slc
logo
Home   |    News
නොවැම්බර් 8, 2023
ඒස් කැපිටල් පිලට කඩුල්ලක ජයක්

sinhala editor

මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පසුගිය 5 -7 දිනවල පැවැති තරග අතුරින් ඒස් කැපිටල් කණ්ඩායම තියුණු තරගයකින් පසුව කඩුල්ලකින් මුවර්ස් පරාජය කිරීමට සමත් විය.
තවත් තරග අටක් ජය පැරැදුමින් තොරව නිමාවට පත් වූ අතර තරග රැසකටම වර්ෂාවෙන් බාධා ඇති විණි.
මේ තරගාවලියේ තවත් තරග කිහිපයක් මේ මස 10 -12 යන දිනවලදී පැවැත්වීමට නියමිතය.
• එස්.එස්.සී. – පානදුර තරගයේ විසඳුමක් නෑ
ජය පරාජයෙන් තොරව නිම වූ මේ තරගයේ විශේෂ සිදුවීම වූයේ එස්.එස්.සී. ආරම්භක පිතිකරු ෂෙවෝන් ඩැනියල් නොදැවී ලකුණු 137ක් රැස් කිරීමය.
එස්.එස්.සී. මුල් ඉනිම කඩුලු 3ට 237 (පන්දුවාර 49යි) – (ෂෙවෝන් ඩැනියල් නොදැවී 137, අවිශ්ක ප්‍රනාන්දු 36, නිපුන් ධනංජය 18, අසේල සම්පත් 62/2
පානදුර මුල් ඉනිම කඩුලු 6ට 93යි (පන්දුවාර 23යි) – (සුඛිත මනෝජ් නොදැවී 36, සමර්ත් සෙත් 24, නිසල තාරක 14/2, ප්‍රභාත් ජයසූරිය 47/2)
• ඒස් කැපිටල් කඩුල්ලකින් මුවර්ස් පරාජය කරයි
ඒස් කැපිටල් කණ්ඩායමට මේ තරගය ජය ගැනීමට දෙවන ඉනිමේදී ලකුණු 131ක් අවශ්‍ය වූ අතර වර්ෂාවපතිත වීමට ආසන්නයේදීම ඔවුන් කඩුලු නවයක් දැවී ලකුණු 131ක් රැස් කර ජය ගත්තේ කඩුල්ලකිනි.
මුවර්ස් මුල් ඉනිම 159 – (රමේෂ් මෙන්ඩිස් 45, පසිඳු සූරියබණ්ඩාර 17, මොහමඩ් ෂමාෂ් 17, වනුජ සහන් 49/4, රොෂාන් ජයතිස්ස 50/3යි)
ඒස් කැපිටල් මුල් ඉනිම 181 – (පවන් වීරසිංහ 63, සිතාර ගිම්හාන් 26, රමේෂ් මෙන්ඩිස් 34/3, ප්‍රවීන් ජයවික්‍රම 48/3)
මුවර්ස් දෙවන ඉනිම 159 (පන්දුවාර 39.2) – (සොහාන් ද ලිවේරා 47, මොහමඩ් ෂමාෂ් 42, රමේෂ් මෙන්ඩිස් 33, වනුජ සහන් 53/6
ඒස් කැපිටල් දෙවන ඉනිම කඩුලු 9ට 131 (පන්දුවාර 38.5යි) – (රොෂාන් ජයතිස්ස 40, සකුන ලියනගේ නොදැවී 25, තනුක දාබරේ 17, රමේෂ් මෙන්ඩිස් 50/5, මිලාන් රත්නායක 17/2, ප්‍රවීන් ජයවික්‍රම 40/2යි)
• ගෝල් – කැන්ඩි කස්ටම් තරගයේ විසඳුමක් නෑ
අයහපත් කාලගුණය මත එකම කණ්ඩායමකටවත් මුල් ඉනිමේ ජයග්‍රහණයක් හෝ අත්කර ගැනීමට නොහැකි විණි.
ගෝල් මුල් ඉනිම සියල්ල දැවී 183 (පන්දුවාර 61.3යි) – ඕෂද ප්‍රනාන්දු 70, හර්ෂ විතානගේ 42, විශ්ව විජේරත්න 27, ගයාන් සිරිසෝම 51/5, බුද්ධික සංජීව 44/3යි)
කැන්ඩි කස්ටම් මුල් ඉනිම කඩුලු 5ට 103යි (පන්දුවාර 28යි) – සධීර කඳනආරච්චි 45, සදීෂ් ජයවර්ධන 21, සහන් කෝසල 21, සචිත්‍ර පෙරේරා 49/2)
• ගුවන් හමුදා – පොලීසිය තරගය තියුණු ගැටුමකින් පසු විසඳුමකින් තොරව නිම වේ.
පොලීසියට මේ තරගයෙන් ජය ලැබීමට ගුවන් හමුදාව දෙවන ඉනිමේදී ලකුණු 276ක ඉලක්කයක් ලබාදුන් අතර තරගය නිම වන විට පොලීසිය සිය දෙවන ඉනිම සඳහා කඩුලු හයකට ලකුණු 218ක් ලබා ප්‍රබල පිළිතුරක් සැපයීය.
ගුවන් හමුදාව මුල් ඉනිම 255යි – (චානක රුවන්සිරි 85, කෙමිර විජේනායක 54, ගීත් කුමාර 40, මොවින් සුබසිංහ 34, මාලින්ද පුෂ්පකුමාර 92/5යි)
පොලීසිය මුල් ඉනිම 101 – (ධනුජ ඉඳුවර 45, මොවින් සුබසිංහ 36/5)
ගුවන් හමුදාව දෙවන ඉනිම කඩුලු 8ට 122 (පන්දුවාර 44.4යි) – (ගීත් කුමාර 43, විහංග රුවන් 23, චානක රුවන්සිරි 16, නලින් ප්‍රියදර්ශණ 65/5, මලින්ද පුෂ්පකුමාර 31/3
පොලීසිය දෙවන ඉනිම කඩුලු 6ට 218 (පන්දුවාර 40.4) – (අෂේන් බණ්ඩාර 102, ධනුජ ඉඳුවර 23, සුපුන් මධුශංඛ 25, මොවින් සුබසිංහ 43/2යි)
• එන්.සී.සී. – බදුරලිය ජයපරාජ නෑ
ජය පැරැදුමින් තොරව නිම වූ මේ තරගයේදී එන්.සී.සී. දෙවන ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ළහිරු උදාර පන්දු 85කදී හතරේ දහයක් හයේ පහර හයක් සමඟ ලකුණු 123ක් රැස් කිරීමට සමත් විය.
එන්.සී.සී. මුල් ඉනිම 301යි – (උපුල් තරංග 92, කවීන් බණ්ඩාර 60, නිරෝෂන් දික්වැල්ල 34, ළහිරු උදාර 32, චානක කොමසාරු 97/5, පර්විස් රසුල් 150/4යි)
බදුරලිය මුල් ඉනිම පන්දුවාර 92කදී 273යි – (රමේෂ් සිල්වා 57, අනුක් ප්‍රනාන්දු 58, අදිල් රෙෂි 51, පර්විස් රසුල් 58, ලසිත් ඇඹුල්දෙණිය 108/4, සම්පත් නිශාන් 57/2)
• ටැමිල් යුනියන් – චිලව් මේරියන්ස් තරගය ජයපරාජ නෑ
ටැමිල් යුනියන් කණ්ඩායමේ දෙවන ඉනිමේදී ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන පන්දු 85කදී හතරේ හයක් හයේ තුනක් සමඟ ලකුණු 85ක් රැස් කිරීමට සමත් විය. මේ තරගය ද නිම වූයේ ජය පැරැදුමින් තොරවය.
ටැමිල් යුනියන් මුල් ඉනිම 248යි – (රවිඳු ප්‍රනාන්දු 90, දිලුම් සුධීර 45, රොන් චන්ද්‍රගුප්ත 29, රජිඳ පුංචිහේවා 50/7, ලසිත් ලක්ෂාන් 49/3)
චිලව් මේරියන්ස් මුල් ඉනිම 206 – (කසුන් විදුර 60, විශ්ව චතුරංග 28, ලසිත් ලක්ශාන්ත 25, ශිරාන් ප්‍රනාන්දු 33/3, දිලුම් සුධීර 52/3)
ටැමිල් යුනියන් දෙවන ඉනිම කඩුලු 7ට 216 (පන්දුවාර 39.1යි) – (නවෝද් පරණවිතාන 85, කමේෂ් නිර්මාල් 63, රොන් චන්ද්‍රගුප්ත 26, චමෝද් සඳරු 49/5, ඉරුෂ්ක තිමිර 22/1යි)
චිලව් මේරියන්ස් දෙවන ඉනිම කඩුලු 3ට 51යි (පන්දුවාර 11යි) – (විශ්ව චතුරංග 20, රවීන් යසස් නොදැවී 14, දිලුම් සුධීර 15/2)
• සී.සී.සී. – කෝල්ට්ස් තරගයේ විසඳුමක් නෑ
මුලින් පන්දුවට පහරදෙන සී.සී.සී. කණ්ඩායම දෙවන දින තරගය නිම වන විට කඩුලු පහකට ලකුණු 140ක් ලබා සිටියේය. ආරම්භක පිතිකරු ලසිත් කෘස්පුල්ලේ ලකුණු 62ක් ලබා අර්ධ ශතකයක් ලැබීය. තෙවන දින තරගය නොපැවැත් විණි.
සී.සී.සී. මුල් ඉනිම කඩුලු 5ට 140 (පන්දුවාර 34) – (ලසිත් කෘස්පුල්ලේ 62, පවන් රත්නායක නොදැවී 18, චමිඳු විජේසිංහ 19, සහන්සුන්දර් ක්‍රිෂ්ණන් 54/3, අකිල ධනංජය 34/2)
• නිගම්බු – නුගේගොඩ තරගය ජයපරාජ නෑ
නුගේගොඩ මුල් ඉනිමේදී ආරම්භක පිතිකරු තිලකරත්න සම්පත් පන්දු 202කදී හතරේ හතරක් හයේ පහක් සමඟ ලකුණු 133ක් ලැබීය.
නිගම්බු මුල් ඉනිම 268 (පන්දුවාර 102) – (ජේටින් සක්සේනා 77, හිමාෂ ලියනගේ 42, පසිඳු ලක්ශංඛ 35, මාධව වර්ණපුර 36, සුවත් මෙන්ඩිස් 32/4, දිල්ෂාන් අබේසිංහ 35/3)
නුගේගොඩ මුල් ඉනිම 179 (පන්දුවාර 67.5) – (තිලකරත්න සම්පත් 133, චනුර ප්‍රනාන්දු 36/3, ජේටින් සක්සේනා 8/2)
නිගම්බු දෙවන ඉනිම කඩුලු 1ට 26 (පන්දුවාර 12) – (ඇන්ජලෝ ජයසිංහ නොදැවී 14, පසිඳු ලක්ෂාන් නොදැවී 12)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee