slc
logo
Home   |    News
සැප්තැම්බර් 13, 2023
මම නිතරම මාව විශ්වාස කරනවා – වෙල්ලාලගේ

sinhala editor

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාවට එරෙහිව  පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගයේ දී තමාට පන්දු යැවීමේදීත් පන්දුවට පහරදීමේදීත් විශේෂ දක්ෂතා දැක්වීමට අවස්ථාව උදා වූයේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ සහය සහ උපදෙස් මත ක්‍රීඩා කිරීමෙන් යැයි ශ්‍රී ලංකා – ඉන්දියා එක්දින තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු තුන් ඉරියව් ක්‍රීඩක 20 හැවිරිදි දුනිත් වෙල්ලාලගේ තරගයෙන් පසුව ප්‍රකාශ කළේය.

“මා වැනි නවකයෙකු කෙරෙහි විශ්වාසය තබා ජාතික පිලේ අවස්ථාවක් දීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මගේ ගෞරවය හා ස්තූතිය පුද කරනවා. මා කුමන හෝ සාර්ථකත්වයක් ලැබුවා නම් ඒ ජාතික සංචිතයට පැමිණ ‌ජ්‍යෙෂ්ඨයින්ගෙන් ලබාගත් අත්දැකීම් හේතුවෙන් බව නිහතමානීව පැවැසිය යුතුයි. අපේ පුහුණු කාර්ය මණ්ඩලය විශාල මහන්සියක් වී කණ්ඩායම ඉදිරියට ගන්නවා. අපි කරන පුහුණුවීම් හරියට කළොත් අප තුල විශාල විශ්වාසයක් ගොඩ නැගෙනවා. මම හැම වේලාවේම මාව විශ්වාස කරනවා“ ඉන්දියාව සමග තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී දුනිත් වෙල්ලාලගේ පැවැසීය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර, සුපිරි 4 වටයේ තරගයෙන් ඉන්දියාව ලකුණු 41ක ජයක් ලබා මෙම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

ඊයේ පැවැති තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර් 49.1කදී සියලු දෙනා දැවී ලකුණු 213ක් ලබාගත් අතර, ශ්‍රී ලංකා ඉනිම ඕවර් 41.3කදී ලකුණු 172කට අවසන් විය.

අත්දැකීම් බහුල ක්‍රිඩකයින්ට ආදර්ශයක් දුන් 20 හැවිරිදි දුනිත් වෙල්ලාලගේ පන්දු 46කදී හයේ පහරක් හා හතරේ පහර 3ක් සමග නොදැවී ලකුණු 42ක් ලබාගත් අතර, පන්දු යැවීමේදී ලකුණු 40කට කඩුලු 5ක් බිඳ හෙලා ඔහුගේ හොදම එක්දි පන්දු යැවීම ලෙස වාර්තා පොතට එක්කර ගත්තේය.

“ජාතික සංචිතයට ආපු මුල්ම දවසේ මා හිතුවේ කොහොම හරි වසරක කාලයක් වැටෙන්නේ නැතිව සංචිතයේ තැනක් අල්ලා ගෙන ඉන්නවා කියලා. මොකද ඒ වසරක කාලයේදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගෙන් ගොඩක් දේ ඉගෙන ගන්න පුළුවන් බව මා දැනගෙන හිටියා. ඒ වුණත් දැන් හිතෙනවා තව ඉගෙන ගන්න දේ කොපමණ තියෙනවාද කියලා. ජාතික කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය විශාල උනන්දුවකින් කටයුතු කිරිමත් ක්‍රීඩකයින් ලෙස ඉදිරියට යන්න අපට හොද අවස්ථාවක්“ දුනිත් වෙල්ලාලගේ පැවැසීය.

“ඉන්දියාවට එරෙහි තරගයේදී මගේ දක්ෂතා කෙසේ වුණත් මැච් එක පැරදුන එක ගැන ඇත්තටම මට දුකයි. නමුත් හොද සටනක් දුන්නා. ක්‍රිකට් ලෝකයේ දැවැන්තයෙක් වන කෝලීගේ කඩුල්ල දවා ගැනීම සතුටක්. ඉන්දියාවේ පන්දු යවන්නන් ඉතාම දක්ෂ වගේම අත්දැකීම් ඇති අය. ඒ වුනත් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අපිට තව එක මැච් එකක් තියෙනවා. ඒ තරගයේදී වැරදි අඩුපාඩු අවම කරගෙන හොදින් සෙල්ලම් කරලා අවසන් තරගයට එන්න අපේක්ෂා කරනවා. අපි තරග 4ක් සෙල්ලම් කළා. තුනක් දින්නා. එකක් පැරදුනා“ වෙල්ලාලගේ සඳහන් කළේය.

“ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික සිද්ධාන්ත භාවිතය පිළිබඳ මා හැම විටම විශ්වාසයක් තබා ගන්නවා. ඉන්දියාව සමග තරගයේදී පන්දු යවන්නෙකු ලෙසත්, පිතිකරුවෙකු ලෙසත් ගොඩක් අත්දැකීම් ලබා ගත්තා. විකට් ගන්න හිතලා මා පන්දු යැව්වේ නෑ. විකට්ටු විකට් පන්දු යවන්න මගේ සැලසුම වුණේ. මගේ අනික් පැත්තේ විකට් එකෙන් ‘ධනා අයියා. චරිත් අයියා වගේම තීක්ෂණ අයියා පන්දු යවමින් ලොකු සහයෝගයක් දුන්නා. මගේ පළමු ඕවර් දෙක තුනේදී විකට් ආවා. ඒ නිසා මැච් එක අපේ පැත්තට යොමු වුණා. පන්දු යැවීමේදී කුසල් අයියා හා දසුන් අයියා මට ළගට ඇවිත් උපදෙස් දුන්නා කරන්න ඕනේ මොකක්ද කියලා. මා ඒ දේ හරියටම කළා“

“ පන්දුවට පහරදීමට යෑමේදී මට විකට් එක ගැන හොද අවබෝධයක් ලැබිලා තිබුණා. මොකද පන්දු යැවීමේදි මා දැන ගත්තා තණතිල්ල හැසිරෙන විදිහ. විකට් එක ටිකක් කැපෙන බව දන්නවා.  පන්දුවට පහරදීමේදී මගේ සැලසුම වුනේ අනික් පැත්තේ හිටිය ‘ධනා අයියාට‘ උපරිම සහයෝගය දෙමින් එක ලකුණක් ගෙන එයාට පහරදීමේ අවස්ථාව උදා කරන්නයි. මොකද ඒ වේලාවේ අවදානමක් අරන් ප්‍රහාර එල්ල කරන්න හිතුවේ නෑ. ‘ධනා අයියා‘ මට කිව්වේත් පුලුවන් තරම් ලකුණු අරන් ලකුණු පරතරය අඩු කරගමු කියලයි. මගේ සුලසුම් වුණේ එයා කියපු විදිහට වැඩේ කරන එකයි“

“මේ තරගයට කලින් කුසල් අයියා පනහේ 2ක් ගැහුව්වා. දසුන් අයියා හොද තුන් ඉරියව් දක්ෂතා දක්වා තරගයක් ජය ගත්තා. ඒ දෙන්නාගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. දෙදෙනාම පිතිකරුවන් ලෙස ගොඩක් හොද සාර්ථකත්වයක් ලබා ගත්තා. මේ හැම දේම නිසා පන්දු යැවිමේදීත් පන්දුවට පහරදීමේදීත් මට සාර්ථක වන්න හැකි වුණා“ තරගයේ වීරයා සම්මානය දිනාගත් දුනිත් වෙල්ලාලගේ පැවැසීය.

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee