slc
logo
Home   |    News
සැප්තැම්බර් 5, 2023
ශ්‍රී ලංකා යොවුන් පිලෙන් සාර්ථක ආරම්භයක්

sinhala editor

බටහිර ඉන්දීය සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම් අතර රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී අද (05 දා) ඇරැඹි පළමු සිව්දින තරගයේ පළමු දිනට තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 163 ක් ලබා සිටියි.

වර්ෂාව හේතුවෙන් ප.ව. 3.00 දක්වා ප්‍රමාදව ඇරැඹුණු මෙම තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා යොවුන් නායක සිනෙත් ජයවර්ධන පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. තමන් ගත් තීරණය නිවැරදි තීරණයක් බව පසක් වූයේ ඔහු පුලිඳු පෙරේරා සමඟ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක් එක් කරමිනි. ඒ් සඳහා ඔවුන් දෙපළ වැය කරන ලද්දේ  පන්දු 70 ක් පමණි. ප්‍රහාරාත්මක ආරම්භයක් ලබා ගත් නායක සිනෙත් පළමු කඩුල්ල ලෙසින් දැවි යන විට හතරේ පහර 7 ක් සමඟ පන්දු 34 කදී ලකුණ 34 ක් ලබා සිටියේය.

තෙවැනි එක්දින තරගයේදී ශතකයක් ලද පුළිඳු පෙ‌රේරා අද දිනයේදීත් සාර්ථක වෙමින් පන්දු 66 කදී වේගවත් ලකුණු 71 ක් ලබා ගත්තේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් තම ඉනිමට ඇතුළත් කරගනිමිනි.

අංක 3 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි රවිෂාන් නෙත්සර ඉවසිලි වන්ත ඉනිමක් දියත් කරමින් පන්දු 81 කදි ලකුණු 31 ක් ලබා දෙවැනි දිනටත් පන්දුවට පහර දීමේ අවස්ථාව උදා කරගෙන සිටියි. ඔහුට අමතරව දිනුර කලුපහන ලකුණු 15 ක් ලබා කඩුල්ලේ රැඳි සිටියි.

ශ්‍රී ලංකා අවු. 19 න් පහළ පිල පන්දුවාර 38 කදී කඩුලු 3 ට ලකුණු 163 යි – (පුලුඳු පෙරේරා 71, සිනෙත් ජයවර්ධන 34, රවිෂාන් නෙත්සර 31* රුසඳ ගමගේ 08, දිනුර කලුපහන 15*, ඉසායි තෝර්න් 33/1, නේතන් සීලි 45/1, ටරික් ඒඩ්වර්ඩ් 27/1)

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar