slc
logo
Home   |    News
ඔක්තෝබර් 21, 2023
ශ්‍රී ලංකා යොවුන් පිලේ එක්දින තරගාවලිය හෙට ඇරැඹේ

sinhala editor

ශ්‍රී ලංකා යොවුන් පිලේ එක්දින තරගාවලිය හෙට ඇරැඹේපාකිස්තානයේ ක්‍රිකට් සංචාරයක නියැළෙන ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හෙට (22) සිට එක්දින සීමිත ඕවර තරග පහකට සහභාගි වීමට නියමිතය.
මේ එක්දින තරග පහම පැවැත්වෙනුයේ කරච්චි අගනුවර ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. කණ්ඩායම් දෙක අතර හෙට ආරම්භ වන මේ තරගාවලිය මේ මස 31 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් මේ දක්වා දස්කම් දක්වා සිටින ඉදිරිපෙළ පිතිකරුවන් වන්නේ සිනෙත් ජයවර්ධන, පළිඳු පෙරේරා, රවිෂාන් ද සිල්වා සහ හිරාන් ජයසුන්දරය.
පන්දු යැවීමේදී විශ්ව ළහිරු, මල්ෂා තරුපති, විහස් තෙව්මික සහ රවිෂාන් පෙරේරා දක්ෂතා අතර සිටිති.
තම රටෙහි ක්‍රීඩා කිරීමේ සහ තමන්ට සුපුරුදු තණතිලිවල ක්‍රීඩා කිරීමේ වාසිය තමන් සතු කරගෙන සිටින පාකිස්තාන යොවුන් කණ්ඩායම වෙනුවෙන් ලකුණු අතරම සිටින පිතිකරුවන් තිදෙනා වනුයේ ෂෂෙබ් ඛාන්, අෂාන් අවායිස් සහ ෂාඩ් බෙග්ය.
ඔවුන්ගේ පන්දු යවන්නන් අතුරින් අයිමල් ඛාන්, මොහමඩ් ඉබ්ටිෂාන්, අහමඩ් ඛාන් සහ මොහමඩ් ඉස්මයිල් දක්ෂතා අතර පසුවෙති.
කණ්ඩායම් දෙක අතර එක්දින තරග පහ මේ මස 22,24,26,29 සහ 31 යන දිනවලදී පැවැත්වීමට නියමිතය.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee