slc
logo
Home   |    News
සැප්තැම්බර් 1, 2023
ශ්‍රී ලංකා කාන්තාවෝ සටනක් දී පරදියි

sinhala editor

එංගලන්ත තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා පිල අතර හෝව් හිදී පැවැති පළමු පන්දුවාර විස්සයි-20 තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 12 ක ජයක් ශ්‍රී ලංකා පිලට එරෙහිව අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා පන්දුවාර 17 කට සීමා වෙමින් පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලට පන්දුවාර 6 කදී ලකුණු 68 ක ඉලක්කයක් හිමි වුවත්, ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කර ගත හැකි වූයේ කඩුලු 3 කට ලකුණු 55 ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි අතපත්තු පන්දු 10 කදී ලකුණු 15 ක් රැස් කර ගත්තද අනෙක් ආරම්භක පිතිකාරිණිය වූ විශ්මි ගුණරත්න ලබා ගත් ලකණු 17 සඳහා පන්දු 16 ක් වැය කර තිබීම ශ්‍රී ලංකාවට දැඩි පාඩුවක් ගෙන දෙන්නක් විය. කෙසේ වෙතත් අංක 4 ස්ථානයෙන් පැමිණි නිලක්ෂි ද සිල්වා පන්දු 8 කදී ලකුණු 18 ක් ලබා ගැනීමට සමත්වීම නිසා ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ආසන්නයට පැමිණීමට අවකාශ උදාවිය.

පළමුව පන්දුවට පහර දුන් ඒංගලන්ත පිල පන්දුවාර 17 ක් අවසනදී කඩුලු 4 කට ලකුණු 186 ක් රැස් කර ගත්තේය. එංගලන්ත වෙනුවෙන් ඉදිරි පිතිකාරිණින් පස් දෙනාම ලකුණු 20 සීමාව ඉක්මවාලමින් ලකුණු රැස් කළ අතර එහිදී ඇලිස් කැප්සි පන්දු 27 කදී ලකුණු 51 ක් ලබා වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූවාය.

එංගලන්ත ඉනිම අවසානයේදී යළිත් තරගයට වර්ෂාව පැමිණි බැවින් තරගය තවත් පන්දුවාර 11 ක් අඩු කොට පන්දුවාර 6 කදී ලකුණු 68 ක වශයෙන් ඉලක්කය සංශෝධනය විණ.

එංගලන්තය පන්දුවාර 17 කදී කඩුලු 4 ට ලකුණු 186 යි – (මායියා බවුචර් 22, ඩැනී වෙට් 48, ඇලිස් කැප්සි 51, ෆ්‍රෙයා කෙම්ප් 20, හීතර් නයිට් 23*, කවීෂා දිල්හාරි 18/1, ඉනෝකා රණවීර 35/1, චමරි අතපත්තු 25/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 6 කදී ලකුණු 55 යි – (විශ්මි ගුණරත්න 17*, චමරි අතපත්තු 15, නිලක්ෂි ද සිල්වා 18, මහිකා ගෝර් 16/1, චාරිලි ඩීන් 06/1)

Active filters

Recent Posts

  • පාකිස්තාන යොවුන් පිල තරගාවලියේ පෙරමුණ ගනියි
    ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කළ සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රීඩා සමාජ තරගාවලිය මෙවර සිව්දින තරගාවලියක් වෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම ක්‍රීඩා සමාජ සිවුදින ක්‍රිකට් තරගාවලිය 2026/27 තරග වාරයේදී පළමු වරට සිවුදින තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතය. ඒ අනුව, නොවැම්බර් 19 වැනිදා සිට […]
  • ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 15 ක් ඇතුළත බිඳ වැටෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය එක්වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම අද (18) රාත්‍රියේදී සමත් විය. රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී […]
  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]

Pin It on Pinterest

USD United States (US) dollar