්ස් ට පළමු ඉනිමේ ජය

සෙබස්තියනයිට්ස් හා ගුවන් හමුදාව අතර මොරටුව ද සොයිසා පිටියේදී පැවැති තරගයේදී සෙබස්තියනයිට්ස් පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට ගුවන් හමුදා පිලට ආරාධණා කළේය.

ගුවන් හමුදා පිල පළමු ඉනිම ලකුණු 205 (ඕවර් 90) – උදයවංශ පරාක්‍රම 34, සහීල් ඩයස් 22, ගීත් කුමාර 22, මොවින් සුබසිංහ 12, ප්‍රවීන් ද සිල්වා 68, දුලාංජල මෙන්ඩිස් 16, ( ඉසිත දේව් විජේසුන්දර 40/2, තරිඳු රත්නායක 43/2, තුෂාර ප්‍රනාන්දු 44/4)

සෙබස්තියනයිට්ස් පිල පළමු ඉනිම කඩුලු 6කට ලකුණු 235 (ඕවර් 85) –  අභිෂේක් ලියනාරච්චි 10, අදීෂ නානායක්කාර 43, නවිඳු නිර්මාල් 66, ප්‍රමෝද් මධුවන්ත 23, දුෂාන් විමුක්ති 16, සචිත ජයතිලක 20, ඉසිවර දිසානායක නොදැවී 35, තරිඳු රත්නායක නොදැවී 15 ( ගීත් කුමාර 33/2)

එන්සීසී – ටැමිල් යූනියන් තරගය ජය පරාජ නෑ

කොළඹ එන්සීසී පිටියේ පැවැති එන්සීසී හා ටැමිල් යූනියන් අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් එන්සීසී පිල මුලින් පන්දුවට පහරදීමට ටැමිල් යූනියන් පිලට ආරාධනා කළේය. කෙසේ වුවද ඊයේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තරගය අතරමඟදී නවතා දැමුණි.

ටැමිල් යූනියන් පිල පළමු ඉනිම කඩුලු 8කට ලකුණු 339 (ඕවර් 86.4) – කමේෂ් නිර්මාල් 23, රොන් චන්ද්‍රගුප්ත 58, විජේකාන්ත් වියෙස්කාන්ත් 46, ලසිත් අඹේරත්න නොදැවී 100, ෂම්මු අශාන් 19, රවිඳු ප්‍රනාන්දු 56, දිලුම් සුධීර නොදැවී 18 ( අම්ෂි ද සිල්වා 33/2, ලසිත් ඇඹුල්දෙනිය 113/4)
එන්සීසී පිල පළමු ඉනිම කඩුලු 2කට ලකුණු 130 (ඕවර් 16.1) – නිරෝෂන් දික්වැල්ල 68, ළහිරු උදාර 53, කමීල් මිෂාර නොදැවී 9 (විජේකාන්ත් වියෙස්කාන්ත් 34/1, සචිත් පතිරණ 18/1)

බ්ලූම්ෆීල්ඩ් – පොලිස් තරගය ජය පරාජ නෑ

බ්ලූම්ෆීල්ඩ් හා පොලිස් ක්‍රීඩා සමාජය අතර බ්ලූම්ෆීල්ඩ් පිටියේ පැවැති තරගයේදී බ්ලූම්ෆීල්ඩ් පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය. කාලගුණික තත්ත්වය අයහපත්වීමෙන් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

බ්ලූම්ෆීල්ඩ් පිල පළමු ඉනිම ලකුණු 131 (ඕවර් 43.5) – සෙයිඩ් හස්නයින් 52, නිපුන් කරුණානායක 19, මනෙල්කර් ද සිල්වා 10, ජෙෆ්රි වැන්ඩර්සේ නොදැවී 24 ( මලින්ද පුෂ්පකුමාර 64/6, නලීන් ප්‍රියදර්ශන 46/3)
පොලිස් පිල පළමු ඉනිම කඩුලු 1කට ලකුණු 156 (ඕවර් 41.1) – නදීර බාලසුරිය 39, අශේන් බණ්ඩාර 42, සුපුන් මධුසංඛ 33 ( සදුන් වීරක්කොඩි 32/4, සහන් නානායක්කාර 48/4 අසිත වන්නිනායක 31/2)
බ්ලූම්ෆීල්ඩ් පිල දෙවැනි ඉනිම කඩුලු 5කට ලකුණු 61 (ඕවර් 27.5) – සදුන් වීරක්කොඩි 19, හසිත බෝයගොඩ 20, සෙයිඩ් හස්නයින් නොදැවී 10 ( මලින්ද පුෂ්පකුමාර 19/2)කො

ළඹ සීසීසී පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ එස්එස්සී හා සීසීසී අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එක්දින තරගාවලියේ පෙරමුණ ගනිති
    ලබන වසරේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සදහා බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකටම ඉතාමත් තීරණාත්මක තරගාවලියක් ලෙසින් අද (15 දා) හම්බන්තොටදී ආරම්භ […]
  • චමෝද් සඳරුගේ තුන් ඉරියව් දදක්ෂතා මේරියන්ස් පිලට ජය ගෙනෙයි
    මෙට්ලන්ඩ් පෙදෙසේ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ අද (14) පැවැති මේජර් අන්තර් සමාජ එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ එන්.සී.සී. සහ චිලව් මේරියන්ස් අතර ක්‍රිකට් තරගයේදී චිලව් මේරියන්ස් කණ්ඩායමේ චමෝද් සඳරු ලකුණු […]
  • ඒස් කැපිටල් පිට පිට දෙවැනි ජය ලබයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියේ ඒස් කැපිටල් ක්‍රීකට් සමාජය හා එස්එස්සී අතර, ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බළකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ […]
  • ශ්‍රී ලංකා – නේපාල තරගය වැස්සට සේදෙයි
    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජය සොයා පිටියට පිවිසි ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර තිබේ. මේ හේතුවෙන් කණ්ඩායම් දෙකටම […]
  • කොදෙව් කාන්තා පිලට එරෙහි ශ්‍රී ලංකා පිල නම් කරයි
    බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 15කගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය අද ප්‍රකාශයට පත්විය. චමරි අතපත්තුගේ නායකත්වයෙන් […]

Pin It on Pinterest

USD United States (US) dollar