slc
logo
Home   |    News
ඔක්තෝබර් 1, 2023
වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර තරගය මෙතෙක් ඕවර් 20කට පමණක් සීමාවූ අතර, අනෙක් තරග සියල්ල වර්ෂාවේ බාධා හේතුවෙන් ආරම්භ කිරීමට නොහැකිවී තිබේ.

මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන කෝල්ට්ස් – නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක සමාජය අතර තරගයේදී කාසියේ වාසිය දිනාගත් කෝල්ට්ස් පිල මුලින් පන්දුවට පහරදීමට නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක සමාජයට ආරාධනා කළ හෙයින් කඩුලු 1කට ලකුණු 96ක් ලබා සිටියදී යළී වර්ෂාව ඇද හැලීම හේතුවෙන් අද දෙවැනි දිනයේ තරගය නවතා දැමීය. මෙහිදී තිලකරත්න සම්පත් අර්ධ ශතකයක් වාර්තා කිරිමට සමත්ව සිටී.

නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක සමාජය වෙනුවෙන් පන්දුවට පහර දෙන තිලකරත්න සම්පත් පන්දු 66කට මුහුණදී හයේ පහරක් හා හතරේ පහර 5ක් සමග නොදැවී ලකුණු 54ක් ලබා සිටින අතර, ඉන්දීය ජාතික මුර්ටාසා තෘන්කවාලා පන්දු 50කට මුහුණදී හතරේ පහර 4ක් සමග නොදැවී ලකුණු 35ක් ලබා සිටී. ආරම්භක පිතිකරු ජේසන් පෙරේරා ලකුණු 4ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමට කවිෂ්ක අංජුල සමත්වීම බිදී ගිය එකම කඩුල්ල වේ.

ඊයේ (29) ආරම්භවීමට නියමිතව තිබූ තරග අතර, හොරණ කලුතර යුද හමුදා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ බදුරලිය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගය, මෙතෙක් ආරම්භවී නැති අතර, අද (30) සිට ආරම්භ කිරීමට නියමිත වූ ශ්‍රී ලංකා යුද හමුදාව හා සීසීසී අතර සීසීසී පිටියේ තරගය, පානදුර හා ගාල්ල අතර පානදුර පිටියේ තරගය, කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය හා රාගම ක්‍රිකට් සමාජය අතර තර්ස්ටන් පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ තරගය, බීආර්සී හා මීගමුව අතර බීආර්සී පිටියේ පැවැත්වීමට නියමිත වූ තරගය, මුවර්ස් හා ටැමිල් යූනියන් අතර මුවර්ස් ක්‍රීඩා පිටියේ පැවැත්වීමට නියමිත වූ තරගය අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආරම්භ කිරීමට නොහැකිවී තිබේ.

නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක සමාජය පළමු ඉනිම කඩුලු 1කට ලකුණු 96 (ඕවර් 20) – තිලකරත්න සම්පත් නොදැවී 54,  මුර්ටාසා තෘන්කවාලා නොදැවී 35 ( කවිෂ්ක අංජුල 11/1)

Active filters

Recent Posts

  • වසරක් ඇතුළත ඒස් කැපිටල් දෙවැනි ශූරතාවත් දිනයි
    අංක 10 පිතිකරු දනාල් හේමානන්ද (70) සමග එකතු වූ සසංක නිර්මාල් නොදැවී ලකුණු 106 ක් ද සමඟ නව වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 166 ක සම්බන්ධතාව හේතු […]
  • පළමු වතාවට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මාසයේ ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි
    අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තෝරාගනු ලබන සැප්තැම්බර් මසට අදාළ විශීෂ්ඨතම දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු නිර්දේශ වී තිබීම කැපී පෙනෙයි. තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් […]
  • සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු ධුරයට
    මෙතෙක් දිනක් ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරු ලෙසින් කටයුතු කළ සනත් ජයසූරියව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • පළමු වතාවට NSL එක්දින ශූරතාව කොළඹට
    CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු කොළඹ […]
  • චරිත්ගෙන් වාර්තාගත ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ද්විත්ව ශතකයක් වාර්තා කරන ලද  පළමු පිතිකරුවා බවට පත්වීමට කලම්බු නායක චරිත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee