slc
logo
Home   |    News
ඔක්තෝබර් 3, 2023
දෙවැනි පුහුණුවත් ශ්‍රී ලංකාව පරදියි

sinhala editor

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ගුවාහටි නුවර අද (03 වැනිදා) පැවැති පෙරහුරු තරගයේදී ශ්‍රී ලංකාව පරදා කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානු ක්‍රීඩකයෝ සමත්වූහ. මෙම පරාජය ශ්‍රී ලංකා පිල පෙරහුරු තරග වල ලද දෙවැනි පරාජය වීමද විශේෂත්වයක් විය. මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය සමග තරග වැදුණු නමුත් එම තරගයද පරාජයට පත්විය.

ලකුණු 295 ක ඉලක්කයක් හඹා යෑමේදී තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා එම ඉලක්කය පන්දුවාර 42 කදී ලකුණු 257 ක් ලෙසින් සංශෝධනය විය. කෙසේ වෙතත් ඉදිරි පෙළ පිතිකරුවන් සාර්ථකත්වයට පත්වීම නිසා සංශෝධිත ඉලක්කය කඩුලු 4 ක් පමණක් දැවී ගොස් තිබියදී සපුරා ගැනීමට ඇෆ්ගනිස්තානුවෝ සමත්වූහ.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි හිසරදයක් වුණු රාහ්මනුල්ලා ගුර්බාස් පන්දු 92 කට මුහුණ දෙමින් ලකුණු 119 ක් ලබා ගත්තේ තම ඉනිමට හයේ පහර 9 ක් සහ හතරේ පහර 8 ක්ද ඇතුළත් කර දමමිනි. අනෙක් ආරම්භක පිතිකරුවා වූ ඉබ්‍රහිම් සද්‍රාන් සමග ඉනිම ඇරැඹී ගුර්බාස් සද්‍රාන්ගේ දැවී යෑෆමන් පසු රාහමට් ෂා සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් 212 ක සම්බ්නධතාවත් පවත්වමින් ජයග්‍රහණය සඳහා වන අඩිතාලම එක් කළහ. මෙහිදී ෂා ද පන්දු 82 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් සමඟින් ලකුණු 93 ක් රැස් කළේය. මොවුන් දෙදෙනාම සෙසු පිතිකරුවන්ට පන්දුවටපහර දීමට අවස්ථාව ලබා දෙමින් පිටියෙන් ඉවත්වුණා හැරෙන්නට ශ්‍රි ලංකා කිසිදු පන්දු යවන්නකුට ඔවුනට අභියෝගය කළ නොහැකි විය.

කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තානු නායක හෂ්මතුල්ලා ශහිදිගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණඩායම වෙනුවෙන් ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වුණු කුසල් මෙන්ඩිස් ලකුණු 158 ක් ලබා ගත්තද සෙසු පිතිකරුවන් සිය සුපුරුදු රිද්මයට පැමිණීමට අපොහොසත්වීම නිසා පන්දුවාර 50 අවසන් වීමට පන්දුවාර 3 කුත් පන්දු 4 ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 294 කදී නිමාවට පත් වීය.

පන්දු 87 කට මුහුණ දුන් මෙම තරගයේ තාවකාලික නායකයා ලෙසින් කටයුතු කරන ලද කුසල් මෙන්ඩිස් සෙසු පිතිකරුවන්ට පන්දුවට පහර දීමේ අවස්ථාව විවර කර දෙමින් පිටියෙන් ඉවත් වුණා හැරෙන්නට ඔහුගේ ඉනිම බිඳ දැමීමට ප්‍රතිවාදීි එකම පන්දු යවන්නකුට හෝ නොහෙැකි විය.

නිත්‍ය නායක දසුන් ශානක පෙර තරගයේදී සුළු ආබාධයකට මුහුණ දීම හේතුවෙන් අද තරගයට සහභාගිවීමෙන් වැළකී සිටි අතර කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කුසල් මෙන්ඩිස් වෙත පැවැරී තිබිණ. ඒ අනුව ඉනිම ආරම්භ කළ දකුණතු හුරුබුහුටි පිතිකරුවා තම ශතකය ඉක්මවාගියේ මුහුණ දුන් 59 වැනි පන්දුවේදීය. ඉනිම හමාර කර දමා කුසල් පිටියෙන් ඉවත් වන විටත් ඔහුගේ ඉනිම හයේ පහර 9 කින් සහ හතරේ පහර 19 කින් සමත්ව සිටියේ ඉනිම සඳහා පන්දු 87 ක් පමණක් වැය කරමිනි.

කුසල් පිටියෙන් ඉවත් වන විටත් ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 30 අවසන් වීමටත් මත්තෙන් සටහන් වූයේ කඩුලු 2 කට ලකුණු 240 ක් වශයෙනි. සධීර සමරවික්‍රම සමඟ එක් වුණු මෙන්ඩිස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 131 කදී ගොඩනංවන ලකුණු සංඛ්‍යාව175 ක් විය. කුසල් මෙන් නොව තම සුපුරුදු රිද්මය ගොඩ නඟා ගැන්මට දැඩි වෙහෙසක් ගත් සධීර පන්දු 54 කදී ලකුණු 39 ක් ලබා ගත්තේය.

කුසල්ගේ නික්ම යෑමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම බේරාගත හැකි පිතිකරුවකු නොවීය. කුසල් මෙන්ඩිස් හමුවේ දැඩි ප්‍රහාරයකට ලක් වුණු රශීඩ් ඛාන් යවන ලද ගුග්ලි පන්දුවක් හමුවේ සධීර දැවී ගිය අතර අනතුරුව පන්දු යැවූ මොහොමඩ් නබී පිට පිට පන්දු 2 කදී චරිත් අසලංක (12) සහ දුනිත් වෙල්ලාලගේ (00) දැවී ගියහ. කෙසේ වෙතත් සධීරගේ දැවී යෑමෙන් පසු ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු 6 ම ලකුණු 37 ක් ඇතුළත බිඳ වැටිණ. ඒ අතරින් ලකුණු 15 සීමාව ඉක්මවා ලීමට සමත් එකම පිතිකරුවා වූයේ ධනංජය ද සිල්වා වන අතර හේ පන්දු 31 කට මුහුණ දී ලකුණු 22 ක්  ලබා ගත්තේය.

කුසල් පෙරේරා නොමැතිකමින් අද දිනයේදී පැතුම් නිස්සංක සමඟින් ඉනිම අරඹන ලද්දේ දිමුත් කරුණාරත්න වන නමුත් ඔහුට වැඩි වේලා කඩුල්ලේ රැදී සිටීමට මුජිබූර් රෙහ්මාන් අවස්ථාව ලබා නොදුන්නේය. කඩුලු රැකි රාහ්මනුල්ලා ගුර්බාස් විසින් උඩ පන්දුවක් රැක ගැනීම නිසා දිමුත් දැවී ගියේ ලකුණ 08 ක් ලබා සිටියදීය.

පැතුම් නිස්සංක             ඇ.නූර් අහමඩ්                     ප.අබ්දූල් රෙහ්මාන්         30

දිමුත් කරුනාරත්න        ඇ.රාහ්මනුල්ලා ගුර්බාස්      ප.මුජීබූර් රෙහ්මාන්         08

කුසල් මෙන්ඩිස්             පිටියෙන් ඉවත්වුණා                                                158

සධීර සමරවික්‍රම                                                       ප.රශීඩ් ඛාන්                   39

චරිත් අසලංක               ඇ.ඊබ්‍රහිම් සද්‍රාන්                  ප.මොහොමඩ් නබී         12

ධනංජය ද සිල්වා           ඇරශීඩ් ඛාන්                       ප.නවීන් උල්හක්            22

දුනිත් වෙල්ලාලගේ       ඇ.රාහමට් ෂා                      ප.මොහොමඩ් නබී            0

දුෂාන් හේමන්ත                                                        ප.මොහොමඩ් නබී            0

ළහිරු කුමාර                  ඇ.රශීඩ් ඛාන්                      ප.මොහොමඩ් නබී            1

කසුන් රජිත                                                              ප.ෆසල්හක් ෆරුකි            1

ඩිල්ෂාන් මදුශංක           නොදැවී                                                                       0

අතිරේක                                                                                                          18

එකතුව පන්දුවාර 46.2 කදී සියලු දෙනා දැවී ලකුණු                                      294

කඩුලු වැටීම / 1-30 (දිමුත් 5.3), 2-82 (නිස්සංක 12.4), 3-240 (කුසල් මෙන්ඩිස් 29.6), 4-257 (සධීර 34.3), 5-271 (අසංක 38.4), 6-271 (දුනිත් 38.5), 7-282 (හේමන්ත 42.3), 8-290 (ළහිරු 44.3), 9-294 (ධනංජය 45.6)

පන්දු යැවීම

ෆසාල්හක් ෆරුකි 6.2-1.27-1  මුජීබ් උර් රෙහ්මාන් 7-1-25-1      වීන් උල් හක් 7-0-41-1 අස්මාටුල්ලා ඔමාරිසායි 3-0-40-0 අබ්දූල් රෙහ්මාන් 4-0-39-1 නූර් අහමඩ් 4-0-26-0    රශීඩ් ඛාන් 7-0-42-1 මොහොමඩ් නබී 8-0-44-4

ඇෆ්ගනිස්තානය

රාහ්මනුල්ලා ගුර්බාස්     ඉනිම අතහැර දමා ගියා                                            119

ඊබ්‍රහිම් සද්‍රාන්                ඇ.ධනංජය ද සිල්වා            ප.කසුන් රජිත                   7

රාහමට් ෂා                     ඉනිම අතහැර දමා ගියා                                              93

මොහොමඩ් නබී            ඇ.කුසල් මෙන්ඩිස්              ප.ළහිරු කුමාර                 1

නජිබුල්ලා සද්‍රාන්           නොදැවී                                                                     15

අස්සාතුල්ලා ඔමර්සායි  නොදැවී                                                                     14

අතිරේක                                                                                                          12

එකතුව පන්දුවාර 38.1 කදී කඩුලු 4 ක් දැවී ලකුණු                                       261

කඩුලු වැටීම / 1-19 (සද්‍රාන් 6.4), 2-231 (ගුර්බාස් 31.6), 3-231 (ෂා 31.6), 4-නබී 33.6)

පන්දු යැවීම

කසුන් රජිත 7-3-18-1  ඩිල්ෂාන් මදුශංක 7-0-38-0      ළහිරු කුමාර 6-0-58-1

දුනිත් වෙල්ලාලගේ 8-0-61-0 ධනංජය ද සිල්වා 3-0-15-0 දුෂාන් හේමන්ත 6.1-0-58-0 චරිත් අසලංක 1-0-06-0

Active filters

Recent Posts

  • පැතුම්ගේ පිතිහරඹය විශිෂ්ඨයි – සනත් ජයසූරිය
    ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පන්දුවට පහර දුන් ආකාරය තමා ඉහළින්ම අගය කරන බවත් ඔහු පහරවල් එල්ල කරන විලාශය නැරැඹීම ද මහත් සතුටක් ගෙන දෙන්නක් බවත් ශ්‍රී […]
  • එස්.එස්.සී සහ කෝල්ට්ස් දක්ෂතා දක්වති
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අවුරුදු 23න් පහළ මේජර් අන්තර් සමාජ දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (09) ආරම්භ වු තරග අතුරින් එස්.එස්.සී. සහ කෝල්ට්ස් කණ්ඩායම් කැපී පෙනෙන දක්ෂතා […]
  • ශ්‍රී ලංකාව දශකයකට පසු එංගලන්තයේදී ටෙස්ට් ජයක් ලබයි
    එංගලන්තයට එරෙහි තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම දෙරට අතර තරගාවලිය 1-2 ක් ලෙස […]
  • ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තරග කණපිටි පෙරළති
    ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය වූ අද (08 වැනිදා) එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 156 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. […]
  • වැස්ස නිසා කාන්තා ඒ තරගය අතහැර දමයි
    ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගිව සිටින බංග්ලාදේශ කාන්තා ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම අතර අද (08 දා) පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ පළමු නිල නොවන එක්දින […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee