slc
logo
Home   |    News
ඔක්තෝබර් 2, 2023
ලීග් ක්‍රිකට් තරගාවලියට වැස්සෙන් තවදුරටත් බාධා

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් අද දිනයේ කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය හා හලාවත මේරියන්ස් අතර තරගයේ එක් පන්දුවක් හෝ යැවීමට නොහැකි වූ අතර, ඒස් කැපිටල් හා ගුවන් හමුදාව අතර තරගය අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් නවතා දැමීමට සිදු විය. ඒ වෙද්දී ඒස් කැපිටල් පිල ලබාගත් ගකුණු 202ට පිළිතුරු ලෙස ගුවන් හමුදාව කඩුලු 7ක් බිද වැටී ලකුණු 85ක් ලබා සිටියේය.

මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ පැවැති කෝල්ට්ස් – නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක සමාජය අතර තරගයේදී කාසියේ වාසිය දිනාගත් කෝල්ට්ස් පිල මුලින් පන්දුවට පහරදීමට නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක සමාජයට ආරාධනා කළ හෙයින් කඩුලු 1කට ලකුණු 96ක් ලබා සිටියදී යළී වර්ෂාව ඇද හැලීම හේතුවෙන් තරගය අතුහැර දැමීමට සිදු විය. තිලකරත්න සම්පත් නොදැවී 54ක් හා ඉන්දීය ජාතික මුර්ටාසා තෘන්කවාලා නොදැවී 35ක් ලබා සිටියහ.

මග්ගොන සරේ ක්‍රීඩා පිටියේ පැවැති කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය හා හලාවත මේරියන්ස් අතර තරගයත්, කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංණයේ පැවැති ඒස් කැපිටල් හා ගුවන් හමුදාව අතර තරගයත් යම් දුරකට හෝ පවත්වා ගැනීමේ හැකියාව ලැබුණි.

නිමාවූ සති අන්තයේ ආරම්භවීමට නියමිතව තිබූ හොරණ කලුතර යුද හමුදා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ බදුරලිය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගය, 30දා සිට ආරම්භ කිරීමට නියමිත වූ ශ්‍රී ලංකා යුද හමුදාව හා සීසීසී අතර සීසීසී පිටියේ තරගය, පානදුර හා ගාල්ල අතර පානදුර පිටියේ තරගය, කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය හා රාගම ක්‍රිකට් සමාජය අතර තර්ස්ටන් පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ තරගය, බීආර්සී හා මීගමුව අතර බීආර්සී පිටියේ පැවැත්වීමට නියමිත වූ තරගය, මුවර්ස් හා ටැමිල් යූනියන් අතර මුවර්ස් ක්‍රීඩා පිටියේ පැවැත්වීමට නියමිත වූ තරගය අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආරම්භ කිරීමට නොහැකිවී තිබේ.

ඒස් කැපිටල් – ගුවන් හමුදාව අතර තරගය කටුනායක නිදහස් වෙළද කලාප ක්‍රීඩාංගණයේදී

ඒස් කැපිටල් පිල පළමු ඉනිම කඩුලු 7කට ලකුණු 202යි ඉනිම අත්හිටෙව්වා (ඕවර් 59.4) මධුක ලිියනපතිරණගේ 78, සිතාර ගිම්හාන් 35, සකුන ලියනගේ 30, රොෂාන් ජයතිස්ස 31, වනුජ සහන් කුමාර නොදැවී 20 (ළසඳ රුක්මාල් 31/1, මොවින් සුබසිංහ 66/4, දනෝෂ් ද සිල්වා 54/1, ගීත් කුමාර 22/1)

ගුවන් හමුදාව පළමු ඉනිම කඩුලු 7කට ලකුණු 85යි (ඕවර් 33) මොවින් සුබසිංහ 24, ආදිත්‍ය සිරිවර්ධන නොදැවී 18, ප්‍රවීන් ද සිල්වා නොදැවී 16 ( මධුක ලිියනපතිරණගේ 9/1, රොෂාන් ජයතිස්ස 39/5, වනුජ සහන් කුමාර 29/1)

කුරුණෑගල තරුණ – හලාවත මේරියන්ස් අතර තරගය මග්ගොන සරේ පිටියේදී

කුරුණෑගල තරුණ පිල පළමු ඉනිම කඩුලු 3කට ලකුණු 68 (ඕවර් 15)
ගයාන් මනීෂාන් 10, දමිත් පෙරේරා නොදැවී 17, සනෝජ් දර්ෂික නොදැවී 27 ( තීක්ෂල ද සිල්වා 28/1, ලසිත් ලක්ෂාන් 24/2)

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee