ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩාංගණ ප්‍රකාශයට පත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (20 දා) පියවර ගනු ලැබීය. ඩලස්, ෆ්‌ලොරිඩා සහ නිව්යෝක් යන නගර වලදී එම තරග සියල්ල පැවැත්වෙනු ඇත.
ඒ් අනුව ඩලස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරී, ෆ්ලොරිඩාවේ බ්‍රෝවර්ඩ් ප්‍රාන්තය සහ නිව්යෝර්ක්හි නසාවු ප්‍රාන්තය යන ප්‍රාන්ත වලද ඉතිහාසයේ පළමු වතාවට පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙනු ඇත.
2021 වසරේ පැවැති අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී පුලුල් ඇගැයීමකින් පසු බටහිර ඉන්දීය කොදෙව්වන්ට සහ ඇමරිකා එක්සත් ජනපදයට මෙම තරගාවලියේ සත්කාරකත්වය පිරිනමන ලදී.
2024 වසරේදී පැවැත්වීමට නියමිත මෙම පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහාා රටවල් 20 ක් කුසලාන වෙනුවෙන් තරග වදිනු ලබන අතර එය විස්සයි-20 තරග ඉතිහාසයේ වැඩිම කණ්ඩායමක් සංඛ්‍යාවක් නියෝජනය කරන ලද ලෝක කුසලාන තරගාවලිය වශයෙන්ද ඉතිහාස ගත වනු ඇත.
මෙම ක්‍රීඩාංගණ පිළිබඳව නිවේදනය කරමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලරික් සඳහන් කර සිටියේ උපාය මාර්ගික වශයෙන් ඇමරිකා එක්සත් ජනපදය වැදගත් වෙළෙද පොළක් වන අතර ඒ හරා ලොව විශාලතම ක්‍රීඩා වෙළෙඳපොලේ ප්‍රකාශයක් කිරීමට අයි.සී.සී. යට හොද අවස්ථාවක් ලැබෙන බවයි.
මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සෘජුවම සුදුසුකම් ලබා සිටියි.