slc
logo
Home   |    News
සැප්තැම්බර් 18, 2023
ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් කණ්ඩායම් නම් කෙරෙති

sinhala editor

ආසියානු ක්‍රීඩා උළෙල යටතේ පැවැත්වෙන ක්‍රිකට් තරග ඉසව්ව සඳහා වන ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඒ් අනුව මෙම තරගාවලිය සඳහා පිරිමි අංශය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ‘ඒ්’ කණ්ඩායමත් කාන්තා අංශය නියෝජනය කරමින් ජාතික කණ්ඩායමත් ඉදිරිපත් කර තිබේ.

නම් කරන ලද පිරිමි කණ්ඩායමට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී සොයා ගනු ලැබූ යාපනය ප්‍රදේශයේ ක්‍රීඩකයකු වන විජයකාන්තා වියස්කාන්ත්ව නම් කර තිබේ. ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ‘ඒ්’ කණ්ඩායමේ නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක සහන් ආරච්චිගේ නම් කර ඇති කාන්තා කණ්ඩායම සුපුරුදු පරිදි චමරි අතපත්තු විසින් මෙහෙයවනු ලබන්නීය.

මෙම ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බබර් මස 23 වැනිදා සිට ඔක්තෝම්බර් 08 වැනිදා දක්වා චීනයේදී පැවැත්වෙනු ඇත.

පිරිමි කණ්ඩායම කාන්තා කණ්ඩායම
ලසිත් කෲස්පුල්ලේ චමරි අතපත්තු
ෂෙවෝන් ඩැනියල් හර්ෂිතා සමරවික්‍රම
අෂේන් බණ්ඩාර විශ්මි ගුණරත්න
සහන් ආරච්චිගේ නිලක්ෂි ද සිල්වා
අහන් වික්‍රමසිංහ කවීෂා දිල්හාරි
ළහිරු උදාර ඉමේෂා දුලානි
රවිඳු ප්‍රනාන්දු අනුෂ්කා සංජීවනී
රනිත ලියනාරච්චි ඔෂධී රණසිංහ
නුවනිඳු ප්‍රනාන්දු සුගන්ධිකා කුමාරි
සචිත ජයතිලක ඉනෝකා රණවීර
විජයකාන්තා වියස්කාන්ත් උදේශිකා ප්‍රබෝධනී
නිමේෂ් විමුක්ති හසිනි පෙරේරා
ළහිරු සමරකෝන් කෞෂානි නුත්‍යාංගනා
නුවන් තුෂාර අචිනි කුලසූරිය
ඉසිත විජේසුන්දර ඉනෝෂි ප්‍රනාන්දු

 

Active filters

Recent Posts

  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee