slc
logo
Home   |    News
ඔක්තෝබර් 14, 2023
අවු. 19 න් පහළ සම්මාන උළෙල ඔක්තෝබර් 17 වැනිදා

sinhala editor

අවු. 19 න් පහළ සම්මාන උළෙල ඔක්තෝබර් 17 වැනිදාශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ පාසල් ක්‍රිකට් සම්මාන උළෙල ඔක්තෝම්බර් මස 17 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ වයස් කාණ්ඩයේ ඉහළම දක්ෂතා දක්වනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවෙන් ඇගයීම වෙනුවෙන් මෙම සම්මාන උළෙල දීර්ඝ කාලයක් තිස්සේ වාර්ෂිකව පවත්වනු ලබන්නකි.
නිමාවට පත් වුණ 2022 සහ 2023 පාසල් ක්‍රිකට් තරග වාරයේදී පවත්වන ලද වයස අවුරුදු 19 න් පහළ දෙදින තරගාවලිය, එක්දින තරගාවලිය, මෙන්ම අවුරුදු 19 න් පහළ බාළිකා යන තරගාවලි සඳහා මෙම සම්මානය ප්‍රධානය කෙරෙනු ඇත. ප.ව. 4.00 ට ආරම්භ වනු ලබන මෙම සම්මාන ප්‍රධානයේදී සියයකට අධික සම්මාන සංඛ්‍යාවක් පිරිනැමීමට නියමිතය. මේ සදහා නිලධාරීන්ට අමතරව පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1500 කට අධික සංඛ්‍යාවක් සහභාගිවීමට නියමිතය.
මෙහිදී වසරේ හොඳම පිතිකරු, හොඳම පන්දු යවන්නා, හොඳම පන්දු රකින්නා, හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා, සහ වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා යන සම්මාන මෙහිදී ප්‍රධාන වශයෙන්ම පිරිනැමෙන සම්මාන වේ. පාසල් ක්‍රිකට් තරගාවලිය හැරුණු විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන දිස්ත්‍රික් සහ පළාත් ක්‍රිකට් තරගාවලි ආවරණය වන පරිදි මෙම සම්මාන පිරිනැමීම විශේෂත්වයක් වේ.
මෙම සම්මාන ප්‍රදානයේදී ‘වසරේ පාසල් ක්‍රීඩකයා‘ සම්මාන පාසල් ක්‍රිකට් දින දර්ශණයේ විශේෂ අවධානයක් යොමු වේ. මීට පෙර පැවැති සම්මාන උළෙලවලදී එම සම්මානය දිනා ගන්නා ලද ක්‍රීඩකයින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරයේ ජයග්‍රහණය අත්කර දීමට සමත්ව සිටියි. ඔවුන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයන් ලෙසින් හඳුන්වනු ලැබේ.
ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරි ගෙය වශයෙන් සැලකෙන මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන යෑමට සහ ප්‍රවර්ධනය කිරීමට වෙහෙස නොබලා කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, මෙරට අනාගතය භාර ගැනීමට සැදී පැහැදී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පිටියේ නේම ඉන් පිටතදීත් සවිබල ගැන්වීමේ පියවරක් ලෙසින් මෙම සම්මාන ප්‍රදානෝත්සවයට පූර්ණ අරමුදල් සැපයීමේ මූලිකත්වය ගෙන තිබේ.
“අපගේ දක්ෂතාවන් සහිත අනාගත සංචිතය ශක්තිමත් කිරීම සඳහා පාසල් ක්‍රිකට් සංගමයෙන් සිදුකරනු ලබන කාර්යභාරය පිළිබඳව අපි හොඳින් දැනුවත් වෙලා ඉන්නේ. එබැවින් අගේ සමාජය, ක්‍රිකට් ක්‍රීඩකයින්ව ඉහළම මට්ටම තබා ගනිමින් ඔවුන් ක්‍රිකට් දක්ෂ ක්‍රීඩකයින් ලෙසින් පිටතට ගැනීමට උපකාර කිරීම අපගේ වගකීමක්“ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සඳහන් කර සිටියේය.
“ක්‍රිකට් ක්‍රීඩකයින් හඳුනාගනිමින් ඔවුන් දිරිමත් කොට ක්‍රිකට් ක්‍රීඩාව දිගටම පවත්වාගෙන යෑමටත්, ක්‍රීඩාවේ ඉහළම තලයට ළඟාවීමටත් මෙම සම්මාන උළෙල පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත්වීම ගැන අපි අතිශයින් සතුටට පත්වෙනවා. අද වන විට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය යටතේ පාසල් 900 ක් ලියාපදිචිව තිබීම අපිට ආඩම්බරයක්. මෙම තරගවාරය තුළ දස්කම් දක්වපු ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වනු ලබන සම්මාන උළෙලේ වගකීම භාර ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්තූතිය පළ කරනවා“ යැයි පාසල් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ලෙසින් කටයුතු කරනු ලබන කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතා සඳහන් කර සිටියේය.
මෙම සම්මාන ප්‍රධානෝත්සවයේදී මුද්‍රිත මාධ්‍ය සහකරු ලෙස The Sunday Times පුවත්පතද රූපවාහිනී සහ ඩිජිටල් මාධ්‍ය සහකරු ලෙස The Papare.com ද කටයුතු කරනු ඇත.

Active filters

Recent Posts

  • 15න් පහළ ලීග් ක්‍රිකට් ශූරතාව පිට පිට දෙවැනි වරටත් කොළඹ දකුණ දිනයි
    මෙරට අනාගත ක්‍රිකට් තරු හඳුන්වාදීමේ අරමුණින් ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ […]
  • පියුමි වත්සලාගෙන් ශතකයක්: සුගන්ධිකා පතිරණගෙන් ලකුණු 5ට කඩුලු 6ක්
    කාන්තා ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පානදුර – බදුරලිය – යුද හමුදා – කෝල්ට්ස් – ගුවන් හමුදා ජය ලබති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා […]
  • සීසීසී කාන්තා පිලට ලකුණු 148ක දැවැන්ත ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පන්දු 55කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 62ක් ලැබූ කොළඹ ක්‍රිකට් සමාජයේ (සීසීසී) කෞෂනී නුත්‍යාංගා […]
  • මහනුවර පරාජය කළ ගාල්ල දෙවැනි තැනට
    කොළඹ උතුරෙන් දඹුල්ලට ප්‍රහාරයක් මෙරට අනාගත ක්‍රිකට් තරු සෙවීම උදෙසා ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ […]
  • බී.ආර්.සී. – නුගේගොඩ ජය ගනිති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (19) දිනයේදී ජයග්‍රහණ දෙකක් අත්කර ගැනීමට බී.ආර්.සී. සහ නුගේගොඩ කණ්ඩායම් සමත් විණි. මොවුන් මෙම […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest