slc
logo
Home   |    News
ඔක්තෝබර් 21, 2023
ශ්‍රී ලංකා යොවුන් පිලේ එක්දින තරගාවලිය හෙට ඇරැඹේ

sinhala editor

ශ්‍රී ලංකා යොවුන් පිලේ එක්දින තරගාවලිය හෙට ඇරැඹේපාකිස්තානයේ ක්‍රිකට් සංචාරයක නියැළෙන ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හෙට (22) සිට එක්දින සීමිත ඕවර තරග පහකට සහභාගි වීමට නියමිතය.
මේ එක්දින තරග පහම පැවැත්වෙනුයේ කරච්චි අගනුවර ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. කණ්ඩායම් දෙක අතර හෙට ආරම්භ වන මේ තරගාවලිය මේ මස 31 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් මේ දක්වා දස්කම් දක්වා සිටින ඉදිරිපෙළ පිතිකරුවන් වන්නේ සිනෙත් ජයවර්ධන, පළිඳු පෙරේරා, රවිෂාන් ද සිල්වා සහ හිරාන් ජයසුන්දරය.
පන්දු යැවීමේදී විශ්ව ළහිරු, මල්ෂා තරුපති, විහස් තෙව්මික සහ රවිෂාන් පෙරේරා දක්ෂතා අතර සිටිති.
තම රටෙහි ක්‍රීඩා කිරීමේ සහ තමන්ට සුපුරුදු තණතිලිවල ක්‍රීඩා කිරීමේ වාසිය තමන් සතු කරගෙන සිටින පාකිස්තාන යොවුන් කණ්ඩායම වෙනුවෙන් ලකුණු අතරම සිටින පිතිකරුවන් තිදෙනා වනුයේ ෂෂෙබ් ඛාන්, අෂාන් අවායිස් සහ ෂාඩ් බෙග්ය.
ඔවුන්ගේ පන්දු යවන්නන් අතුරින් අයිමල් ඛාන්, මොහමඩ් ඉබ්ටිෂාන්, අහමඩ් ඛාන් සහ මොහමඩ් ඉස්මයිල් දක්ෂතා අතර පසුවෙති.
කණ්ඩායම් දෙක අතර එක්දින තරග පහ මේ මස 22,24,26,29 සහ 31 යන දිනවලදී පැවැත්වීමට නියමිතය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee