slc
logo
Home   |    News
ඔක්තෝබර් 24, 2023
පාකිස්තානු යොවුන් ක්‍රීඩකයෝ කරට කර

sinhala editor

පාකිස්තානයේ තරග සංචාරය නිරතව සිටින ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද දිනයේ සහභාගිවුණු දෙවැනි පන්දුවාර 50 තරගයෙන් ලකුණු 59 ක පරාජයක් පාකිස්තානු යොවුන් කණ්ඩායම හමුවේ අද (24 දා) අත්වින්දේය. තරග 5 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලියේ දෙවැනි තරගය ජය ගැනීමත් සමඟ තරගාවලිය 1-1 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සමග කරට කර සිට ගැනීමට සත්කාරක පාකිස්තානු යෞවනයෝ සමත්ව සිටිති.

කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු අවුරුදු 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 46.5 කදී ලකුණුු 254 කට සීමා කිරීමට ගරුක සංකෙත් සහ රුවිෂාන් පෙරේරා ප්‍රමුඛ ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නෝ සමත්වූහ. මෙහිදී කැපී පෙනුණු ගරුක සංකෙත් ලකුණු 38 කට කඩුලු 3 ක් දවා ගනිද්දී රුවිෂාන් පෙරේරා ලකුණු 48 කට කඩුලු 3 ක් දවා ගත්තේය.

පාකිස්තානු යොවුන් පිල වෙනුවෙන් අර්ෆත් මිින්හාස් පන්දු 66 කදී වේගවත් ලකුණු 95 ක් රැස් කරන ලද්දේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක්ද තම ඉනිමට ඇතුළත් කර ගනිමිනි. ආරම්භක පිතිකරුවා වූ ශම්ලි හුසේන්ද අර්ධ ශතකයක් ලබා දී සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් එක් කිරීමට දායකත්වය දැක්වූවේය.

ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් නව දෙනෙකුම ද්විත්ව ලකුණු සංඛ්‍යාවන් වාර්තා කිරීමට සමත් වූ නමුත්, ඒ කිසිවකුටත් දීර්ඝ ඉනිම ක්‍රීඩා කිරීමට නොහැකිවීම නිසා පහසුවෙන් ජය ගැනීමට තිබූ තරගයෙන් අනපේක්ෂිත පරාජයක් අත්විඳීමට අද සිදුවිය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගැනීම සමත්වූයේ ආරම්භක පිතිකරු පුළිඳු පෙරේරා වන අතර හේ ලකුණු 36 ක් රැස් කළේය. මැද පෙළින් පැමිණි රුවිෂාන් පෙරේරා සහ විහස් තෙව්මික ලකුණු 32 බැගින් ලබා ගත් අතර ඉන් විහස් තම ඉනිම නොබිඳිව තබා ගැනීමට සමත්වූවේය.

පාකිස්තානු අවුරුදු 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 46.5 කදී සියලු දෙනා දැවී ලකුණු 254 යි – (අර්ෆත් මින්හාස් 95, ශමිල් හුසේන් 53, සාද් බේග් 19, මුහමද් රියාස් උල්ලා 28, අහමඩ් හුසේන් 13, නවීඩ් අහමඩ් 15*, ගරුක සංකෙත් 38/3,රුවිෂාන් පෙරේරා 48/3,

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 43.4 කදී සියලු දෙනා දැවී ලකුණු 195 යි – (පුලිඳු පෙරේරා 36, සිනෙත් ජයවර්ධන 21, විශේන් හැළඹගේ 13, රවිෂාන් ද සිල්වා 32, දිනුර කලුපහන 19, සරුජන් ශම්මුගනාදන් 12, මල්ෂ තරුපති 10, විහස් තෙව්මික 43*, විශ්ව ළහිරු 13, උබායිද් ෂා 39/3, නවීඩ් අහමඩ් 20/2, අහමඩ් හුසේන් 42/3)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar