slc
logo
Home   |    News
ඔක්තෝබර් 12, 2023
ඔස්ට්‍රේලියාව සමඟ ක්‍රීඩා සහයෝගීතා පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ක්‍රිකට් මූලස්ථානයේදී අත්සන් කරයි

sinhala editor

ඔස්ට්‍රේලියාව සමඟ ක්‍රීඩා සහයෝගීතා පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ක්‍රිකට් මූලස්ථානයේදී අත්සන් කරයිශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ක්‍රීඩා සහයෝගීතාව වර්ධනය කිරීම උදෙසා ද්වී පාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු පිළිබඳ උප අමාත්‍ය ටිම් වොට්ස් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණියේය. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සමඟ අදාළ අත්සන් තැබීම ඔක්තෝම්බර් 10 වැනි දින පස්වරුවේදී සිදුකෙරිණ.
මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තබන අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතා, ලේකම් මොහාන් ද සිල්වා, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මෙන්ම එහි අලෙවි අංශ ප්‍රධානී අපුල් නවරත්න බණ්ඩාර සහ වෙළෙඳ සඃවර්ධන කලමනාකරු ගිහාන් ද සිල්වා යන මහත්වරුද සහභාගිවූහ.
දෙරට අතර මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම කණ්ඩායම් ක්‍රීඩාවන්හි දක්ෂතා එළි දැක්වීම කෙරෙහි අවධානය යොමු කරමින් අදාළ අවබෝධතා ගිවිසුම දෙපාර්ශ්වය අතර අත්සන් තැබිණ.ඊට අමතරව පුහුණුවීම, පුහුණු කිරීම, ක්‍රීඩා විද්‍යාව හා වෛද්‍යවේදය වැඩිදියුණු කිරීම, ක්‍රීඩා විනය හා යහපැවැත්ම සංවර්ධනය කරලීම සහ ක්‍රීඩාවේ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම සඳහා අන්‍යෝන්‍ය ප්‍රතිලාභයන් ලබා ගැනීමද මෙම ගිවිසුම හරහා දෙපාර්ශ්වයම ලබා ගැනීමට බලාපොරොත්තු වේ.
තවද, ඕස්ට්‍රේලියාවේ පුහුණු වැඩසටහන් සහ ක්‍රීඩා තරග සඳහා සහභාගී වීමට මෙන්ම ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ, පුහුණුකරුවන්ගේ සහ ක්‍රීඩා නිලධාරීන්ගේ ඉදිරි සංවර්ධනය සඳහා අත්දැකීම් හුවමාරු කරගැනීමට ද මේ හරහා දෙපාර්හ්වයට අවස්ථාව උදාවනු ඇත.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් HE.Paul Stephens, එහි දෙවන ලේකම් (දේශපාලන) Ms Lara Sveinsson ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් ද සහභාගිවී සිටියහ. මෙම අත්සන් තැබීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පිහිටුවා ඇති ක්‍රිකට් කෞතුකාගාරයද නැරඹීමට විදේශ කටයුතු පිළිබඳ උප අමාත්‍යවරයා අමතක නොකළේය. විදේශ කටයුතු පිළිබඳ උප අමාත්‍යවරයා ක්‍රිකට් කෞතුකාගාරය නරඹන අවස්ථාව වනවිට මෙරටින් බිහිවුණු අග්‍රගණයේම පිතිකරුවා ලෙසින් සැලකෙන හිටපු නායක අරවින්ද ද සිල්වා මහතාද ඒ මහතා සමඟින් ක්‍රිකට් කෞතුකාගාරය නැරමීම සදහා එක්වී සිටියේය. අරවින්ද ද සිල්වා මහතාට අමතරව, ඇන්ජලෝ මැතිව්ස් සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන්ද එම අවස්ථාවට එක්ව සිටියහ. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට අමතරව එහි ලේකම් කේ. මහේසන් මහතා ඇතුළු අමාත්‍යාංශයේ හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගිවී සිටියහ.

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee