slc
logo
Home   |    News
ඔක්තෝබර් 17, 2023
ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවෝ අසීරුතාවක

sinhala editor

පාකිස්තානයේ ක්‍රිකට් සංචාරයකට සහභාගි වී සිටින ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම එහි පැවැත්වෙන එකම සිව් දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේදී (16) පාකිස්තානු යොවුන් පිතිකරුවන් කඩුලු 9 ක් දැවී රැස් කළ ලකුණු 433 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ දිනය අවසන් වන විට කඩුලු 6 ක් ලකුණු 155 ක් ඇතුළත දවාගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ සමත්වී සිටියහ.

ප්‍රථම දින (15) තරගය නිමා වන විට පාකිස්තාන අවුරුදු 19න් පහළ කණ්ඩායම කඩුල්ලක් පමණක් දැවී ලකුණු 319ක් ලබා ප්‍රබලම තත්ත්වයක පසු වුවත් අද (16) දිනයේ ඔවුනගේ නව වන කඩුල්ල දැවී ගියේ ලකුණු 433ක් සඳහන් වෙද්දීය. ඒ සමගම ඔවුන් ඉනිම හමාර කොට පන්දුවට පහරදීමේ වාරය ශ්‍රී ලංකා යොවුන් පිලට ලබා දුන්නේය.

ඔවුනගේ දෙවන කඩුල්ලේ පිතිකරුවන් දෙදෙනා ෂෂෙබ් ඛාන් (161) සහ නායක ෂාඩ් බෙග් (68) ලකුණු 108 සබඳතාවය අද (16) උදෑසන නිමා වූයේ මුළු ලකුණු 336ක් සඳහන් වෙද්දීය. එතැන් පටන් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන් අතුරින් මල්ෂා තරුපති (75/3) රවිෂාන් පෙරේරා (44/2) සහ විහස් තෙව්මික (105/2) විශිෂ්ට ලෙස පන්දු යවමින් පාකිස්තාන යොවුන් මැදපෙළ සහ අගපෙළ පිතිකරුවන් අට දෙනාම ලකුණු විස්සකට අඩුවෙන් සීමා කිරීමට වගබලා ගත්හ.

ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ දැවී ගිය පිතිකරුවන් හය දෙනාගෙන් තිදෙනකුම දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවය.

මෙදින තරගය නිම වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හතරක් ඉතිරිව පාකිස්තාන මුල් ඉනිමට වඩා ලකුණු 278ක් පිටු පසින් සිටියේය. ශ්‍රී ලංකා ඉනිමේ දක්ෂතම පිතිහරඹය දක්නට ලැබුණේ අංක හය පිතිකරු පුළිඳු පෙරේරා මෙදින නොදැවී රැස් කළ අර්ධ ශතකයෙනි. පුළිඳු පන්දු 71කට මුහුණ දී හතරේ අටක් සමඟ තරගය නිම වන විට නොදැවී ලකුණු 53ක් ලබා කඩුල්ලේ රැඳී සිටියේය. අනෙක් අන්තයේ කඩුලු රකින්නා වන හිරාන් ජයසුන්දර ලකුණු 22 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියේය.

නායක සිනෙත් ජයවර්ධන ද දක්ෂතා අතර සිටිමින් පන්දු 45කට පමණක් මුහුණ දී ලකුණු 38ක් රැස් කළේ හතරේ පහර හතක් ද සමඟය. සිනෙත් ජයවර්ධන සහ රවිෂාන් ද සිල්වා පළමු කඩුල්ලට ලකුණු 51ක් රැස් කිරීමට සමත් විය. මේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් රවිෂාන් ද සිල්වා ලකුණු 11ක් පමණක් ලබා ගත්තේ දීර්ඝ වේලාවක් කඩුල්ලේ සිටිමින් පන්දු 52කට මුහුණ දී හතරේ පහරක් ද එල්ල කරමිනි.

පාකිස්තාන පන්දු යවන්නන් අතුරින් කැපී පෙනුණු මොහමඩ් ඉස්මයිල් ලකුණු 39කට දවාලු කඩුලු සංඛ්‍යාව දෙකකි.

පළමු දින තරගය නිම වන විට නොදැවී ලකුණු 152ක් ලබා සිටි ෂෂෙබ් ඛාන් අද ලකුණු 161කට දැවී ගියේ විහස් තෙව්මික එවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනි. ෂෂෙබ් ඛාන් පන්දු 276කට මුහුණ දී හතරේ 12ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 161ක් ලබා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විණි.

නායක ෂාඩ් බෙග් ලකුණු 68ක් ලබා සිටිය දී කුලරත්නගේ පන්දුවකට මල්ෂා තරුපති උඩ පන්දුවක් රැක ගැනීමෙන් දැවී ගියේය. ඔහු පන්දු 70කදී හතරේ හයක් සහ හයේ පහරක් ලබා දැවී ගියේ අද උදෑසනය.

පාකිස්තාන අවුරුදු 19න් පහළ පිල මුල් ඉනිම පන්දුවාර 121.3 කදී කඩුලු 9ට ලකුණු 433 යි – (ෂෂෙබ් ඛාන් 161, අසාන් අවායිස් 104, සාඩ් බෙග් 68, වහාජ් රියාස් 18, අරෆට් මින්හාස් 17, මල්ෂා තරුපති 75/3, රවිෂාන් පෙරේරා 44/2, විහස් තෙව්මික 105/2, විශ්ව ළහිරු 68/1)

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම මුල් ඉනිම පන්දුවාර 56කදී කඩුලු 6ට ලකුණු 155 යි – (පුළිඳු පෙරේරා නොදැවී 53, සිනෙත් ජයවර්ධන 38, හිරාන් ජයසුන්දර නොදැවී 22, රවිෂාන් ද සිල්වා 11, මොහමඩ් ඉස්මයිල් 39/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee