slc
logo
Home   |    News
සැප්තැම්බර් 7, 2023
සුපිරි කණ්ඩායම් 4 අතර වටයේදී ‘මාධ්‍ය කුටියට’ විශේෂ ක්‍රමවේදයක්

sinhala editor

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු කුසලාන සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය ආවරණය කරනු ලබන දෙස් විදෙස් මාධ්‍ය වේදීන් හට තරග ආවරණය කිරීමට මාධ්‍ය කුටියට පැමිණීමේදී විශේෂ ක්‍රමවේදයක් ස්ථාපනය කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

‌මෙහිදී අදාළ මාධ්‍යවේදීන් හට ආසියානු ක්‍රිකට් කවුන්සිලිය ලබා දී තිබෙන මාධ්‍ය අවසර පත්‍රයට අමතරව තරගය පැවැත්වෙන දිනයට පමණක් වංගු විශේෂ ප්‍රවේශ පත්‍රයක්ද රැගෙන මාධ්‍ය කුටිය වෙත පැමිණීමට සිදුවනු ඇත.

තරගාවලිය ආවරණය කිරීම සඳහා 250 කට අධික මාධ්‍යවේදීන් පිරිසක් අයැදුම් කර තිබෙන නමුත් ඔවුන් වෙනුවෙන් තරග ක්‍රියාත්මක කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ මාධ්‍ය කුටියේ පහසුකම් ලබා දිය හැක්කේ ඉන් 125 දෙනෙකු පමණක් බැවින් උක්ත ක්‍රමය හඳුන්වාදීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

මාධ්‍ය කුටිය තුළ මෙහෙයුම් ඉතා සුමට අයුරින් මෙන්ම ගැටලුකාරී තත්ත්වයක් ඇති නොකිරීම සහතික කිරීම ‌වෙනුවෙන් මෙම ක්‍රමය භාවිතා කරනු ලැබේ. මෙහිදී තරගය ආවරණය කිරීමේදී වැඩි වශයෙන් ඒදා දිනයේදී තරග වදිනු කණ්ඩායම්වල රටවල මාධ්‍යවෙදීන්ට වැඩි අවස්ථාවක් ලබා දෙනු ලබන අතර ඒහිදී සෙසු රටවල මාධ්‍යවේදීන් හට මාධ්‍ය කුටියේ ඉඩ කඩ ලැබුණහොත් පමණක් ඔවුන්ට තරගය ආවරණය කිරීම සඳහා අවස්ථාව ලබා දීමට පියවර ගැනෙනු ඇත.

ස්ථාපනය කරන ලද නව ක්‍රමවේදයට අනුව පළමුව ප්‍රමුඛස්ථානය හිමි වනු ලබන්නේ මුද්‍රිත මාධ්‍යයට වන අතර ඔවුනට ඉඩ කඩ ලබා දීමෙන් පසු ඉතිරිව තිබේ නම් විද්‍යුත් මාධ්‍යයට, වෙබ් අඩෙවි සහ යූ ටියුබ් යන අංශ සඳහා ඒම ප්‍රවේශ පත්‍රය ලබා දෙනු ඇත.

Active filters

Recent Posts

  • පාකිස්තාන යොවුන් පිල තරගාවලියේ පෙරමුණ ගනියි
    ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කළ සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රීඩා සමාජ තරගාවලිය මෙවර සිව්දින තරගාවලියක් වෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම ක්‍රීඩා සමාජ සිවුදින ක්‍රිකට් තරගාවලිය 2026/27 තරග වාරයේදී පළමු වරට සිවුදින තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතය. ඒ අනුව, නොවැම්බර් 19 වැනිදා සිට […]
  • ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 15 ක් ඇතුළත බිඳ වැටෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය එක්වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම අද (18) රාත්‍රියේදී සමත් විය. රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී […]
  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee