slc
logo
Home   |    News
සැප්තැම්බර් 1, 2023
මතීෂ පතිරණට දීප්තිමත් අනාගතයක් තිබෙනවා – ක්‍රිස් සිල්වර්වුඩ්

sinhala editor

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති ශ්‍රී ලංකා – බංග්ලාදේශඒක්දින තරගයේදී ලකුණු 32කට කඩුලු හතරක් දවා ගනිමින් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු වේගපන්දු යවන මතීෂ පතිරණට දීප්තිමත් අනාගතයකට හිමිකම් කියන තරුණ ක්‍රීඩකයකු යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සඳහන් කර සිටියි.

ජාත්‍යන්තර මට්ටමට මේ වන විට පිවිස සිටින මුල් කාලයේදී වුවද මතීෂ පතිරණ නව පන්දුව දක්ෂ අයුරින් යැවීමට යෝග්‍ය තත්ත්වයකට පත්ව සිටින බව පැවසූ ශ්‍රී ලංකා පුහුණුකරු ඉදිරියේදී මේ තරුණ පන්දු යවන්නා හොඳින් දක්ෂතා පෙන්වනු ඇතැයි ද කීය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දස්කම් දැක්වීමෙන් පසු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී පන්දු යැවීමේ දිගු පුහුණුවක් ලබා ගත් මොහු පසුව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දක්ෂතා වඩාත් ප්‍රගුණ කර ගනිමින් මේ වන විට පන්දු යැවීමේ පුහුණුකරුවන්ගේ අධීක්ෂණය යටතේ උපරිම තත්ත්වයකට පත්වෙමින් සිටින බව ද ඔහු කියයි.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය පිළිබඳව සිය අදහස් දැක් වූ ශ්‍රී ලංකා පුහුණුකරු ජයග්‍රහණය කරා යායුතු ලකුණු ප්‍රමාණය අඩු වුවත් එය පහසු කාර්යයක් නොවූ බවත් කණ්ඩායම් දෙකේම ඉදිරි පෙළ පිතිකරුවනට නව පන්දුවට මුහුණදීම අසීරු කාර්යයක් වූ බව ද පැවසීය.

“පල්ලේකැලේ තණතිල්ල හොඳ තත්ත්වයක පැවැතියත් නව පන්දුවට මුහුණදීම එහි මඳක් අපහසු වූවා. තරගයේ කාසියේ වාසිය දිනුවා නම් ගත යුතු තීරණය පිළිබඳව අප සාකච්ඡා කළත් අපට මුලින් පන්දු යැවීමේ අවස්ථාව හිමි වූවා. අපගේ පන්දු යවන්නන් සහ මැදපෙළ පිතිකරුවන් තම කාර්යය හොඳින් ඉටු කිරීම නිසා අපට පහසු ජයග්‍රහණයකට යාමට අවස්ථාව උදා වූවා.“

“බංග්ලාදේශ කණ්ඩායමේ වමත් සහ දකුණත් පිතිකරුවන් රැසක් සිටියත් ඊට උචිත අයුරින් අප සතුව පිට දඟපන්දු සහ පා දඟපන්දු යවන්නන් සිටීම වාසියට කරුණක්. අප ඉදිරියේදී සකස් කරගත යුතු ප්‍රධාන අංගයක් වන්නේ පන්දු රැකීම මීට වඩා දියුණු කර ගැනීමයි. අපගේ පන්දු රැකීමේ පුහුණුකරුවන් මේ වන විට අදාළ කටයුතු සිදු කරගෙන යනවා. මේ තරගයේදී අසීරු උඩ පන්දුවක් ගිළිහුනත් ඉන්පසු කටයුතු හොඳින් සිදු වූවා.“

ආබාධ තත්ත්වයෙන් පසුව වනිඳු හසරංග නැවත පුහුණු තරගවලින් පසුව නැවත කණ්ඩායමට එක්වේවි. ඔහුගේ දක්ෂතා කණ්ඩායමට අවශ්‍යයි. මේ වන විට එම හිස්තැන දුනිත් වෙල්ලාලගේ පුරවනු ඇති යැයි ද ක්‍රිස් සිල්වර්වුඩ් පැවසීය.

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee