slc
logo
Home   |    News
සැප්තැම්බර් 20, 2023
විස්සයි-20 ලෝක කුසලාන සත්කාරක ඇමරිකාවේ ක්‍රීඩාංගණ 3 ක් ප්‍රකාශයට පත් කරයි

sinhala editor

ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩාංගණ ප්‍රකාශයට පත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (20 දා) පියවර ගනු ලැබීය. ඩලස්, ෆ්‌ලොරිඩා සහ නිව්යෝක් යන නගර වලදී එම තරග සියල්ල පැවැත්වෙනු ඇත.

ඒ් අනුව ඩලස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරී, ෆ්ලොරිඩාවේ බ්‍රෝවර්ඩ් ප්‍රාන්තය සහ නිව්යෝර්ක්හි නසාවු ප්‍රාන්තය යන ප්‍රාන්ත වලද ඉතිහාසයේ පළමු වතාවට පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙනු ඇත.

2021 වසරේ පැවැති අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී පුලුල් ඇගැයීමකින් පසු බටහිර ඉන්දීය කොදෙව්වන්ට සහ ඇමරිකා එක්සත් ජනපදයට මෙම තරගාවලියේ සත්කාරකත්වය පිරිනමන ලදී.

2024 වසරේදී පැවැත්වීමට නියමිත‌ මෙම පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහාා රටවල් 20 ක් කුසලාන වෙනුවෙන් තරග වදිනු ලබන අතර එය විස්සයි-20  තරග ඉතිහාසයේ වැඩිම කණ්ඩායමක් සංඛ්‍යාවක් නියෝජනය කරන ලද ලෝක කුසලාන තරගාවලිය වශයෙන්ද ඉතිහාස ගත වනු ඇත.

මෙම ක්‍රීඩාංගණ පිළිබඳව නිවේදනය කරමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලරික් සඳහන් කර සිටියේ උපාය මාර්ගික වශයෙන් ඇමරිකා එක්සත් ජනපදය වැදගත් වෙ‌‌ළෙද පොළක් වන අතර ඒ හරා ලොව විශාලතම ක්‍රීඩා වෙළෙඳපොලේ ප්‍රකාශයක් කිරීමට අයි.සී.සී. යට හොද අවස්ථාවක් ලැබෙන බවයි.

මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සෘජුවම සුදුසුකම් ලබා සිටියි.

 

Active filters

Recent Posts

  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee