slc
logo
Home   |    News
ඔක්තෝබර් 3, 2023
දසුන් නැති තරගයේදී ශ්‍රී ලංකාව පන්දුවට  පහර දෙයි

sinhala editor

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන දෙවැනි පෙරහුරු තරගය හෙවත් ඇෆ්ගනිස්තානයට එරෙහි තරගයේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක ක්‍රීඩා නොකරන අතර කණ්ඩායම මෙහෙයවීම කුසල් මෙන්ඩිස් විසින් සිදුකරනු ඇත.

බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදී වම් අතේ වැළමිට ආශ්‍රිතව ඇතිවූ සුළු ආබාධිත තත්ත්වයක් හේතුවෙන් දසුන් අද තරගයට ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටියි. මේ අතර බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකා පිල තරග වැදි පුහුණු තරගයේදී දකුණු උරහිසේ වේදනාවක් හේතුවෙන් පිටියෙන් ඉවතට ගිය කුසල් ජනිත් පෙරේරා ද මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බැවින් අද තරගයට ක්‍රීඩා නොකරනු ඇත. එම තරගයේ පන්දුවට පහර දෙමින් සිටින අතරතුරදී අදාළ ආබාධය හේතුවෙන් කුසල් ජනිත් පිටියෙන් ඉවතට ගියේය.

මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව ගිය සැප්තැම්බර් 26 වැනි දින කණ්ඩායම සමග නොපැමිණි මහීෂ් තීක්ෂණ හෙට (04 වැනිදා) දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එකතුවීමට නියමිතව තිබේ.

ගුවාතිහි පැවැත්වෙන මෙම පුහුණු තරගයේදී කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන නායකයා පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියේය.

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee