slc
logo
Home   |    News
ඔක්තෝබර් 3, 2023
ශ්‍රී ලංකා යොවුන් පිල මේ මසදී පාකිස්තානයේ සංචාරයක

sinhala editor

පාකිස්තානු වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට එරෙහිව එක්දින සහ සිව්දින තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම ඔක්තෝම්බර් මස 12 වැනිදා පාකිස්තානය බලාපිටත්ව යනු ඇත. එම තරගාවලිය යටතේ එක සිවුදින තරගාවලියක් සහ පන්දුවාර 50 තරග 5 ක ඇතුළත් වේ. මෙම සියලුම තරග ඔක්තෝම්බර් 15 වැනිදා සිට 31 වැනිදා දක්වා කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

මෙම තරගාවලිය ඔක්තෝම්බර් 15 වැනිදා ආරම්භ වන සිවුදින තරගයෙන් ආරම්භ වන අතර එම තරගයෙන් පසු ඔක්තෝම්බර් මස 22 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වෙන ඇත.

2024 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් දෙපිළම යොදා ගනු ලබන මෙම තරගාවලියට ක්‍රීඩා කළ හැක්කේ 2004 වසරේ සැප්තැම්බර් මස 01 වැනිදා හෝ ඊට පසු උපන් ක්‍රීඩකයින්ට පමණි.

මෙම තරගාවලියේ මේ වසරේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහභාගිවනු ලබන සිව්වැනි තරගාවලිය වන්නේය. මීිට පෙර මෙම වසර මුලදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී සිව්කොන් තරගාවලියදට පසුව ඇෆ්ගනිස්තානයට එරෙහි තරග 2 කින් සමන්විත එක්දින තරගාවලියට සහභාගිවූ අතර අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණඩායම සමග සිය මව්බිමේදී සිව්දින සහ එක්දින තරගාවලියකට ක්‍රීඩා කළේය. එම තරගාවලියේ සිවුදින තරගාවලිය 1-0 ක් ලෙස ජය ගත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ එක්දින තරගාවලියද 2-1 ක් ලෙස ජය වාර්තා කළේය.

තරග කාල සටහන

ඔක්තෝම්බර් 15-18 – පළමු සිවුදින තරගය

ඔක්තෝම්බර් 22 – පළමු එක්දින තරගය

ඔක්තෝම්බර් 24 – දෙවැනි එක්දින තරගය

ඔක්තෝම්බර් 27 – තෙවැනි එක්දින තරගය

ඔක්තෝම්බර් 29 – සිවුවැනි එක්දින තරගය

ඔක්තෝම්බර් 31 – පස්වැනි එක්දින තරගය

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee